අමාවතුර/සංඥාපනය

‘අමා’ යනු නිවණට ද, දිවබොජුනට ද, මිහිරි දැයට ද නමකි. ‘වතුරු’ යනු ගලා පැතිර ගිය දියට ද, පැතිර යෑමට ද නමකි. ඒ නම් ‍ෙදක සමාස වශයෙත් එකතු වීමෙන් ‘අමාවතුරු’ නාමය සිද්ධ වේ. අමා නමැති වතුර යම් තැනෙක්හි ද, ඒ ‘අමාවතුරු’ නමි; නොහොත් අමා පිළිබඳ වතුර යම් තැනෙක්හි ද, ඒ හෝ ‘අමා වතුරු’ යි. මේ පොතෙහි වැකියක් පදයක් අකුරක් නො හැර අමා (=මිහිර) පැතිර පවතී. මෙහි පැණෙන චරිතකථාවෝ අතිශය විචිත්රව ය. කථාමාධුය්ය්යර්‍ අක්ෂරයි ය. නැවත නැවත කියවත් කියවත් ම අභිනව රසයෝ පෑදී එත්, එහෙයින් ‘අමාවතුර’ යන මේ ගතට ඉතාමත් සුදුසු ය.

ගුරුළුගෝමි හා තත්කාලය මේ පොතෙහි කතුවරයා‍ ගුරුළුගෝමි ඇදුරුතුමා ය. ‘ගෝමි’ යනු ‘ගොමින්’ යන සංස්කෘත ශබ්දවයෙන් සිංහලභාෂාවට ගත්තකි. ඒ වනාහි බෞද්ධොපාසකපය්ය්සර්‍ාය ය. එ‍ෙහයින් ‘ගුරුළුගෝමි’ යන්නෙහි අත්ථාය නම් ‘බෞද්ධපාසකවූ ගුරුළුතෙම’ යනු යි. මෙ තුමා ස්වසමයසයානත්රයන්හි හා සංස්කෘත ශබ්දශාසත්රාුදියෙහිත් අප්රමතිහත සූක්ෂ්ම මහාබුද්ධි ප්රරභාවයකින් යුක්තව වැජඹුනෙකු බව මෙතුමාගේ අනික් කෘතිය වූ ධර්මුප්රුදීපවිකාවෙන් ස්ඵූට වේ. පාලිත්රිවපිටකයෙන් පමණක් නොව බොධිචය්ය්පර්වදතාර, ජාතකමාලා ආදි සංස්කෘත බෞද්ධ ග්ර න්ථයන්ගෙන් හා සංස්කෘත කාව්ය,පුරාණාදීන්ගෙන් ද උපුටා යෙදූ බොහෝ දෙය ධර්මහප්රාදීප‍ිකාවෙහි ඇතුළත් වේ. මේ මහාචාය්ය්ොර්වාරයා අසවල් කාලයෙහි වැජඹුනේ යයි නිශ්චය කිරීම දුෂ්කර වුවත්‍ පොළෙ‍ාන්නරු කාලයෙහි ය යි සාමාන්යියෙන් පිළිගත් මතය යි. දෙවෙනි පැරකුම්බා මහරජතුමාගේ කාලයෙහි චිරචිත සිදත්සඟරාවෙහි කාලයෙහි රචනා කළ සසදාවතෙහි රාඥියගේ කාලයෙහි රචනා කළ සසද‍ාවතෙහි 6 වැනි ගීයෙහි

          ‘වියොවුන් සියො කැරැ- සියාවුන්*සතාස වඩමන්’

යන අඨිය ධම්ප්රතදීපිකාවෙහි පෙණෙන “වියොජනන් සියො කෙරෙමින් සායොජනන් මනදොළ පුර්මීන්” යන පාඨය බල බලා ම ලියූවකැ යි හැ‍ඟෙන, හෙයින් ද මෙ තුමා ලිලාවතී රාඥියගෙන් පෙර ම සිටියෙකැ යි කිය හැකි ය.

  • සියොතුන් - මුද්රියත සසදා


ii “මේ ආචායෝය් ර්ත්දතමයන් විසින් ස්වකීය කෘතියට ගුරුකොට ගන්නා ලදැයි සිතිය යුතු ප්රතකරණයන් අතුරෙන් ජිනාලංකාර වණ්ණනා නම් මාගධග්රමන්ථය ද එකකි. එය ශ්රීල බුද්ධ වර්ෂම 1700 යේ දී කරණ ලද්දේ ය. එසේ වුව මේ ධම්ප්රකදීපිකාග්රරන්ථය කරණ ලද්දේ ශ්රී බුද්ධවර්ෂය 1700 යෙන් මෙ පිට දි විය යුතු යි” යනු ධර්ම ප්රුදීපිකාව සංස්කරණය කළ ශ්රීිධර්මාථරාම නායකමාහිමියන් වහන්සේ වදාරති. ජිනාලඩ්කාරවණ්ණසොඩක මග තෙර වරු ද මේ කථාව අනුමක කරති. එහෙත් ගුරුළුගෝමීන් විසින් ජිනාලඩ්කාරවණ්නාවෙන් මේ මේ දෙය ගතැයි කිසි කෙනෙක් සාධකයක් නො දක්වති. ජිනාලඩ්කාරවණ්ණනාවෙහි හා ධර්ම ප්රසදීපිකාවෙහිත් සමාන ගාථා දක්නට ලැබේ. ඒ ගාථා ජිනාඩ්කාරවණ්නා කෘති වූ බුද්ධරක්ෂිබත ආචාය්ය්ාර්පාාදයන් විසින් ම චිරචිත ය යි නිශ්චය කළ නො හැකිය. ජිනාඩකාරරවණ්ණනාව ද ධර්මප්රකදීපිකාව මෙන්ම නොයෙක් ග්රකන්ථයන්ගෙන් කරුණු සංග්ර්හ කොට කරණ ලද්දකි. එහෙයින් ඒ ගාථා ඒ පොත් දෙකට ම ගන්නා ලද්දේ අනික් ග්ර්න්ථයකිනැයි සැලකීම වඩ‍ා යොග්ය යනු අපගේ හැඟීමයි. ජිනාලඩ්කාරවර්ණොනාකෘති, විසින් රචිත ජිනාගඩ්කාරයෙන් උපුටා ගත් ගාථාවක් වත් ගුරුළුගෝමීන්ගේ කෘතියක තිබේ නම්, යට කී නිගමනයට බැස ගැණීම සුදුසු ය. එ බඳු ගාථාවක් මට නම් හමු නො වී ය. පරීක්ෂා කට යුතුයි. ගුරුළුගෝමීන්ගේ ධර්මුප්ර්දීපිකාවෙහි තිබෙන “ලියනගලා-ලිය නමැති අගනන් කුසුම් නමැති රතතින් ගත් මුත්තර බඳු මලින් ගලන දියදහර බලා‍” යන පාඨයත් කව්සිළුමිණෙහි තිබෙන “ලියනඟලාකුසුම්- පතින් ගලත සිලිල් බිඳු, සුරතැඟිලිඅගිනගනන්- ගිලියෙන දිමුතු මුතු පෑ” යන ගී‍යත් බෙහෙවින් සමාන ය. එකක් අනෙක බලා රවිත ය යි සිතිය යුතු තරම් ය. කවිසිළුමිණි කෘති වනාහි අන්ය කෘතීක කෘතීන් අනුගමනය නොකළේ ය. එහෙත් ගුරුළුගෝමීහු නම් ස්වකීය පොත් දෙක අන්යළකෘතික දෙයින් ම පිරවූහ. එහෙයින්, ‍ මේ පාඨ දෙකින් එකක අනෙක් උපකාරවූයේ ය යි කිය යුතු වෙයි. එසේ වුවහොත් ධර්මූප්රයදීපිකාව කව්සිළුමිණට පසු ව කළාක් විය යුතු ය. කව්ස්ළුමිණෙහි කෘති පිළිබඳ ව මතභෙද කීපයක්




iii ඇතත් එයින් දෙකක් ම කාලය අතින් සමාන වෙයි. මහා පරාක්රයමබාහු සමයෙහි කව්සිළුමිණ රචනා කළ බව දෙපක්ෂයයක් ම තියති. මහාපරාක්ර මබාහු සමයෙහි ගුරුළුගෝමී ආචාය්ය් ර්ව රයා යිටියේ යයි වදාරණ ශ්රීළ ධර්මාරාමනායකමාහිමියන් වහන්සේ ගේ අදහස ඔප්පු කිරීමට මෙය බලවත් සාධකයක් බව කිය හැකිය. කෙසේ වුවත් මීට වඩා බලවත් සාක්ය්ව හමු වන තෙක් අපි ද ගුරුළුගෝමී කාලය මහාපරාකුමබාහු කාලය ය ය යි කියමු.

