අමාවතුර/පසළොස්වන පරිචේජදය
15. පරිච්ජේදය
ආළවක දමනය
editආළවක නම් යක්ෂයා දැමු පරිදි කිසේ ය? යත්:-අළව් නම් රට අලව් නම් නුවර අළව්නම් රජෙක් වි. හේ නවපිරිස් පිරිවරා විඳුනා ගැටුම් ගඳැවු1 පියා, සොරුන් පිළිබහනු සදහා දු ප්රාතිපක්ෂ රජුන් වළකනු සදහා දු, ව්යාසයාම කරුණු සදහා දු. සත් සත් දවසින් මුවදඩ යනුයේ. එක්දවසක් බලයෙහි2 ඇත්තනට “යමක්හු සිටි දසායෙන් මුවගොත් පලාගියේ වී නම්. ඒ උහු ම භාර ය”යි ියැ. එකල්හි රජුසිටි දසායෙන් මැ මුවගොත් පැලෑ යැ. ජව ඇති රජ දුන්න ගෙණ පසිත් මැ තුන් යොජනක් තැන් මුවා ගිහිබැඳ ගෙන ගියේ. ඉළුමුවෝ වනාහි තුන් යොජනකට ජව ඇත්තාහ. හේ එකල්හි හි ගිය ජව ඇති ඉළුමුවා දියට වැද සිටියහු මරා දෙකඩ කොට සිඳ. තමහට මින් කම් නැතද, ‘මුවා නොගත හින’ යන අපවාද මුදනු සදහා, කදින් ගෙන එන්නේ නුවරට නුදුරු තන්හි ගනබහල පත් ඇති මහත්නුගයක් දැකැ පරිදාන නිවනු සඳහා ඒ රුක්මුලට ගියේ.
ඒ නුගරුක අළවියක් වෙසමුණු රජහු කෙරෙන් භවනය ලදින් හිරිමුඳුනෙහි ඒ රුක්සේයෙක් පහළ පියෙසට වන් වන් සතුන් කමින් වෙසෙයි. හේ ඔහු දැකැ කන්නට ලඟ විය. රජ එහුහට “මා නො කා. මම තට දවසැ දවසැ මිනිසකුඳු බත්තලියකු2 දු දී එවමි”යි කි යැ යක් ‘තෝ රජඉසුරුයෙන් පමා වැ4 මා සදහන් නො කෙරෙ යි. මම වනාහි බවනයට නො වන්නනුදු නොගිවිසුසනුදු කනු නො ලැබෙමි. එබැවින් මම නා නො යා දෙමි”යි කියැ. රජ “යම් දවසක් නොදි එවීමි නම් එදවස් රජගෙට ගොස් මා කයි” කියැ. ‘ඉතා මැනැවැ”යි යක්ෂයා අවසර දුන් කල්හි නුවර බලාගියේ. රජ බලය මග කඳවුරුබැද සිටැ. රජු දැකැ “කිම, මහරජ4 අයශස් බා මෙසේ දුක් වින්ද?”යි කියමින් පෙරමඟට ගොස් රජු පිරිවැරූහු.
1.ගදවු 2.බැලයෙහි 3. සැළියනුදු 4.ඉසුරුපමාව 5.දැක මහරජ 6.විඳුතියි.
ආලවක දමනය 167
රජ එපවත් නො කියා1 නුවර වැදැ බත් කා නුවරලද්දා කැඳවා එපවත් සැල කෙළේ. නුවරලඳු “කිම,මහරජ, කල් පිරිසුන්නේ දැ?”යි කිය. රජ ‘පිරිකැපු දැ නැතැයි” කි ය. “මහරජ වැරදටුව. යක්ෂයෝ පිරිකැපු පමණක් ම ලැබෙති. නො පිරිකැපු කලැ රටවැස්සනට පීඩා යැ. මැනැවැ, මහරජ කිසිසෙයකින් තෙපි මෙසේ කළාහු නම්, එතැන සිතිවිලි නැතිවැ2 රජසුව අනුබව කරව. මම එයට කල මතා දැ කෙරෙමි” බීණිය. හේ වෙලා ඇතිකල මැ නැගි දගගෙදොර සිටැ යම් කෙනෙක් මරැ හුනුවාහු ද, ඔවුන් සඳහා “යමෙක් දිවි කැමැත්තේ ද, හේ නික්මෙව”යි බෙණෙයි. යමෙක් පළමු නික්මිති ද, හේ නික්මෙව”යි බෙණෙයි. යමෙක් පළමු නික්මිනි ද, ඔහු ගෙට ඇරැ නහවා බත් කවා “මේ බත්සැල යක්හට දෙ”යි නඟා යවයි. උහු රුක්මුල වත් විගස ම සක් භයානක වෙසින් මුලපලාකලඹක් සෙයින් කයි. යක්ෂානුබාවයෙන් මිනිසුන්ගේ කෙහෙ පටන් ගෙන සියල්සිරිරැ වෙඬරු පිඩක් වැනි වෙයි. යක්හට බත් ගෙන්වාගෙන ගිය මිනිස්සු උහු දැකැ බියපත් වැ තමන් තමන් මිත්රගයනට කීහු.
