නල සහ දමයන්ති/පළමුවැනි පරිච්ඡේදය/6
“ දිව්යන ගන්ධර්වයන් ඒ නල රජු ගේ යශෝ ගීතයන් ගයන කල්හි අසුර යුද දිනීමෙන් පැමිණි අභිමානය ඇති දේවයෝධයෝ හිස නමා ගනිති. “ ලොව උසස් ම හිමියකු ලදිමි යි අහංකාර පරමග වීරතී තොමෝ නල රජුගේ රූපශ්රී ය දැක බැගෑ සිතින් කල්යවන්නීය යි හගිමි ” “ මග නුවණින් ලොව පතල සුරගුරු තෙමේ නලරජුගේ ප්රනඥා පාටමග ඇසීමෙන් දැන් ලෝක නිර්මාතෘ වූ මහා බ්රරහ්මයා කෙරෙහි වෛර කෙරේදැ යි නො දනිමි. “ ඇයැදීමෙන් තොරව ම ඒ රජුගෙන් යස ඉසුරු ලබන නිෂද දෙශවාසීහු කජරුගින යැද යැද යස ඉසුරු ලබන දෙව්ලෝ වැසියනට වඩා තමන්ගේ උත්කර්ෂය සලකති. ” “ වැඩියක් කුමට කියමද ? ගාම්භීර්යය , ප්රවතාපය , ත්යාගය , කරුණාය , මෛත්රී ය , ප්රනඥාය , දේශශක්තිය , රූපශ්රීිය යන මෙකී සියල්ල එක්කොට ඔහු විසින් මවාලුවකු මෙන් ඒ කල රාජ තෙමේ විජාම්භිත වෙයි. ” “ එ තුමන් ගේ අවශෙෂ ගුණ සමූහය තිබියේවා. එකම දේහ ශ්රි, සාර විලාසය ගැන සලකා බැලූ මට වැටහී ගිය කරුණ නම් “ අබිතීය වූ ඒ පුරුෂ රූපය හා එක්තැන් කොට සැලකිය හැකි එක ම වනිතා රූපය නම් පින්වත් දමයන්තිය මෙණකි ” යනු යි. කාලිදාසයන් ගේ උපමා විලාසයත් , දණ්ඩින් ගේ පද මාධූර්යයත් , සඵල වූ පණිවුඩය ක්ෂ්යමෙන්ද්රණයන් ගේ ප්ර්සාද ගුණ යත් භාරවින් ගේ අර්ථ ගෞරවයත් එක් කොට හැනුවාක් වැනි විචිත්රර මාඞිමාලාවෙන් සරහන ලද හංසරාජයා ගේමේ නල වෘත්තාන්තය අසන් අසත් ම දමයන්තී ගේ සිත සඳ රැසවන් කිරිසයුර මෙන් ඔද වැඩුණේය. හංසයකුගෙන් බලාපොරොත්තු