පූජාවලී කතෘ හට වැරදුන තැනක්

අමාවතුරෙහි 17 වැනි පරිච්ඡෙදයෙහි පෙණෙන සුධර්මාෙ දෙව සභාවර්ණනනාවෙහි “එහි බීම් ඉද්රුනිල්මිණිමුවා ය. බිත් පිළිමිණි මුවා ය. යට ගනරන්මුවා ය” යන්නසදොෂය. සුමඩ්ගල විලාසිනී (458 පිටුව), සාරාත්ථෂදිපනි (227 පිටුව) ජිනාලඩ්කාරවණ්ණනා (74 පිටුව) යන පාලිපොත්හි ද, බුත්සරණෙහි 53 වැනි පිටුවෙහි ද සුධම්ම‍ාසභාව සබ්බන්ධ විස්තර‍ය එයි. ඒ සභාවෙහි දිග පළල හා උසත් වර්ණබනාවෙහි අගින් දක්වන ලද්දේ, සුමඩ්ගල විලිසිනියෙහි හා අමාවතුරෙහිත් පමණකි. අනික් පොත්හි එය මුල ම යෙදුනේය. එයින් පෙණෙන්නේඒවිස්තරය අමාව තරට ගන්නා ලද්දේ සුමඬ්ගලවිලාසිනියෙන් ය යන බවයි. සුධමර්සදභාවෙහි බිම ඉඳුනිල්මිණිමුවාබවක් හෝ භිත්ති සම්බන්ධද කිසිවක් හෝ ඒ සුමඬගලවිලාසිනියෙහි වත් අනික් එක ද පොතක වත් නැත. බිම පිළිමිණීමුවා බව “තස්සා එළිකමයා භූමි” යි හැම පාලිපොත්හි ම දක්වන ලදී. අමාවතුරෙහි පුස්කොළ පිටපත්හි “බිම ඉඳුනිල්මුවා ය.” “ඩින් පබළ (පිළිමිණි) මුවා ය” “බිත් බඳුනිල් මිණිමුවා ය. “මිතත් පිළිමිණිමුවා ය.” ‍යනාදී විෂමපාඨ පෙණේ. මේ දොෂය දෙවෙනිපැරකුම්බා රජතුමාගේ කාලයෙහිත් අමාවතුරෙහි තුබුනු බවසිතත්ටකරුණු තිබේ. පූජාවලියෙහි 22වැනි පරිච්ඡෙද යෙහි එනසුධමර්‍ාදෙවසභාවර්ණයනාවහා අමාවතුරෙහිඑන වර්ණඡනාවත් සමාන ය. “බිම ඉද්රතනීලමාණික්යෙමය ය. භිත්ති දැවාණමය ය. ටැම්ඝනරන්මය ය” යනු පූජාවලීපාඨය යි. අමාවතුරෙහිමෙන්ම පූජාවලීයෙහි ද දෙවසභාවෙහි දිග පළල ආදිය දක්වන ලද්දේ විස්තරයෙහි අගදී ය. අනික් පොත්හි ඇණ පිළිබඳ ව සඳහන් වතත් මේ පොත් දෙකෙහි එය ද නො පෙණේ. දිව්ය්ලොක වණර්නාවවෙහි “අලම්බුසා ඈ ප්රොධාන සුරවමියන් කෙරෙහි ගගිරා නම් අප්සරා” යනාදි පාඨයෙහි සියල්ල ම අමාවතුරු-පූජාවලී යන දෙකෙහි සමාන වන නමුත් ජිනාලඬ්කාරවණ්ණාවෙහි (72-73පිටු) පෙණෙන පාලිපාඨය හා නොයෙක් තැන වෙනස්වේ. අමාවතුරු-පූජාවලී යන දෙකෙහි ම සමානව තිබෙන සුධමර්‍ා,

iv අනිවෘත්තකා, මන්තකී, වි(මි)ත්ර පුෂ්කයර, ඝොරස්වර, මඤ්ජු (මධුර) ස්වර, සර්වවඬ්ග‍ශොභනා යන නාමයෝ ජිනාලඬ්කාර වර්ණමණාවෙහි සාධු, අතිමුතන්කී, පොකඬ්කර, පොතස්සාරා, නන්දමස්සර, සත්ත්ඬ්ගසෙනා යි පෙණෙත්*. සිංහල පොත්හි ‘එකචජිද්රද’ යන නමින් දැක්වු වාදය වීණා‍වනැයි ඒ පොත් දෙකෙහිම සඳහන් වන නමුත් ‘කොලම්බස්සර නම් ආලම්බරභෙරියෙකැ’ යි ජිනාලංක‍ාවර්ණභණාවෙහි සඳහන් වේ. ‘ආලම්බර, ආඩම්බර’ නම් භෙරිවිශෙෂයක් තිබෙන බව සද්ධාමාලාඩ්කාර (110 පිටුව) ආදියෙන් හැගේ. මේ විෂමත්වයෙන් හැ‍ඟෙන්නේගුරුළුගෝමීන් ජිනාලඬ්කාරවර්ණ‍ණාව නො ව අනෙක් පාලිපොතක් බලා මෙය ලියූ බව යි. ඒ පොත තවමත් අපට හමු නො වීය. සුමඬ්ගල විල‍ාසිනී -සක්ක්පඤ්හසුත්ත්ටිකා, පපඤ්චසූදනී-චුලතණ්හා සඬ්ඛයසුත්ත්ටීකාවන්හි ද එය නො පෙණේ. මේ කරුණු වලින් සිතිය හැක්කේ අමාවතුරෙහි තිබෙන වර්ණුණාව බලා ගෙණ ම පූජාවලියෙහි එය ලියූබවයි. (බුත්සරණෙන් ගත් නොයෙක් දෙය පූජාවලියෙහි බොහෝ තැන තිබෙන හෙයින්) අමාවතුර ද පූජාවලියට උපකාර වූ ග්ර න්ථයකැ යි සැලකීම වරදක් නොවේ. පූජාවලිය කරණ ලද්දේ ශ්රීා බුද්ධ වර්ෂ් 1791 දී රාජ්යලයට පැමිණ පන්තිස් වසක් රාජ්යරය කළ දෙවෙනි පැරකුම්බා රජුගේ රාජ්ය සමයෙහි අවසාන භාගයෙහි දී ය. අමාවතුර කරණ ලද්දේ 1703 දී රාජ්ය යට පැමිණි මහාපරාක්රරමබාහු රජුගේ කාලයෙහිද දි ය යි යට දක්වන ලදී. දැන් නැ‍ඟෙන ප්රරශ්නය නම් “මේ කාලය තුළ මේ තරම් දොෂයක් අමාවතුර ඇතුළු විය හැකි ද?” යන්න යි. නො හැකි නම් අමාවතුර මහාපරාක්රේමබාහු කාලයට වඩා පැරණි ය යන නිගමනය නිරායාසයෙන් ම වෙයි. මේ පොත් කළ කාල අතර ශතවර්ෂරයක පමණ පරතරයක් තිබේ. ලියන්නන් ගේ ප්රරමාදයෙන් මේ බඳු දොස් පොත්වලට වැද ගැණීමට එතරම් දීඝීක‍ාලයක් නුවුව මනා ය. එහෙයින් ඒ දොෂය අමාවතුර මහාපරාක්රෙමබාහු කාලයෙහි නො ව ඊට බොහෝ පෙර කරන ලද්දකැයා නිගමනය කිරීමට හේතුවක් නො වේ.