එතන පටන්ගෙන ‘රජ සොරුන් ගෙන යක්හට දෙ”යි මින්ස්සු සොරකැමින් දුරු වුහ. එයින් උත්තරයෙහි අයලින් වදනා සොරුන් නැතිවන බැවින්. පරන සොරුන් හිගිය4 වන බැවින් දගගෙය සිස් වියැ. එකල්හි නුවර ලදු රජහට කිය. රජ තමාගේ ධන නුවරැ කෝවේමාවේහි තබාපිය: ‘ලොභයෙන් ගන්නා කෙනෙක් වු නම් මැනැ නො’යි5 කියා ය. එහි පසිනුදු පහරනහු නැති. හේ සොරැන් නොලබන්නේ ඇමැත්තනට කියැ. ඇමැත්තෝ “කුලපිළිවෙළින් එකෙකි මහලු මිනිසුන් ගෙන නඟා යවම්හ”යි කිහ. රජ “නුවරවැස්සෝ ‘රජ අප පියත් අප මුත්තන් ගන්ති’ ගිගිරි කෙරෙති. හේ මට නො ‘රිස්සි”යි වැලි. “ඔස. මහරජ. පිටින් මිස නොහොත හෙන6 දරුවන් දි යවම්හ. ඔවුන්ට ‘අප මවුපියෝ ‘යැ යන සතා නැති” කීහු . රජ අනුදත. එහු එසේ කොලෝ. නුවුර දරුවන් මවුහුදු දරුවන් ගෙන.ගැයි7 ලියෝ ද පලාගොස් පරරට දරුවන් විය පත් කල්හි ගෙන එති. එසේ දොළොස් හවුරුද්දෙක් ගියේ.
එයිත් උත්තරයෙහි එක්දවසක් සියලු නුවර සොයා එක් දරුවකු දු නොලදින් “මහරජ, ඇතුළුරජගෙයි තපුතු අළව් රජකුමරහු තබා නුවර දරුවෝ නැති”කිහැ. “යම් කෙනෙක්නට
1.එපවත් කියා.2.නැතිව කළාහු වේ 3.අය පිලින් 4.මු හිවර 5. කෙනෙක් නම් කිසි (සේ) දැනෙයි. 6.නොහොතැහෙන 7.ගැඹි 8.සාවකු.
168 අමාවතුර
තමා අත්පෙම් හා සම පෙම් ඇත්තෝ නො වෙයි. යව. ඔහුද් දි යවා මා දිවි රක්ව”යි කිය. එකල්හි අළව් කුමරහු මවු පුතු නහවා පහයින් ගන්වා දුහුල් සුඹුළියෙන් ගෙණ ඔර හොවාගෙණ හින්නීය. රාජපුරුෂයෝ රජහුගේ යෙදෙමින් අවුදු සොලොස් දහසක් නළුවනුදු වලප්වා කිරිමවු හා සමඟ “සෙට දවස් යක්හට බත් වෙ”යි හැරගෙණ ගියෝ.
එදවස් බුදුහු දෙව්රම්මහවෙහෙර මහගඳකිළියැ අලුයම්හි මහකුළුණුසමවත් සමවැඳ බුදුඇසින් ලොව බලන්නාහු අළව් කුමරහු අනගැමිවන්නට උපතිශ්රනය ඇතියේ2. යක්ෂයා සෝවාන් වන්නට නිසිසේ, දෙසුන් අවසන්හි සූවසුදහසක් දෙනා අධිගම් කරන සේ දැකැ.පාත්වු කල පෙරබත්කිස පස්බත්කිස නිමවා ගුණු3 පොහෝ දවස් හිරු ඵප්සුනුකල හුදෙකලා වැ පාසිවුරු ගෙණ පා ගමනින් සැවැත්නුවරින් තිස්යොදුන් ගොස් ඒ යක්හුගේ භවන ඇද්ද. ඒ රුක්මුල් හි වුසුහ හෝ නොහොත් බවනයෙහිම වුසුහ හෝ? යත්:-භවනයෙහිමැ වුසුහු. යම්සේ යක්හු තමන්ගේ භවන දක්ත් ද. එසෙයින් මැ බුදුහුදු දකිත් ඔහු එයට ගොස් විමන්දොර වැඩ සිටියහ. එකල්හි අළව්යක් හිමවියෙහි යක්ෂ සමාගමයට ගියේයැ.
එසද ආළවකයාගේ ගෙදොර රක්නා ගද්රිභ නම් යක් බුදුන් කරා එළබ වැඳැ “කිම් වහන්සේ,මෙයට විකාලයෙහි වැඩිදෑ නො?” කි යැ. “ගද්ර භය, කළ මනා දැයකට ආම්හ ඉදින් තට නො බර වී නම්, එක් රැයක් ආලවකයාගේ භවනයෙහි වසම්හ”යි වදාළහ. “වහන්සේ. මට නො බර අනෙකක් මත්ත. එ යක් කැකුල. පරුෂය. මවුපියනුදු පවා නො වදි. වහන්සේ මෙහි වසනු මට නො රිස්සි” යි කි යැ “ගද්රිභය,හේ ඔහුගේ ස්වභාව යැ. මට කිසි කවර අන්තරායක් වන්නේ නො වෙයි. ඉදින් තට නො බර වී නම්, එක් රැයක් මෙහි වසම්හ” යි වදාළහ. දෙවනවටැ දු ගද්රනබ නම්සක්බුදුනට “වහන්සේ, ආලවක මිනින් රත් කල කබලක් වැන්නැ. ‘මොහු මවුපියහ. මුහු මාණබමුණහ.මේ දහමැ” යනු නො දන්ති. මෙයට ආවත් සිතට විබෙටු දු කෙරෙයි. භද්ර වතු දු පළයි. පය ගෙන පරසමුද්රවයෙහි හෝ පරසක්වළ හෝ දමා පිය”යි කි යැ. දෙවනවටැ දු බුදුහු “දන්මි; ගද්රපභය, ඉදින් තට නො බර වී නම්, එක් රැයක් වසම්හ”යි වදාළහ. ‘වහන්සේ
1.සේ දැක. 2.මු පෙරබත්තිසය නිමවා පසු බත්කිසය නොනිමි. කලුවර පුණු - බොහෝ 3.දැහැම
ආළවක දමනය 169
මට නො බරැ අනෙකක් මත්ත. එයක්, තමහට නොකියා අනුදත්හ’යි මා මරන්නේ වනැ. වහන්සේ, ඔහුකරා ගොස් කියම් දැ?”යි “ගද්රේභය,රිසි සේ ගොස් කියා”යි වදාළහ. “ඔබ , වහන්සේ, මොබ දන්නේය”’යි බුදුන් වැඳ හිමවු ගියේ.
