කුමරියක පාසළඹ සැලුනා
කුමරියක පාසළඔ සැලුනා
වසා සිටි නෙතුපියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුනා..
උකුළ ලැම හස මලවිකරලිය
මුවා කළ ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙණුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැලවු සුයාමය..
නිසල ජීවන තපෝ වන මැද
හැගුම් ගජසෙන් යදම් බිද වැද
තලා සිඳ කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුලළු මල්පෙති
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් නැලවු සුයාමය..