  • කඨිනානිසංසයෙහි 29 වන ද බැලිය යුතු.





v ධම්ප්රිදීපිකාව හා බුත්සරණ ගුරුළුගෝමින් විසින් ධමර්ර්රණ දීපිකාව පළමු වත් දෙවනු ව අමාවතුරත් රචනා කළ බව අමාවතුරෙහි කීප පළක ම ධර්මවප්ර්දීපිකා නාමය යෙදී තිබීමෙන් ඔප්පු වේ. ගුරුළුගෝමින් අමාවතුර රචනාකොට සිය වැඩිමහලු සොහොයුරිටයටදුන් බවත්, එවිට ඇය බල‍ා “ඇයි, මලනුවෙති, මෙය කුඩා ලමයින්ට මිස උගතුන්ට කියවීමට අයෝග්යද ය” යි කියා බුත්සරණ රචනා කරවූ බවත් මුඛපරම්පරායෙන් පැවතෙන කථාවක සඳහන් වේ. මුල්ලේරියාවේ විපුලසාර මහා‍ස්ථවිරයන් වහන්සේ විසින්: ශුඬ කළ දක්වන ලදී. මේ කථාවෙන් හා බුත්සරණ වනාහි අමාවතුරට පසු ව කළ පොතක් බවයි. අංගුලිමාල දමනය, නාලාගිරි දමනය, නන්දො පනන්දෙදමනය, ආලවක දමනය, සච්චකදමනය, බකබ්රා්හ්මදමනය යන මේ කථා‍ ඒ පොත් දෙකෙහි හ පෙණේ. ගුරුළුගෝමීහු ඒ කථා පාලිපොත් වලින් ම පරිවර්තපනය කොට යෙදූහ. තමන්ගේ ඊට එකතු, කඝ දෙයක් නැත. විද්යා චක්රඑවර්තීහු ඊට සරදම් කරන්නාක් මෙන්. පාලිපොත්වල නො පෙණෙන නොයෙක් අදහස් තමන්ගෙන් එකතු කරමින්, තමන්ගේ මහාකවියත්වතය ප්රහකට කරමින්, කථාවන්ට අමුත් පණක් දෙමින් ‘කථා ලිවිය යුත්තේ මේ අන්දමට ය’යි ඉගැන්වීමට මෙන් බුත්සරණ ලියූහ. බුත්සරණ අමාවතුරට පළමු වූයේ නම්, ගුරුළුගෝමී එය එහි පෙණෙන කථා ම භාෂන්තරපරිවර්තනයෙන් පමණක් වෙනස් කොට ලියන්නට නො සිතනු ඒකාන්තය.

පුරාතනයන් හා ගුරුළුගෝමීහු ගුරුළුගෝමීහු නාමය සිදත්සඟරාවෙහි දැක්වුනත්, පුරාතන ශේෂ්ඨ ග්රයන්ථකතෘවර නාමලේඛනයට ඇතුළත් වුවත්, එතුමා අනුගමනය කරන්ට පුරාතන ග්රුන්ථකතෘවරයන් සිතූබවක් නොපෙනේ. බුත්සරණෙහි පෙණෙන අදහස් පමණක් නො ව වාක්යඑ ද සිංහලසාහිත්යදයෙහි බොහෝ ගද්යෝ පද්ය් ග්රතන්ථයන්හි දැක්ක හැකි වුවත් ගුරුළුගෝමීන්ගේ කෘතියකින් පුරාතන සිංහල ග්ර්න්ථකතෘවරයන් ගත් දෙය ඉතාමත් ස්වල්ප ය. බුත්සරණෙහි පෙණෙන වාක්යෙයන් එසේ ම ගෙණ තමන්ගේ පොතෙහි නොයෙක් තැන යොදන්නට නොමැළිවූ පූජාවලි කෘතීන් වහද්සේ අමාවතුර බලාගෙණ ලියූ සේ සැලකිය හැකි යට සඳහන් කළ දිව්ය ලොක වර්ණ නාවෙහි භාෂා විලාසය පවා මුළුමනින් ම වෙනස් කළහ.




vi ධර්ම ප්ර දීපිකාවෙහි 61 අංකය දරණ අංශයෙහි ‍ෙපණෙන කථාව කියවූ, පාලිපොත් නො කියවූ, ස්මරණ ශක්තිය ඇතියන් පූජාවලියෙහි 11 වැනි පරිච්ඡෙදයෙහි හෝ සද්ධර්රත්නාවලියෙහි (බටුවන්තුඩාවේ සංස්කාරණයෙහි 1048 වැනි පිටුවෙහි) හෝ පෙණෙන (ඒ හා සමාන) කථාව කියවනවිට ධර්මිප්ර)දීපිකාවේ වහලින් එය ලියන ලදැයි ද ජිනාලංකාරවර්ණිණනාව (203පිටුව) කියවූවන් ඒ වර්ණනනාව එයින් ධර්මටප්ර‍දීපිකාවට ද එය ගත්තේ බුද්ධවංසකථාවෙනි. ධර්මධප්රාදීපිකාවෙහි 158 අංකය දරණ අංශය කියවන සමහරුන් සුමනමාලාකාරසමාගම ආදියෙහි දි අසංඛ්යඅය බැගින් සත්වවයන් නිවන් දුට හ යි වරදවා සිතා ගන්නාබව දනිමු. එය මෙකල සිටින්නන්ට පමණක් සීමා වූවක් නො වේ. පුරාතන මහාග්ර්න්ථකර්තෘාවරයෙක් වූ තුන්වැනි ධර්මුකීර්තිසංඝරාජමාහිමියන් වහන්සේ පව‍ා සද්ධර්මා‍ලංකාරදිසමාගනාමලෙඛනය ධර්ම ප්රාදීපිකාවෙන් උපුටා ගන්නා යොදමින් ඒ වැරැද්ද නිවැරදි කළ සේක. ගුරුළුගෝමීන්ගේ කෘතීන්ට නෑකම් කිය හැකි, සඬ්ර්මාලංකාරයෙහි තිබෙන අපට හමු වූ එකම ස්ථානය එය පමණකි. දළදාසිරිතෙහි 28 වැනි පිටුවෙහි පෙණෙන “අදා‍න්ත වූ කූටදන්තාදිබමුණන් ද අජාසත් රජු ආදි රජුන් ද” යනා දි පාඨය අමාවතුර සිහි කිරීමෙන් ලියූවකැයි සිතිය හැකි ය. ධර්මූප්රුදීපික‍ාවෙහි (1915) 117 වැනි පිටුවෙහි පෙණෙන “සිල් නම් බිසමමුහුදු තරණ මහනැව. රූ තවරණ වණවැටිය” යනාදී පාඨයට සමාන “සිලං නාමෙතං සඬ්බභයමහණ්ණවතරණාය නාවා. රූපවිවිත්ත්තරණය වණ්ණතුලිකා” යනා දි පාලිපාඨයන් තුන්වැනි විජයබාහු රජුගේ කාලයෙහි කළ (පාලි) උපාසකජනාලංකාරයෙහි 71 පිටුවෙහි අග පටන් පෙණේ. එය උපාසකජනාලංකාරයට ධර්මවප්ර්දීකාවෙන් යන්නා ලද ද? නැතහොත් ඒ දෙකට ම අනෙක් පොතකින් ගන්නා ලද ලද? යි විසඳීම දුෂ්කර ය. හෙ බඳු තැන් කීපයක් මිස ගුරුළුගෝමන්ගේ කෘතින්ට නෑසබඳකම් ඇති වැඩි තැනක් සිංහලසාහිත්යුයෙහි නොමැත්තේ ය.