භවනයෙහි දොර තෙමේ ම බුදුනට විවර වියැ. බුදුහු ඇතුළු භවනයට වැඳැ, යම් අස්නෙකැ අළවියක් උතුම් මඟුල් දවස් හිඳ මහත් සිරි අනුභව කෙරේ ද. එම දිවරුවන් මුවා පලග මත්තේ වැඩහිද රන්වන්රස් වුහුටුහ. එසඳ යක්ෂයාගේ කාන්තාවෝ1 අවුදු බුදුන් වැද පිරිවරා හුන්හු. බුදුහු ඔහට “තෙපි දන්දි සිල් රැක පුදන්නට නිස්සන් පුදා මේ සැපතට පතිවත දැනුදු එසේම කර ඔවුනොවුන් කෙරෙහි ඊෂ්ය්ාර්‍ා නොකරව” යනාදි විසින් ධර්‍ම දෙසුහ. ඔහු බුදුන්ගේ මියුරු ගැඹුරු හඬ අසා සාධුකාර දහස් දී බුදුන් පිරිවරා හුන්හුමැ යි. ගද්රරභ නම් යක්ද හිමව්වට ගොස් අළව්හට “ස්වාමීය, බුදුහු අවුද් තාගේ විමන්හි වැඩ හුන්නාහ’යි කියැ. හේ අභිමානයෙන් ලජ්ජිත වැ. ගද්ර’භගහව “පිරිස් මැද කිසිකෙනෙක් අසනුවහැ2. නො බැණ සිට ගොස් කල මනා දැ කෙරෙමි”යි කි ය. එකල්හි සාතාගිරි නම් කෙවවන්නම් යක්ෂ සෙනාපතිහි දෙදෙනා3 “බුදුන් දෙවිරම් මැ වැඳ යක්ෂසමාගමයට යම්හ”යි සඟපිරිවරින් නන්4 යාන යෙන්5 අහසින් යෙති. අහසැ යක්හට හැමතන්හි ම මඟ ඇත්තේ නො වෙයි. අහසැ සිටි විමන් පීරා වු මහතැන්මැ මඟ වෙයි.
අළව්යකුගේ විමන් වනාහි බිමැ වුයේය. සුරැකීය. පවුරෙන් පිරිබෙව් ලද්දේ ය. සුසාවිහිත දොරටු අටලු ඇත්තේ යැ. සුමුගත් වැන්නැ. උස තුන්යොජුනැ එවිමන් මුඳුනෙහි වු මඟින් ඔහු එපියෙසට පැමිණ යන්හට නොපොහොසත් වුහු. කුමට ය? යත්:- බුදුන් යම් පියෙසක ද වැඩහුන, මුදුනෙහි පටන් ගෙණ භවඅත් දක්වා යම් කෙනෙකුද් යන්නට නො නිස්සක. එයින් මේ සක් සෙනෙවියෝ දෙදෙනෙ දු නොයා හී “මේ කුමැ?”යි අවජනා කරන්නාහු බුදුන් දැක අහස වූහුවු කැටයක් සේ බැසැ වැඳැ බණ අසා පැදකුණු කොට අවසර ගෙණැ යක්ෂසමාගමයට ගියෝ.
අළව්යක් ඔවුන් දැකැ “මෙහි හිඳුව”යි තෙමේ පහවැ ඔවුනට අවසර දින. ඔහු අළව්යක්හට “තට කැරුණේ මහත් ලාභ ය. බුදුහු තාගේ භවනයෙහි වැඩ හුන්නාහැ. යා බුදුනට උපස්ථාන කරා”’’යි කිහු. එකල්හි අළව්යක් ගිනියෙහි බහාලු ලුණුකැට
1.කන්යාවවෝ 2.අවසරවරුහ 3.දෙදෙනෙ 4.නන් නන් 5.යානාවෙන්.
170 අමාවතුර
සෙයින් කොධයෙන් තටතටායමාන හෘදය ඇතිවැ “කවරබුදු නම් මාගේ ගෙට වන්නේ?”යි කියැ. එහු දෙදෙන ‘තෝ නො දන්හි? අප බුදුන් කුසීපුරයෙහි සිට පඤ්චමහාවිලොකනා කොට” යැ යනාදින් ධම්සක්පවතුන් දක්වා කියා, පිලිසඳ ආදියැ පාළවු දෙති්පූර්වදනිමිත්ත කියා ‘මේ අසිරිපෙලහර නුදුටුවිරී දැ?”යි කිහ.