vii ගුරුළුගෝමීන්ගේ භාෂාව ගුරුළුගෝමීන්ගේ අමාවතුරෙහි භාෂාව හැමදා ම අළුත් බවක් දක්වතත් පුරාතන ග්රාන්ථකර්තෘ්වරයන් අතුරෙන් කිසි කෙනෙක් එය අනුගමනය කරන්නට නො සිතූහ. ඒ භාෂාවෙහි අළුත්බව පෙනෙන්නේ එය සාමාන්යත සිංහල වාක්යෙරචනා ක්රනමයට වෙනස් වීම නිසයි. ගුරුළුගෝමින් අමාවතුරෙහි දි සිංහලව්යානකරණක්රසම නො ඉක්මවූත් වාක්යුයොජනය හැම විට ම පාලිභාෂානුගත වී ය. වාක්යුයක මධ්යයයෙහි අනික් වාක්යප යෙදිම වරදකැ යි ආලඬ්කාරිකයන් කියතත් ගුරුළුගෝමින්ගේ අමාවතුරෙහි එබඳු තැන් රාශියක් දැක්ක හැකි ය මේ පොතෙහි 6 වැනි පිටුවෙහි 13,16,32 වැනි පේළිවල ද තවත් නොයෙක් තැන්වල ද එබඳු ගර්භිතව පෙණේ. ඊට හෙතුව පාලිපාඨය තිබෙන පරිදි ම පෙරළන්නට යෑමයි. අමාවතුරෙහි පළමුවැනි පරිච්ඡෙදය හැර අනික් සියල්ල ම පාලිපොත්වලින් සෘජු ව ම පරිවර්ත්නය කළ බව ඒ තැන් සසදන කාට වුවත් ප්ර ත්ය‍ක්ෂ වන්නකි.

අමාවතුරට පිහිට වූ පොත් අමාවතුරෙහි කථාවට සමාන පාලිකථාව තිබෙන තැන් සියල්ල ම උපග්රාන්ථයෙහි දැක්වීමු: එහෙයින් අමාවතුරෙහි පරිවර්තරනයන් පාලිපාඨය හි සසඳා බැලීම දැන් අපහසුවක් නො වේ. අමාවතුරෙහි පෙණෙන කථාවන් අතුරෙන් සමහරක් පාලිපොත් කීපයක ම දැක්ක හැකි ය. එහෙත් එක පොතක පෙණෙන කථාව‍ට වඩා අනෙක් පොත්හි තිබෙන කථා‍ෙව් සුලු වෙනස්කම් තිබේ. නිදර්ශ නයක් වශයෙන් අමාවතුරෙහි සහියසූත්රේය සුන්තනිපාතයට අයිතියකි. ඒ කථාවෙහි අතීතකථාව සුත්ත්නිපාතකථාවෙහි පෙණෙනත් ධම්මපදඨනකථා, මනොරථපූරණී ආදියෙහි තිබෙන එම කතාවට වඩා එය මදක් වෙනස්වේ. ගුරුළුගෝමින් සහියපුත්තඅටුවාවෙන් එය නෙ‍ා ගෙණ ධම්මපදඨකථාවෙන් නොහොත් මනොරථපූරණියෙන් ගත්බව පෙණේ. එසේ ම උපාලිසුත්තඅටුවායෙහි ද පෙණෙනන්, ඒ තාක් ඒ අටුවාව ම අනුව උපාලිගහපති දමනය විස්තර කළ ගුරුළුගෝමීන්ගේ කථාවන්ට ප්ර භව වූ පාලිකථ‍ාව තිබෙන්නේ කවර පොතක දැ යි නිශ්චය කිරීම වෙහෙස ගෙණ දෙන වැඩක් බව තේරුම් ගත හැක්කේ එ බඳු වැඩ කර පලපුරුදු අයට පමණකි. viii පුරාතනයේ දි ජාතකඩ්කථාවට නොයෙක් අන්දමේ සූචි සාර, සඬ්ක්ෂෙෙප ආදිය තිබුනු බව බුත්සරණ, දහම්සරණ, පූජාවලි ආදියෙන් තේරුම් ගත හැකිය. අමාවතුරෙහි පළමුවන පරිච්ඡෙදය ලිවීමට ගුරුළුගෝමීන්ට එබඳු ජාතක සූචියක් ඉවහල් වුනා දැ යි පරීක්ෂා කළ යුතු ය.

ගුරුළුගෝමීවැණුම ඉතා කෙටි වාක්යම ලිවීමෙහිකත්, වචන කීපයකින් අත්ථක රාශියක් ප්රීකාශ කාරීමෙහිත් ගුරුළුගෝමීන් ඉතාමත් සමත්වෙයෙකු ලෙස මේ කල සමහරු සිතති. එසේ සිතන්නේ ගුරුළුගෝමීන් ගේ වාක්‍යවලට මුල් වූ පාලිවාක්යු ගැණ නොදැනීම නිසා ය. ගුරුළුගෝමීන්ගේ වාක්යකවල කෙටිබව නිසාත් අත්වාභාරය නිසාත් යම් ප්රගශංෂාවක් වේ නම්, එය අයත් විය යුත්තේ පාලිවාක්යව ලියූ අත්වරකථාචාය්ය් ර්වයරයන්ට ය. සිංහලසාහිත්යායෙහි තිබෙන ඉතාමත් දික් වාක්යශවලින් ගුරුළුගෝමීන්ගේ පොත් ද නොමි දේ. මේ අමාවතුරෙහි ම පලමුවන පරිච්ඡෙදයෙහි තිබෙන්නේ ක්රිදයාකාරකපද සම්බන්ධ හෙවත් ව‍ාක්ය දෙකකි. ත්රිනපිටකයෙහි නොයෙක් තැන විසිර තිබුනු විචිත්රබ කථාවස්තු තෝරා ගැණීමෙහි යම් ප්රතශංසාවක් කළ යුතු නම්, එය ද ලැබිය යුත්තේ ‘පුරිසධම්මසාරථි’ යන පදය වර්ණළනා කළ අටුවා ඇදුරන් විසිනි.

	ගුරුළුගෝමීන් පාලිවාක්ය්යන් පද්රාකනුපදික සේ පරිවර්තනය කිරීමෙහි ඉතා දක්ෂයෙකු වුවත් පාලියත් අටුවා මිශ්ර් කර පරිවර්තනය කරන්ට යෑමෙන් අමාවතුරෙහි කීපපලක් වැරදවූ බව පෙණේ. ඒ  කතැන් උපුටා දැක්වීම්  ඩමේ  සංඥපනය දික්වීමට හේතුවකි. එහෙයින් වුවමනා කෙනෙකුන් පාලිපාඨය හා  සිංහල පරිවර්තනය  ද සසඳා බැලිය යුතු යි. එවිට එබඳු තැන් හමු විය හැකිය. 
    

කාලිඬ්ගඑලුව මෙහි වාක්යවරචනා විලාසයෙහි අළුත් බවක් පෙණේතත් සිංහල වාක්යනරචනාක්ර්මයට හුරු නොවීම නිසා ම පුරාතනයන් මෙය අනුගමනය නො කළ බව සිතිය හැකිය. පුරාතනයන් ගුරුළුගෝමීන්ගේ ප්රිධාන කෘතිය වූ ධර්මතප්රුදීපිකාව කුඩාවරුන්ගේ අක්ෂයරාභ්යාාසය සඳහා කියවූ අතර අමාවතුරට ‘කාලිඬ්ගඑලුව’ ය යි සරදම් කළ බව ශ්රීය ඥනේශ්වර මාහිමියන් වහන්සේ