ගේ දුට ද, ක්රොයධයෙන් “නො දිටිමි”යි කියැ. “’කියන ආළවනය, හේ තා දුට මනාම ය. නුදුට මනා මය. තා1 විසින් කිම දැකැ නොදැකැ? තෝ කුම් කෙරෙහි ද? අප බුදුන් පිනිස තෝ කියබර උසබරජක්හු සමීපයෙහි එදවස් උපන් මස්සක්හු වැන්නෙහි. තිමදගලිත මතැත්රජක්හු සමීපයෙහි ඇත්පැටවක්හු වැන්නෙහි. දිලියෙන කෙසරුසෙලෙන් හොබනා කදට ඇති සිංහරාජයක්හු සමීපයෙහි මහලු කැනහිලක්හු වැන්නෙහි. යෙළසියක් යොජුන් ගුරුළුරජක්හු සමීපයෙහි පියා බුන් කවුඩුවන්හු වැන්නෙහි. තා කට හැකි දැයක් ඇත, කරා”’යි කීහු. මෙසේ2 කී කල අළව්යක් දැහැව හුනස්නෙන් නැගි රක්3ගල්මුඳුනෙහි වම්පසින් සිට “දැන් තොප සථරහුගේ ආනුභාව හෝ මාගේ ආනුභාව හෝ බලව”යි දකුණුපයින් සැට යොජුන් පමන කෙලෙස්ගල්කුළුයෙහි ඇක්මින. ඒ ගල යකුළ කින් පහළ රත්කළ යපල්ලක් සෙයින් පපටිකා පිහිට. හේ එහි සිට මම් “අලව්යක්මි”’යි හැඬි යැ. එහඬ මුව දඹදිව පතුළේ.
සතර ශබ්දකෙනේ මුව දඹදිවිහි පතුළහ. කවර ශබ්ද සතර ද?4 යත්:-පුනුයක් ධනඤ්ජයරජහු 5 හා දු කෙළැ6 දැනැ අපොළා “මම්දිනිමි”’යි යම් හඬක් හැඬි ද සක්දෙව්රජ කසුබු සම්මාසම්බුදුන්වහන්සේගේ සස්න නස්නාකල විස්කම්දෙව් පුත්හු බලුවෙස් ගන්වා තෙමේ වැදිමෙන් ගෙන අවුදු “මම් පවිටි මහණනුදු මෙහෙණනුදු උපාසකයනුදු උපාසිකාවනුදු හැම අඩර්මන වාදීන් නමි”යි යම් හඬක් හැගී ද, කුසරජ ප්ර භාවතිය සඳහා සත්රජක්හු අවුදු නුවර පිරිකෙව වටාගත්කල්හි ප්රවභාවතිය හා සමඟ ඇත්කඳැ නුවරින් නික්මැ සිංහස්වරයෙන් “අහං කුසො”යි යම් හඬක් හැඩීද,අළවියක් කෙළෙස්ගල්මුඳුනෙහි සිට යම් හඬක් හැඬි ද, එ හැම හඬ මුළු දඹදිව දොර දොර සිට හැඬු හඬ වැනි වි ය. තුන්දහසක් යොජුන් හිමවත් කම්පිත වි.
“මේ මහණහු පිඹ පියමි”යි අළව්යක් තමාගේ ආනුභාව යෙන් සුළඟක් මැවියැ. ඒ සුළග සතරදෙසෙන් නැඟි ගවු දෙගවු
1.හේ ා දුට මනා ම ය.කා 2. මු.මේ 3. රත් 4. සතර.සබ්දහ 5.මහරත්හු 6.දැක 7.පිරිකොට වටින් .පිරිවටා
ආළවක දමනය 171
තුන්ගවු පමණ යොජුන් දෙයොජුන් තුන් යොජුන් පමණ ගල්කුව කඩාගෙන වල්රුක් මුල දී උදුරාගෙණ, අළව්නුවර පැමිණ දිරාගිය ඇත්හල් අස්ගල් සුත් කෙරෙමින් සියනැ උළු අහස බමවමින් ආ යැ. බුදුහු “කිසිවක්හට ගහට නොවේව”යි ඉවූහ. ඒ සුළගහු1 බුදුන් කරා පැමින සිවුරැ නකුදු සලන්නට නොපො සත් වුහු.
එක්බිති “මේ මහණහු දියවතුරෙන් 2 ගලා මරාපිට මැනැවැ”යි මහත් වැස්සක් වැස්වි යැ. උහුගේ ආනුභාවයෙන් මතුමත්තෙහි සියක් පටල දහසක් පටල ඈ හෙද ඇතිවලාභකයෝ නැගි වටහ.වැසිධාරා වේගයෙන් පොළොව සිල් වන්නා වැනිවියැ. වනරුක් ආදින්ගේ මුඳුනෙන් මහවතුරු ගලා අවුදු බුදුන්ගේ සිවුරෙහි පිනිබිදක් පමණ තැන් තෙමන්නට නොනියි වී. එක්බිති පහණ වැස්සක් වැස්වියැ. මහත් මහත් ගල්කුළුහු දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් කරා පැමින දිවමල්ගුළාබවට පැමිණියෝ. එක්බිති ආයුධවැස්සක් වැස්වි යැ. එකතොධාරා උභතොධාරා ඇති කඬු අඩයටි පාරා හී ආදිහු දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් කරා පැමින දිවමල්දම්බවට ගියෝ. එක්බිති අඟුරු වැස්සක් වැස් වියැ. කැහැලමල් බඳු4 අතුරුහු5 දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් පාමුල්හි දිවපල් වැ වඟුළෝ. එක්බිති අඟුරු වැස්සක් වැස් වියැ. ඉතා හුණු අළු ආයිත් අවුදු බුදුන් පාමුල්හි සඳුන්සුණුවැ වඟුළෝ. එක්බිති වැලිවැස්සක් වැස්වියැ. ඉතා සියුම් වැලි දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් පාමුල්හි දිවකුසුම්රොන්බවට ගියෝ. එක්බිති කලල් වැස්සක් වැස්වියැ. ඒ කලල්වැසි දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් පාමුල්හි ගඳකලල් වැ වගුළෝ. එක්බිති “මේ මහණහු මුළා කොටැ බවා තෙරපියළි6”යි අඳුරක් මැවි යැ. ඒ අඳුරු සියුරගින් යුත් අඳුරු සෙයින් බුදුන් කරා පැමිණ හිරු රැසින් මුත් සෙයින් බුදුරැසින් බිඳි අතුරුධන් වි ය.
මෙසේ අළව්යක්, සුළගින් වැස්සෙන් පහනවැස්සෙන් ආහුධ වැස්සෙන් අඟුරුවැස්සෙන් හළුවැස්සෙන් වැලිවැස්සෙන් කලල් වැස්සෙන් අදුරුයෙනැයි7 මේ නව වැස්සෙන් බුදුන් තෙරණට නොපොහොසත් වුයේ, නන් නන් ආයුධ ගත් අති ඇති අනෙක -ප්රේකාර රූ ඇති යක්ෂගණන් විසින් සමාකූලවු සිවුරඟ සෙනඟින් තෙමේ ම බුදුන් කරා ගියේ. ඒ භූත ගණයෝ අනෙකප්රෙකාර විකාර කොට “ගන්ව, තළව” යි බුදුන් හිස්මත්තෙන් එන්නවුන් වැන්නා හැ
1.සුළඟ 2.වතුරේ 3.බටහ 4.මල්සෙයින් බඳු 5.අඟුරු 6.නෙරපමි 7.අඳරු වැස්සෙන් ,අදුරුවැයෙන්
172 අමාවතුර
එතෙකුදු වුවත් ගිනි ගත් ලොහොපිඬුහි මැස්සන් සෙයින් බුදුන් ලඟ වන්නට නොපොහොසත් වුහු. එසේද වුව1,යම් සේ බෝ මඬහි ලා මරදෙවිපින් ආ වේලායෙහි මැ නැවැත් ද,මොහු එසේ නො නැවති රැසින් සමහරක් දක්වා ආකුලපාකුල2 කොළෝ මෙසේ අඩරැයක් පමණ කල්හි නොයෙක් ප්රහකාර භය දක්වා බුදුන් සොල්වන්නට නොපොහොසත් වුහු. අළව්යක් “කිසි කෙනෙක්දු විසින් නොදිනිය හැකි වෙලායුධය විභිජමියි”යි සිති. සතර ආයුධ කෙනෙක් ලෝකයෙහි උත්තමයෝ; ශක්රයයාගේ වජ්රාියුධයැ, ආළවකයාගේ වෙලායුධ යැ යි.
ඉදින් ශක්රෙ දැහැවෑ වජ්රාියුධය මෙරමුඳුනෙහි පහඑසේ වී නම්, එක්ලක්ෂ අටසැටදහසක් යොජුන් මෙර විනිවිදැ පත්ලට යෙයි. වෙසවුණුමහරජහු පුහුදුන්කලැ, වුහුව් ගද්ර ව බොහෝ යක්දහසුන් හිස සිඳැ නැවැතැ අවුදු අත්පස්හි මැ සිටි. යමයා සැහැවැ නයනායුධයෙන් බැලුකල අනෙක කුම්භාණ්ඩ දහස්හු තත්කබලැ ලු තල සෙයින් පුපුරා නස්ති. අළව්යක් දැහැවැ ඉදින් වෙලායුධය අහසැ වුහුවයේ වී නම්, දොළොස් හවුරුදක් වැසි නොවස්සි. පොළොවට වුහුව්යේ වී නම් හැම රුක්හු හැම තණ ආදිහු වියලී දොළොස් හවුරුද්දක් නො නැගෙති. මුහුදු වුහුව්යේ වී නම්. තත්කබලැ දියබිදු සෙයින් හැම දිය සිදී යෙයි. මෙරගල් සුදුසු ගලැ වුහුව්යේ වී නම් කඩ කඩවැ විසිර යෙයි. මෙසේ මහත් ආනුභාව ඇති චේලායුධය උත්තරීය වැ තිබුවා හැර ගති. බොහෝ සේ දසදහසක් සක්වළ වැසි දෙවියෝ වෙලෙවිවැ අවුදු රැස් වුහු: “අද 6 බුදුහු අළව්යකු දමති. එහි බණ අසම්හ”යි .යුධ දැක්කැටි දෙවියෝ ද. රැස් වුහු මයැ. මෙසේ සියලු අහ දෙවියන් විසින් පිරිණි.