ix වරක් අප සමඟ වදාළහ. අමාවතුරට ‘කාලිඬ්ගඑලුව’ යන නම තබන්නට ඇත්තේ එහි සාමාන්යඑ සිංහල වාක්ය්රචන‍ා ක්රතමයට නුහුරු වාක්යම අධාක වීම හා එහි කර්තෘනවරයා කලිඟුරට උපන්කෙනෙකු වීමත් නිසා විය යුතුය. ගුරුළුගෝමි ආචාය්ය් ර්වුරයා කලිඟුරට උපන්නෙක් නම්, මහපැරකුම්බා කාලයෙහි විසූවක් නම්, කවීශ්වරපණ්ඩිත දෙවෙනි විජයබාහු රජුගේ දාඪ මිත්රනත්ව ය නිසා මෙරට පැමිණියෙකැයි සැලකිය හැකිය. දෙවෙනි විජයබාහු නාමයෙන් රජ වූයේ මහපැරකුම්බා රජුගේ බෑනනු කෙනෙක් වූ කීර්තිශ්රීුමෙඝ කුමාරයා ‍යි. එතුමා මහපැරකුම්බා රජු විසින් සිංහපුරයට යවා ගෙන්වූ බව ශිලා ලේඛනයෙක්හි සඳහන් වෙ යි. (ශි. සං. 2:- 111) සිංහපුරය වූයේ කලිඟුරටෙහි ය. මහපරකුම්බා රජතුමා මානාභරණ රජු මළ පසු කීර්තිශ්රී මේඝ කුමාරයා තමා වෙතට ගෙන්වා ශාස්රොශ් ද්ග්රාහණය සඳහා සිංහපුරයට යැවූ බව සැලකිය හැකි ය. ගුරුළුගෝමි ආචාය්ය්ාර්ව රයා එහි දී කීර්තිශ්රීසමේඝ කුමාරයා සමඟ ලක්දිවට පැමිණ සිංහලභාෂාව ඉගෙණ සිංහලයෙහි ද විශාරද පඬිවරයෙකු වූ බවත් සැලකිය හැකි ය. ඒ කාලයෙහි කළ අනික් ගද්යව ග්රවන්ථයන්හි නැති ඉතාමත් පැරණි සිංහලවචන රාශියක් ගුරුළුගෝමීන්ගේ පොත්වල පෙණීමත් ඒ ආචාය්ය්ිර්වෝරයා විදෙශයකින් පැමිණ සිංහල භාෂාව ඉගෙණ සිංහල ග්රයන්ථ සම්පාදනය කළ හෙයින් ම වූවකැ යි ශ්රීථඥනෙශ්වර මාහිමියන්ගේ හැඟීමකි. ගුරුළුගෝමීන් ගේ කාලයෙහි මේ රටෙහි පැවති සිරිත් විරිත් ආදිය හෝ ග්රැන්ථකර්තෘපහුගේ ශාස්ත්රහවිශාරදත්වරයට වැඩි තත්වයක් හෝ තේරුම් ගැණීමට ස්වල්ප වූ ද උපකාරයක් අමාවතුරෙන් හෝ ධර්මමප්රදදීපිකාවෙන් නො ලැබේ. එය ද ග්රරන්ථ කර්තෘඋහුගේ විදෙශිකභාවය දක්වන්නක් විය නො හැකිද?

ගුරුළුගෝමීක් හා මහායානධර්මමය ගුරුළුගෝමීන් ගේ අදහස් මහායානධර්මමයට නැමුනේ ය යි සමහරු සිතති. අපට නම් එබඳු තැනක් නො පෙණේ. අමාවතුරෙහි ගුරුළුගෝමීන්ගේ අදහස් ය යි දක්වන්නට කිසිවක් නැත. ධර්මීප්රයදීපිකාවෙහිද ඇත් නම් ඉතාමත් ස්වල්පයකි. ගුරුළුගෝමීන් මහායානිකයන්ගේ ග්රමන්වලින් ධර්ම ප්රමදීපිකාවට




x කරුණු ගත්බව ප ැහැදිලිය. ‘ශුැපාදයෝ’ යි ධර්මුප්රැදීපිකාවෙහි දක්වන ලද්දේ ජාතකමාලා නම් අතිශය මනොහර චම්පු කාව්යදය රචනා කළ ආය්ය්ාර්ශුතරයන්ගේ නාමය යි. එතුමා මහායානාකයෙකි.

ධර්මරප්රඑදීපිකාවෙහි (157 වැනි පිටුවෙහි) පෙණෙණ- “කියතො* මාරයිෂ්යාකෂි දුජිනාත් ගගනොපමාන්, මාරිතෙ ‍ෙක්රාාධවිනෙත තු මාරිතාසස්විශත්රගවා” යන ශ්ලෝකය බොධිචය්ය්රර්වාතාරයෙන් (5-12) ගන්නා ලද්ද්කි.‍‍ බොධිචය්ය්තර්ව්තාරයෙහි මුල පරිච්ඡෙදයන්හි ස්ථවිරවාදය හා නො ගැළපෙණ තැන් වඩා නැතත් අග කොටසෙහි උගන්වන ධර්මැය නම් බෙහෙවින්ම නො ගැළපේ. මෙසේ ගුරුළුගෝමිහු මහායානිකයන්ගේ ග්රේන්ථවලින් නොයෙක් දෙය ගත් නමුත් ස්ථවිරවාදයට විරුඬ කිසිවක් සිය ගත් වල‍ට ඇතුළු වන්නට ඉඩ නුදුන්හ. අනෙකක් තබා සංඥානාමයෙන් ද මහාවිහාරවාසීන්ගේ පොත්වලට විරුඩ ලෙස ම යොදන්ට හැම විට ම එතුමා සාවධානව වූ බව කිය හැකි ය. ඊට නිදසුන් වශයෙන් අමාවතුරෙහි පෙණෙණ ‘නන්දෙිපනන්දව,තිම්බරු’ යන නාම දැක්විය හැකි ය. ජාතකමාලා,බොධිචය්ය් ර්‍ාවතාර ආදි මහායානිකග්රින්ථ හා හවිෂ්යෙත්පුරාණාදිය ද කියවූ ගුරුළුගෝමි තුමා ‘අවදානකල්පලතා’ නම් අතිශය මනොහර බෞද්ධ සංස්කෘත මහාකාව්යනයට මුල් වූ මහායානග්රින්ථ නො කියවූයේ ය යි සිතන්නට කරුණක් නැත. අමාවතුරෙහි පෙණෙණ ධනපාල දමනය, නන්දෙනපනන්දහ දමනය, බිම්බිසාර රාජකථා, ශක්රනදමනය යන මේ කථා අවදාන කල්පලතායෙහි 28, 33, 44,78 යන පල්ලවයන්හි පෙණේ. පාලි පොත්වල පෙණෙණ ඒ කථාවන්හි නැති සමහර තොරතුරු එහි පෙණේ. ගුරුළුගෝමි ඇදුරුතුමානෝ ඒ මහායානික කථාවන් නුදුටු කෙනෙකු මෙන් හැම විට ම පාලිපොත් අනුගමනය කළහ. අවදානකල්පලතාවෙහි පෙණෙන පරිදි ‘නන්දෙ පන්දල’ යනු එක ම නාගරාජයෙක් නොවේ. ‘නන්දෙ, උපනන්දප’ නම් දෙදෙනෙකි. ගුරුළුගෝමිහූ ඒ බවක් නො කියා පාලිපොත්වල කියන පරිදි එක් නාගරාජයෙකු ලෙස ම දැක්වූහ. ‘නිම්බරු’ යන නම අවදානකල්පලතාවෙහි පෙණෙන්නේ ‘තුම්බරු’ යන ලෙසිනි. මහාභාරතයෙහි ද පෙණෙන්නේ එය ම ය. එහෙත් ගුරුළුගෝමි පාලිලොත් අනුව යමින් ‘තිම්බරු’ යි ම ලියූහ.‍ මේ කරුණුවලින් පෙණෙන්නේ ගුරුළුගෝමිහු කිසිවිටක මහායානික මතයන්ට අවනත නොවූ බවයි.

    * ‘කියන්තො’ යන්න ප්ර මාදදොෂයකි.


xi සිංහල සාහිත්යායට ආභරණ පුරාතනයන් කෙසේ සැලකුවත් ගුරුළුගෝමින්ගේ කෘති දෙක ම සිංහලසාහිත්ය යට මහාර්ඝ් ආභරණ දෙකකි. එයින් සිංහල භාෂාවට ලැබුනු-ලැබෙන මෙහෙය අපමණ ය. සිංහලභාෂාවෙහි ශබ්දකොෂය පාලි සංස්කෘත භාෂාවෙන්ගෙන් ම පොහොසත් වූ හෙයින් සිංහල වාක්යෙරචනාක්රතමය ද ඒ භාෂාවන්ට අනුගත වීම සුදුසු ය. එහෙයින් අමාවතුරෙහි පෙණෙන වාක්යය රචනා ක්රවමය අනුගමනය කිරීම වරදකැයි නො කියමූ.