අළව්යක් බුදුන් වැළැකැ උඩ අහස ඇවිද චේලායුදය වුහුව්. හේ සෙනමඩලක් සෙසින් අහස ගොරහිරව ශබ්ධ කෙරෙමින් දුමමින් දිලියෙමින් බුදුන් කරා පැමිණැ, යක්ෂයාගේ මන් බුඳුනා සඳහා පා පිස්නා කඩක් සෙයින්, පාමුල්හි හින අළව්යක් ඒ දැකැ, ගග බුන් ගොතක්හු සෙයින්, දල බුන් සපක්හු සෙසින්, තෙජ නැතිවැ මඳ නැති වැ මත් නැති වැ “චේලායුධයක් මහණු අභිභවන්නට නොනිසි වි යැ. කරුණු කිම හො?”යි පිරික්සනුයේ “මේ මහණ මෛත්රී විහාරයෙන් යුක්ත යැ. මෝහට රොස් උපදවා මෛත්රී න් තොර කොට පිව
1.වුවද් 2.පලල් 3.නසිති 4.අප 4.දන්එහි 6.කොටපුව.
ආළවක දමනය 173
මැනැවැ”යි සිතා “මහණ, මා නො අනුදත් මාගේ භවනයට1 වැදැ, ගෙ2 හිමියක්හු සෙින්, අඹුන්මිනිස්පිරිස් මැද හුන්නෙහි මේ මහණහට3 යුක්ත නො වෙයි. අදත්තාදානපරිභොග හා ස්ත්රිරසංසඟිය . ඉදින් තෝ4 මහණදම්හි සිටියේ විහි නම්, නික්ම හා මහණ’යි කියැ. එකල්හි බුද්හු “යමෙක් තද වී නම්, තද වැ විනය නො කට හැක්කැ. යම් සේ චණ්ඩ වු බල්ලක්හු නාසායෙහි පින් බුන්කල ප්ර්ණ්ඩ වේ ද, එසෙයින් ම තද වන්නා හා මෙයිඳු තද වෙයි. මෙළෙක් වන්නා හා විනය වෙ”යි සිතා ‘ඉතා මැනැවැ”යි ප්රිවය තෙපුලෙන් උහුගේ තෙපුල් ගිවිස ගෙන් නික්මුනුහු.
එසද අලව්යක් “මේ මහණ කිකරි යැ. එක තෙපුලෙන් මැ නික්මින. මෙසේ සුවයෙන් නික්මෙන මහණු හා අකාරණයෙහි මම, සියලු රෑ යුද කෙළෙමි”යි මෙළෙක් සිත් ඇතිවැ නැවති සිති. ‘මේ මහන සුවචභාවයෙන්5 නික්මින හෝ? ක්රො.ධයෙන් නික්මින හෝ? විමසා බැලුව මැනැවැ”යි (සිතා) “එව; මහණැ”යි කි යැ. බුදුහු උහුගේ අදහස් දැන ‘ඉතා මැනැවැ; ඇවැතැ”යි ගොස් වන්හු. එකල්හි අළව්යක් පුනපුනා එම සුවචභාවය විමසනුයේ දෙවනවටද් තුන්වනවටද් “නික්මැ යා; මහණ, එව, මහණැ”යි කි යැ. බුද්හු එසේ කළහ. ඉදින් එසේ නො කළාහු වුහු නම්, පියොවින් මැ තද සිත්ඇති යක්හුගේ සිත ඉතා තදවැ ධම්දෙසුන් ගන්නට නො නිසි විය හෙයි6 එබැවින්, යම් සේ මවු, වලප්නා ප්රයතක්හට. යමක් හේ කැමැත්තේද, ඒ දී හෝ කැමැත්තා කොටින් හෝ සන්හිඳුවාද, එසෙයින්ම බුදුහු කෙලෙස් වැලැප් මෙන් වලප්නා යක්හු සන්හිඳුවනු සඳහා යමක් බෙණේද, ඒ කළහ. යම් සේ කිරිමවු කිරි නොබොන දරුවා යම් කවර දැයක් දි තළවා බොවා ද, එසෙයින්ම බුදුහු යක්හිළිඳුහු ලොවුතුරාධර්මළ අමාකිරි පෙවියව් වැ උහු කැමැති දැ කිරීමෙන් නළවා මෙසේ කොළෝ. යම් පුරුසයෙක් ලප්පෙක සියු මියුරු පිරියපි වුයේ එහි ඇතුළත සෝධා ද, එසෙයින් මැ බුදුහු යක්ෂයාගේ සිතැ ලොවුතුරාසියුමියුරු පිරියථි වුවාහු. ඔහුගේ ඇතුළත ක්රොමධමල සෝධනු සඳහා තුන්යලක් නිකමෙනුදු වැදමුදු කොළෝ.
එකල්හි අළව්යක් “මේ මහණ සුවච ය. ‘නික්මේ’යි කිකලැ නික්මෙයි. ‘වද’යි කිකලැ වද්දි. ඔස, මේ මහණහු සියලු රෑ ඇවිදුවා ලෙඩ කොට පියා පය අත් ලා ගෙණ ගඟ පරතෙර දමා පියමි”යි පවිටිසිත් උපයා තරවනවර “නික්මැයා: මහණැ”යි
1.භවනයෙහි. 2.ගෙයි. 3.මහණනට. 4.තොපි. 5.සුවචයෙන්. 6.විය. 7.වට
174 අමාවතුර
කි හ. එදැන බුදුහු “මත්තේ කල මනා දැ ඉල්වනුයේ1 මෙ පැන පිළිවිස්සැවි වෙයි. හේ ධම් දෙස්නට2 දොරැසි”යි දැන “ඇවැත, මම නො නික්මෙමි, යමෙක් යමෙක්3 තා විසින් කට යුතු ද, ඒ කර”යි වදාළෝ.