අමාවතුරු ශුඬී අපේ භාෂාවට ද ලබා තිබුනු දුර්භාග්ය දශාව දැන් ක්ර මයෙන් අතුරුදහන් වී ගෙණ යයි. යළිත් සිංහල භාෂාවට වාරය පැමිණේ. ඒ සඳහා කළ යුතු එක් උපායක් නම් සිංහලසාහිත්යරයෙහි ඇති ශ්රෙයෂ්ඨ පුරාණ කෘති සියල්ල දොස් දුරු කරඔප දමා ප්ර කාශයෙහි තැබීමයි. පැරැණි පොත් වලට ලියනනන් ආදීන්ගෙන් ඇතුළු වී තිබෙන දොස් එක වරකින් දෙකකින් දුරු කළ නො හැකි ය. එසේ ම අනුන් විසින් සකස් කළ පොත් පැරණි පිටපත් ආදිය සමඟ නො සසඳා, යම්තමකින් වෙනස් කර මුද්රපණය කරවා ගන්නා අයගෙන් ද පුරාණ ග්රින්ථයන්ගෙන් බැබලීමට කරුණු සිදු නො වේ. මේ කරුණූවලට නිදසුනක් වශයෙන් අමාවතුරම දැක්විය හැකි ය. ලොකයෙහි සියලු ම දෙය ක්රැමයෙන් දියුණූ වන නමුත් අමාවතුරෙහි ශුද්ධිය නම් මේ තාක් එසේ වූ බවක් නො පෙ‍ණේ. අප මුල දී කියවූ අමාවතුර ශුද්ධ කරණ ලද්දේ එච්. ජයතිලක නම් මහතෙකු විසිනි. ඒ ශුද්ධියෙහි තත්ත්වණය කීමට දැන් අපි නො පොහොසත් වෙමු. ඒ පොත ද දැන් අප වෙත නැත. ඊට පසු අපේ අතට පැමිණ මේ තාක් තිබෙන්නේ රිචඩ් ද සිල්වා මහනාම පණ්ඩිතරත්න වික්ර මසිංහ මුදලිතුමා විසින් සංශොධනය කළ ග්ර්න්ථය යි. පුස්කොළ පිටපත්හි පෙණෙන බොහෝ විෂමපාඨයන් අධොලිපිවශයෙන් දක්වමින් කළ ඒ ශුඬිය යම් යම් අය විසින් සුලු වෙනස්කම් කරමින් ,කොටස් වශයෙන් වරින් වර මුද්ර්ණය කරවා ගන්නා ලදී. මහනාම මුදලි තුමා අතින් ශුද්ධ නොවූ තැන් සකස් කරන්ට කිසිකෙනෙක් නො සිතූහ. ඒ සංස්කරණයෙහි තවත් දොස් ඉතිරි ව තිබෙතැයි කිසිවෙකු සිතූ බවක් නො පෙණේ. එහි ප්රවථමභාගයට මුල පරිච්ඡෙද හතර එක්තරා ප‍ාඨශාලාචාය්ය්ාර්‍ මහතෙකු විසින් විවරණයක් ද සහිත කොට




xii මුද්ර්ණය කරවන ලදී. මහානමසංස්කරණයෙහි ඉතිරි ව තිබුනු දොෂස්ථාන එකක් වත් ශුද්ධ නොකරණ ලද්දේ මහානාම මුදලිතුමා විසින් ජප කළ ආරක්ෂාාමන්ත්ර යක් වූ ශ්රී ධර්මාුරාම මාහිමියන්ගේ නාමයට බිය වීමෙනැයි සිතමු. ග්රින්ථශො‍ධකයෙකු හා ග්ර න්ථකර්තෘරවරයෙකු ද වශයෙන් සුප්රරසිඬ වූ වියත් කෙනෙකුන් විසින් ඉතිරි භාග දෙක දෙවරකට මුද්ර‍ණය කරවා පරිච්ඡෙද කීපයකට විවරණයක්ද ලියන ලදී. ඔවුන්ගේ කෘතිවල ඇති තතු කීමට ඔවුන් ගුරුදෙවත්වයයෙහි ලා සලකන නර ලොව සමහරුන් නොයෙක් දෙනාට ආරාධනා කරණ නමුත් ඒ සඳහා යෙදීමට අපට නම් කාලයක් නොමැත්තේය එහෙත් ඒ ශුද්ධි සම්බන්ධද ව වචන කීපයක් වත් නො කීම අමාවතුර පරිශීලනය කරන්නන්ට පාඩුවකැයි හැ‍ඟෙන හෙයින් මඳ දෙයක් ම පවසමු. මහනාම සංස්කරණයෙහි ඉතිරි වූ අවශ්යමයෙන් ම ශුද්ධ විය යුතු තැනි සියල්ල ම මහත් පරිශ්රවමයෙන් කළැයි ඒ වියතුන් විසින් වර්ණසනා කරනු ලබන ඒ සංස්කරණයෙහි ද තිබේ. මහත් පරිශ්රමමයෙන් කර තිබෙන්නේ ගුරුළුගෝමීන් නොලියූ තැන්වල ද ‘ඇ’ යන්නක් යෙදීම, දැන් කෙබන්දෙකු විසින් වත් වෙනස දක්වා උච්චාරණය නො කට හැ කි ‘න,ණ’ යන ලකුණු දෙක හා ‘ල,ළ’ යන ලකුණූ දෙකත් ඔවුන්ගේ අදහස් පරිදි පෙරළීම, “රන් හා රිදී හා තඹ” යන්න වැනි තැන් වල අගටත් ‘හා’ යන්නක් එකතු කිරීම, “කරමිසිතා” යනායි සන්ධි වූ තැන්වල “කරමි යි සිතා” යන ලෙසින් සන්ධිනය බිඳීම ‘ලේබිත්ල,ගෙකක්,යවී’ යනාදි පැරණි වචනවලට ‘ලේඬිත්ත, ගෙයක්, යැවි’ යනාදි අළුත් රූප ගැන්වීම යන මේ ආදිය යි. ශුද්ධ නොකළ හොත් අර්ථයක් කිය නොහැකි, නැත හොත් විරුඬාර්ථ දෙන,ස්ථා’න සියල්ල ම ඒ සංස්කරණයෙහි ද ඉතිරි ව තිබේ. ඒ සංස්කරණය සඳහා පුස්කොළ පිටපත් වහල් කර නෙ‍ා ගත් බව, පුස්කොළපොත්හි නැති,මහනාම මුදලිතුමා විසින්ම එකතු කළ වචන, ඒ සංස්කරණයෙහි ද පෙණෙන හෙයින් ඔප්පු වේ.

11-18 පරිච්ඡෙිද ‍ මහනාම සංස්කරණයෙහි තුන්වැනි කාණ්ඩයට අයත් 11-18 වැනි පරිච්ඡෙද 1936 දි අප අතින්ද සකස් වී ප්රහකාශයට පැමිණියේය. පසුව එම කොටස අප විසින් ලියූ විවරණයක් ද පළ වී ය. ඒ කාය්ය්කර්‍‍ෙයහි අප යෙදුනේ මැලේරියාජීවරයෙන් දින පතා පීඩා විඳිමින් සිත කය දෙක ම ඉතාමත් දුර්වෙල ව සිටි අවස්ථාවක යි. එසේ වුව ද මහානාම මුදලිතුමා විසින් හෝ යථොක්ත වියතුන් විසින් හෝ ශුඬ නො කළ දොෂස්ථාන රාශියක් අප විසින් ශුද්ධ කරණ