ඉක්බිති අළව්යක් අහසින් යනලැ “මේ රන්විමනෙක හෝ? රිදිවිමනෙක හෝ? මිණිවිමනෙක හෝ? ඒ බලම්හ”යි තමාගේ විමනට ආ සෘධි ඇති තවුසන් පිරිවැජියන් පැන පිලිවිසැ විසජන්නට නොපොහොසත් වුවවුන්4 සිතට විබෙව් කොට වෙහෙසෙයි. ඒ හේතුවෙන් “බුදුනුදු වෙහෙසමි” යි සිතණුයේ “මහණ, තා පැන පුවවුස්මි. ඉදින් පැන නොවිසජහි නම්, තා සිතට විබෙව් හෝ කෙරෙමි. හදවත් හෝ පළාපියමි පත්ල ගෙණැ ගන පරතෙර හෝ දමා පියමි”’යි කි.
එ පැන ඔවුහට කෙරෙත් ආයේ? යත්:-ඔහු මව්පියෝ කසුබුසම්මාසම්බුදුන් වහන්සේට උපස්ථාන කොට අටපැනයක් විසජුන් හා සමඟ උගන්හ.ඔහු අළව්යකු ලදරුකල්හි පුහුණු කරවුහු. කල් යත්් යත් විසජුන් ඔහු නොසඳහන් විය. එක්බිති “පැනයෝද නො නසිත්ව’යි රන්පතැ දැහිඟුලෙන් ලියවා විමන්හි තිබී යැ. ඔහු බුදුනට දුන් ලාභයට හෝ ජීවිතයට හෝ සවඤ්ඤණට හෝ බ්යාීමප්රනභාවට හෝ කිසිවක්හු5 අන්තරාය නො කට හැකි ද, ඒ හේතුවෙන් ඔහුහට ලෝකයෙහි අසාධාරණවු බුධානුභාව දක්වන්නාහු6 “ඇවැත, මම දෙවිමිනිසුන් සියෝ බඹුන් සියෝ මහණබමුන් සියෝ ලෝකයෙහි මා සිතට විබෙව් කරන්නහු7 හෝ, හදවත් පලන්නහු හෝ. පය ගෙන ගඟ පර තෙර පියන්නට තිස්සක්හු හෝ නොදක්මි”යි පැන පුවවුස්නට උත්සාහ ජනවමින් වදාළහ. “තට රිසියෙන දැයක් පුවවුස. මට පැන විසජුන් නොබර. හැම8 තට විසජමි”යි සවුපයේබුදුන් හා අසාධාරණ වු සර්ව ඥ පවරුණෙන්9 පැවරූහ. මෙසේ බුදුහු සර්ව්ඥ පවරුණෙන් පැවරූකල්හි අඵව්යක් “’කිං සුධ චිත්තා පුරිසස්ස සෙට්ඨා” යනාදින් පැනපිළිවින. බුද්හු විසජුහු. යක්ෂයා පැන පුවවුත් පරිදි දු බුදුන් පැන විසජු පරිදි දු සංයුත්සතියැ යක්ෂ සංයුක්තකයෙන් දන්නේ යැ.
පැන විසජු තැන සිට යක් සෝවාන් වැ බුදුනට සේතාත්රු කරනුයේ “බුදුහු මට වැඩ සඳහා අළව්නුවරට වැඩියහ. යම් තැනේහි දුන් දනැ10 ඵල මහත් වේ ද, මම් ඒ අද දන්මි. මම්
1.ඉල්වන්නාහු-හැම 2.දෙසන්නට. 3.යමක්. 4.වු බැව් 5.කිසිවක්හු 6.දක්නාහු 7.කරන්නාහු.8 මු.නොබරහැ මම 9 පැවරුණෙන් 10.අන්
ආළවක දමනය 175
දෙව්ගමින් දෙව්ගමට දෙව්නුවරින් දෙව්නුවරට ‘බුදුහු සව්තේ ගෙවා දත්තී. දහම් නියාණික යැ. සඟහු සුපිළිපන්තාහ’යි සෙගාත්ර් කෙෙරමින් තුණුරුවන් පුදමින් දහම් හොසු වැ ඇවිදුමි”යි කීහ. එයිත් කීහ.
“අත්ථාීය වත මේ බුඬො - වාසායාළවිමාගමා,
සොහං අජජ පජාතාමි - යත්ථ දිත්තං මහප්ඵලා
සො අතං විචරිසසාමි - ගාමා ගාමං පුරා පුරං,
තම්සසමානො සම්බුඬං - ධම්මස්යම ච සුධමිම්තං”සී.