xiii ලදී. ඊට පසු ව එම භාගය සම්බන්ධද සංස්කරණ තුණක්ම ප්රiකාශයට පැමිණි බව දනිමු. එයින් එකක මුද්රමණය අපේ සංස්කරණයෙහි මුද්රටණයට මත්තෙන් ආරම්භ කරණ ලද නමුත් ඊට මත්තෙන් අපේ සංස්කරණය ප්රෙකාශයට ගියේය. එවිට එය සංස්කරණය කළ පඬිවරයානන්ට ස්වකීය කෘතියෙහි දොස් තිබෙන බව පෙණුනු හෙයින් අපගේ කැමැත්ත ඇති ව ශුඬි පත්රපයකින් අපේ සංස්කරණය අනුව එය සකස් කරණ ලදී. දෙවැන්න යථොක්ත වියතානන්ගේ ම සංස්කරණයකි. එහි ඔවුන්ගේ ප්රඅථම සංස්කරණයෙහි නැති ශුඬි මහත් රාශියකි. ඒ සියල්ල මෙහි දැක්විය නො හැකිය. ඒ සියල්ල ඔවුන් විසින් අපේ පොතෙන් පැහැර ගතැ යි අපි නො කියමු. එහෙත් එයින් බොහෝ තැන් අපේ පොතේ පාඨයන් හා සම‍ාන ය; නැත් නම් ඉතාමත් කිට්ටු ය. එයින් සමහරක් අපේ පොතෙහි මිස පුස්කොළ පොතෙහි නම් නැත. තෙවැන්න නායක ස්ථවිරයන්වහන්සේ කෙ‍නෙකුන්ගේ නමින් ප්රෙකාශයට පැමිණි ගැටපදවිවරණයක් ද සහිත වූවකි. පොත ශුද්ධ කිඍීමට පැමිණි ගැටපදවිවරණ ලිවීමටත් අපේ පොත ම උපකාර වූ බව හැම විටම වාගේ පෙණෙන නමුත් අපේ පොත ගැණ සඳහන් නො කරණ ලද්දේ ස්වකසංඥවෙන් ගන්නා ලද හෙයිනැයි සිතමු. ඒ ගැණ අපේ විරෝධයක් නැත. අනික් අයෙකුට අපේ කෘතියක් පිටිවහල් වනු දැක්ම අපේ සන්තුෂ්ටියට කරුණකි. එහි පෙළ මුද්රදණය කරන්ට ආරම්භ කරණ ලද්දේ අපේ ගැටපද විවරණය ප්රමකාශ වන්ට මත්තෙනැයි සිතමු. එහෙයින් හ මහානාම සංස්කරණයෙහි පෙණෙන සමහර වචන පිළිබඳ රහස් නො දැන ගුරුළුගෝමින්ගේ චවන ය යි සලකා යොදා ගෙණ ගැටපද විවරණයෙහි ද නොගැළපෙණ දෙය කිය තිබෙන බව පෙණේ. එබඳු එක් තැනක් නම් මහානාම සංස්කරණයෙහි 215 වැනි පිටුවෙහි පෙණෙන “පෙරබත්කිසය නිමවා පසුබත්කිසය නො නිමි කළුවර පොහෝ දවස්” යන් පාඨයෙහි “කළුවර පොහෝ දවස් ” යන්න ය. මේ සඳහා අපේ පොතෙහි එන්නේ “ගුණූපොහෝ දවස් ” යන්න ය. මේ ‘ගුණු’ යන්න සඳහා ‘කළුවර’ යි යොදන ලද්දේ පුසකොළපොත්හි තිබෙන ‘පුණු’ යන්න ශුද්ධ කිරීමට අසමර්ථ වූ සංස්කාරකයන් විසින් ම ය යනු අපේ විවරණය ප්රරකාශ වන්ට මත්තෙන් යථෙ‍ාක්ත වියතානන්ට හෝ ඒ නායකස්ථවිරයන්ට තේරුම් ගැණීමට ක්රතමයක් නැති වී ය. එහෙයින් ම ඒ දෙදෙන ම ‘කළුවර’ යන්න යොදා ගත්හ. මේ සම්බන්ධ විවරණයක් ලියන නායකස්ථවිරයන්ගේ කල්පන‍ාව



xiv අවුල් වූ ලෙසක් ද පෙණේ. අපේ පොතෙහි 12 වැනි පරිච්ඡෙදයෙහි මුල ම පෙණෙන ‘වනලෑයෙන්’ යන්න තමාගේ පොතෙහි එසේ නො යො ද‍ා මහානාම සංස්කරණයෙහි පෙණෙන පරිදි ‘වැතලෑයෙන්’ යි යොද‍ාගත් නමුත් අපේ ගැටපදවිවරණයෙන් එහි වැරැද්ද තේරුම් ගත්පසු සිය ගැමපදවිවරණයෙහි දි එය ‘වනලෑයෙන්’ යි ශුද්ධ කරණ ඒ නායක ස්ථවිරයෝ අපේ ගැටපද විවරණයෙහි 58 වැනි පටුවෙහි ලියූ “අව්යික්තලෙඛකයන්ගෙන්” ‘ගුණු’ යන්න ‘පුණු, කුණු’ යන එක් ලෙසකට පෙ‍රළෙන්නට පහසු ය. මුද්රිසත පොත්හි එන ‘කළුවරපොහෝදවස්’ යන්න ‘ගුණූපොහෝ’ යන්න සාවද්යුයයි සිතූ...... ........ සංස්කරණයන් විසින්......... ...... කරණලද විපය්ය්.ර්ස.යකි” යන්න බලමින්ම “මේ ‘කාළපකබුපොස්ථදිවසෙ’ යන අටුවා පාඨය වෙනුවට ලියන ලද්දයි. මේ තැනට ‘ගුණුපෙහෝදවස්’ යනු නිදොස් ය යි සමහරු* කියත් නමුත් රුවන්මාලෙහි ‘පුණු,ගුණ’ යන දෙක ම දක්වා තිබෙන්නේ පුරපසළොස්වකට නම් වශයෙනි. එය කෙසේ වුවත් අමාවතුරු වාක්ය යන් පාළිවාක්ය්යන් අනුගමනය කොට තිබෙන අයුරු බලනවිට ‘කාළපකබුපොස්ථදිවස’ යන්න “කළුවරපොහෝදවස’ ය යි සිංහලට පෙරලූ බැව් නිගමනය කළ හැක” යනු ලියති. අලේ ගැටපදවිවරණය කියවූ සිහිය ඇති කාට වුවත් ‘කළුවරපෙහෝ’ යන්න සංස්කාරකයන්ගේම පෙරළුමක් බව වැටහෙනු එකාන්ත යි. ‘ගුණුපොහෝ’ යන්න බුත්සරණෙහි 80 වැනි අංශයෙහි ද යෙදුනු බව අමාවතුරු විවරණයෙහි දී අපි කීමු. බුත්සරණෙහි එක් ශිලාලිපියෙක්හි ‘ගුන්පොහොය’ යි යෙදින. රුවන්මලෙහි වූ භ්ර මයෙක හෙතුමින් ඇතැම්හු මීට ‘පුරපසළොස්වක’ යන අර්ථය දක්වති” යි ද අපි කීමු. නායකස්ථවිරයන් රුවන්මලෙහි එල්ලෙන්නේ මේ බුත්සරණ විවරණ‍පාඨය නුදුටු නිසා ද? ජාතක අටුවාව ඉගෙණ ගන්නා බාලයෝ ද මේ වචනය කළුවරපොහොය සඳහා පැරණියන් යෙදූ බව දනිති. මුද්රි්ත ජාතක අටුවාගැටපයෙහි 42 වැනි පිටුවෙහි 4 වැනි පෙළෙහි ද 93 පිටුවෙහි 15 පෙළෙහිද මෙය පෙණේ. ධර්මයකථිකයෝ විශුද්ධිමාගිසන්නය කියවති. එහි මග්ගාමග්ගඤණදස්සනවිසුද්ධිනිද්දෙසයෙහි (7 භාගය, 309 පිටුව) ‘කා‍ලපක්බුපොස්ථො’ යන්නට අර්ථ කීමට යෙදුනේ මේ ‘ගුණුපොහෝදවස්’’ යන්න යි. තවත් නොයෙක් තන්හි මේ වචනය මේ අර්ථයෙහි යෙදී තිබේ. මේ සම්බන්ධගව අප විසින් ලියූ විවරණ‍යත් 1947 අධ්යාවපනප්ර වෘත්ති සඟරාවේ පළ වි ය. මෙය ‘ගුනු’ යිද සමහර තන්හි පෙණේ.

    *  මෙහි “සමහරු” යි කීයේ අප උදෙසාය. අන් කිසිවක් මෙහි             හෝ අන් තැනෙක මේ ‘ගුණු’ යන්න ගැණ මීට පෙර කිසිවක් නො ලී ය.  
         

xv ඒ නායක ස්ථවිරයන් ස්වකසංඥව මුල් කොටම අපේ සංස්කරණයන් හා ගැටපදවිවරණය ද ගන්ට නොගොස් ඒ අවස්ථාවෙහි ඒ සම්බන්ධද අපේ කැමැත්ත ද විචාරණ ලද නම්, අපෙන් අත හැරුණු, ශුද්ධ කළ යුතු තැන් හා අපේ ගැටපදවිවරණයෙහි වරදවා අර්ථ කී තැන් ද ඉතා සතුටින් පෙන්වා දෙන්න‍ට හැකිව තිබුනි. ඊට ඉඩ නො ලැබීම සැබැවින් ම අපේ බලවත් ශොකයට කාරණ‍යකි. ආලවකදමනයෙහි “අප බුදුන් පිණිස තෝ කියබර” යන්නට අප ලියූ “අප බුදුන් සඳහා තෝ (කියද්භාරද?) මොන බරක් ද?” යන්න අපට වැරදුන තැනකි. ඒ නායක ස්ථවිරයෝ ද ඒ පාඨයට “අප බුදුන්ට තෝ මොන වරක් ද?” යනු ලියති ‘කියබර’ යන්නෙහි නිවැරදි තේරුම “මොල්ලි බර ඇති” යනු යි. මොල්ලියට ‘කිය’ යනු යෙදේ. ‘කියබර’ යන්න ‘උසබරජ’ යන්නෙහි විශෙෂණයකි. එය “වලක්කකුධමහාඋසභ” යි පාලියෙහි ද යෙදුනේ ය. “අයකැමි, බචාරී මැරියටි ව, ගිම්කලැ පිරි සිහිල්සෙවන” යනාදි පාඨ අපෙන් ශුද්ධ නුවූ තැන්වලින් කීපයකි. ඒ තැන්හි ශුද්ධපාඨ මේ පොතෙහි 11712 , 12013 , 1224 යන පිටුවල පෙණේ. අපේ පළමු සංස්කරණයෙහි ‘අයකැමි’ යි ‍යෙදුනු පාඨය මහානාම සංස්කරණයෙහි “අයක්කැමි’ යි ද බොහෝ පුස්කොළ පොත්හි ‘අරක්කැමි’ යි ද පෙණේ. ඒ එක් පාඨයක්වත් නො ගැළපේ. අපට පසු ව ලැබුනු එක් පුස්කොළ පොතෙක්හි එය ‘අක්කැමි’ යි පෙණේ. යොග්යො වචනය එය ම ය. එය ‘අගඝකම්මික’ යන වචනයෙන් එන්නකි. ලියන්න්ගේ වැරැද්දෙන් වෙනස් වූ මේ වචනය සිංහල මහාශබ්දකොෂයෙන්ද බැහැර විය. එය ශබ්දකොෂ කර්තෘ න්ගේ වරදක් නො වේ. ‘ගිම්කල පිරිසිහිල් සෙවන’ යන්නෙන් ‘ඡායං ඝම්මාභත්තෙතාව’ යන ගාථාපාදයාගේ අර්ථය නො ලැබෙන හෙයින් ද,’පිරි’ යන්න ‘සෙවන’ යන්නෙහි විශෙෂණයකැයි සැලකුවත් නිරර්ථක හෙයින් ද ‘ගිමින් කලකිරි සිහිල්සෙවන’යි වෙනස් කෙළෙමු. ‘කලකිරි’ යන්න ‘කලකුරු’ දයින් සිද්ධ වන කෘදන්ත පදයකි. ‘මගියක්හු’ යන්න වෙසෙසන්නකි. ‘ගිමින් කළකුළු’ යි ධර්මරප්රමදීපිකාවෙහි කාලිඬ්බොධිජාතකයෙහි ද එයි. මෙසේ සකස් කළ යුතු තවත් තැන් අපේ සංස්කරණයෙහි ද තිබුනු නමුත්, එය පිටපත් කොට අපගේ ශුඬි හා වෙනස් කිරීම් ද තමන්ගේ ලෙස ම දක්වා මුද්රපණය කරවූ කාට වත් ඒ එක්තැනක් වත් නො පෙණින. අපගේ ශුද්ධි ගැණ අපි මසුරු




xvi නො වෙමු. එහෙත් කිසි ම වෙහෙසක් නො දරා පරීක්ෂාවක් නො කොට අනුන්ගේ සංස්කරණ පැහැර ගන්නට ඉඩ දීම ශාස්ත්‍ර පරිහාණියට හෙතුවක් හෙයින් අපගේ සංස්කරණ පැහැර ගැණීම සම්පූර්ණියෙන් ම තහනම් කරමු. මේ අමාවතුර සකස් කෙළේ අපගේ ශිෂ්යනයෙකු වූ පෙමසිරි අභයවික්රසම (D I M & S) වෙදමහතාගේ ඉල්ලීම නිසා ය. මුද්රකණය කරවූයේ ද ඔහු විසිනි. එහෙයින් හේ සංස්කරණහි සම්පූර්ණ‍ අයිතිය ඔහුට ම පවරමු. ඔහුගෙන් අවසර නැති ව මේ සංස් කරණයට අයත් කිසිවක් පැහැර ගැන්ම නීතිවිරෝධ බව හා දඬුවම් විඳීමට හෙතු වියි හැකි බවත් කියමු. අපේ පුරාතන ග්රමන්ථසංස්කරණයන්හි සමහර තැන පැරණි පුස්කොළ පිටපත්හි නැති වචන ද යෙදෙන බව අනුන්ගේ සංස්කරණ පැහැර ගන්නා‍ අයගේ ආරක්ෂාව සඳහා මෙහි සඳහන් කරමු. මෙසේ කියන්නේ බුත්සරණ සංස්කරණය පැහැර ගත් දෙදෙනෙකුන් අප් විසින් ම ලියූ “බුදුන් වහන්සේ කෙරෙහි භක්තියෙන් යුක්ත වූ භද්දිය නම් මහතෙරුන් වහන්සේ ” යනාදි පාඨ පවා පැරණි ය යි සලකා ගත් බව පෙණෙන ‍ හෙයිනි. මෙ බඳු පැරණි පොත් එක වරකින් සම්පූර්ණි ශුද්ධියට නො පැමිණවිය හැකි ය. මේ වර අපට නො පෙණුනු දොස් ම ලඟ වාරයහි දී පෙණිය හැකිය. නැත් නම් අන්යනයන්ට පෙණිය හැකි ය. එබඳු තැන් දක්නා පින්වතුන් එය අප වෙත දන්වතොත් මේ පොතෙහි ශුද්ධියයට මහත් උපකාරටයකි. එසේ දන්වන පින්වතුන්ගේ නම් ද මී ලඟ සංස්කරණයේ දී ප්ර කාශ කරමු. සිය මහලු කල්හි පවා ඉතැන්වීමෙහි යෙ‍දෙමින් ම ග්ර න්ථ සම්පාදනයෙහි ද අනලස් ව යෙදුනු, ග්ර න්ථසම්පාදනය කරන්න්හට හැම විට ම අනුබල ම දුන් හික්කඩුවේ ශ්රී් සුමඬ්ගල මාහිමියන් වහන්සේගේ ශ්රීන නාමයට මේ සංස්කරණය පිළිගන්වමු. මේ පොතෙහි ශොධ්යිපත්රල කියවා දීමෙන් වැලිවිටියේ පෙමරතන ස්ථවිරයන් වහනන්සේ ද වේරගොඩ පණ්ඩිත අමරමෝලී ස්ථවිරයන් හා ගලගම පණ්ඩිත සරණංඬකර ස්ථවිරයන්නම් ද අපට උපකාර වූ බව ප්රීරතියෙන් සඳහන් කරමු. මෙහි අග පෙණෙන උපග්රඋන්ථයෙහි ජාතකනාමානු-ක්රිමණිකාදිය දක්වන ලදී.

වැලිවිටියේ සොරත ස්ථවිර 1948 ජනවාරි 20 වන දින දී ය.