මේ ගාථාවේ සමාහාර දු, පතත් මනු දු, සාධුකාරශතිද නැගෙනු දු, අළව්කුමරහු යක්ෂයාගේ භවනයට ගෙණයනු දු, එකෙනෙහි’ මැ වි යැ. රාජපුරුෂයෝ සාධුකාරශබ්ද අසා “මෙබඳු සාධුකාරශබ්දයෙක් බුදුන් විනා අනෙක් කෙනෙක්හට නො නැඟෙයි. බුදුහු වැඩිය හො?”යි බලන්නාහු බුදුන්ගේ ශරීරප්රෙභා දැකැ “බුදුහු වැඩි වන්හ”යි පිටත නොසිටැ නිසැකවම ඇතුළට වැද, බුදුන් යක්ෂුයාගේ භවනයෙහි වැඩහුන්නන් දුටහැ. යක්ෂබයාද මුදුනෙහි ඇදිලි බැඳ සිටියහු දැක “මහයක, මේ රජකුමර හට බිලියම් සඳහා අළියේ යැ. මොහු කත් මැතෑ ම ය. බොත් මැතැමය. තට රිසියන්නෙක් කරා”යි ඇරැ දුන්හු. හේ සෝවාන් බැවිනුදු බුදුන් පෙරට කියෙනු දු, වෙසෙසින්ම ලජ්ජා ඇති විය. කුමරහු දොඅතින් පිළිගෙණ “වහන්සේ, මේ කුමර මට ඇළියේ යැ. දත් මව් ඔහු වහන්සේට දෙමි. ඔහුට වැඩ සඳහා පිළිගන්නේ මැනැවැ”යි දින.
බුදුහු දරු පිළිගෙණ, යක්හටද කුමරහටද ආ වඩා, කුමරහු බුඬානුභාවයෙන් සරණ පිහිටවා මොහු වඩා අපට මැ ඇරැ දක්වා දෙව්”යි රාජපුරුෂයනට ම වදාළහ, මේසෙයින් කුමර රාජපුරුෂයන් අතින් යක්ෂයා අතට, යක්ෂයා අතින් බුදුන් අතට, බුදුන් අතින් රාජපුරුෂයන් අතට, ගිය වන බැවින් හතනආළවක නම් විය.
ඔහු තෙණැ නැවතී එන රාජපුරුෂයන් දැකැ නොයෙක් කර්මාවන්තයට දරට පතවා යන මිනිස්සු “කීම, ‘දරුවා ඉතා ලදරුහැ’යි”යක් නොගිවිසිදුයි?” බියපත්වැ පුළුවුත්හු. රාජපුරුෂයෝ”නො බව. බුදුහු හැමදෙනාහට සුව කළහ”යි කරුණු” තාක්ද හැම කීහු. එකිත්තී සියලු අළවිනුවරවැස්සෝ”සාධුසාධු යි. එකකොලාහව යක්ෂකයා වසන දසට අභිමුධ වූ හූ. යක්ෂදයා ද
1.මු. ගථාව සමහර, 2. එකෙනෙහි. 3. කුමරුවා. 4. කත් මැනෑමයතට 5. කියනුදු. 6. දොහොතින්. 7. සරණසිලැ. 8. නැවත. 9. පැනව. 10. ලදරුවහයි. 11. කරුණු.
176 අමාවතුර
වේලා බලා බුදුන්ගේ පාසිවුරු ගෙණ මහ සම්හරක් දක්වා ගොස් නැවැත්තැ. එකල්හි බුදුහු නුවර දොරැ එක්තරා රුක් මුලෙක්හි පැත්වූ අස්නෙහි වැඩහුත්හු. එක්බිති මහජතා සමඟ රද දු නුවරවැස්සෝ ද එක්රැස් ව බුදුන් කරා එළබෑ වැඳ පිරිවරා හිඳ “වහන්සේ, දරුණු යක්හු කිසේ දැමූ දැ?”යි පුළුනුත්හැ. බුද්හු ඔවුනට යුඬ්යෙහි පටන්ගෙණ “මෙසේ නවවිධ වැසි:වැස් වි ය. මෙසේ භය දැක්වි ය. මෙසේ පැන පිළිවිත. ඒ පැන මෙසේ මම් විසජ්මි”යි එම අළවිසුත වදාළහ. දෙසුත් අවසන්ති සූවාසූදහස දෙනෙක් අඩිගම් කොළෝ.
එක්බිති රජ දු නුවරවැස්සෝ ද වෙසළුණුම්හරජහුගේ භවන වෙතැ යක්ෂනහට භවන කොට,ගඳින් මලින් පුදා, දවස් පතා බිලිබත් පැවැත්වූහු. ආළව්කුමරහු වින්වත් බවට පත් කල්හි “තෝ බුදුන් නිසා දිවි ලද්දෙහිය. බුදුනට සතනව මේ කරා”යි නඟා යවූහු.හේ බුදුනට සඟනට මෙහෙ කරන්නේ මඳ දවසෙකින්ම අනගැමි වැ සියලු බුදුව්දත් උගෙණ පන්සියයක් උපාසකපිරිවර ඇති විය. බුදුහු ඔවුනට තනතුරු වදාරත්තාහු “එතදග්ගං හීකඛවේ මම් සාවකාතං උපාසකාතං චතුහී සංගහ-චන්ථුුහි පරිසං සංගණ්හනනාතං සදිදං භත්ථහකොආළවකො”යි සතර සඟාවතීන් පිරිසට සංග්රදහ කරණුවත් කෙරෙහි අගතන් වදාළෝ.
මෙසේ බුදුහු තමන් පුරුෂම්යරසාරර්ථන වන බැවින් අළව් යක්ෂ යා ද, ආදිශබ්දයෙන් ගත් සුවිරොම බරරොම ඈ යක්ෂ යනුදු දමා අමාමහ නිවන් පැමිණවූහු.
“යක්ෂ දමන” නම් පසළොස්වන පරිචේජදය නිමි.