චිත්‍රා/5 වෙනි දර්ශනය

චිත්‍රා
5 වෙනි දර්ශනය

5 වෙනි දර්ශනය edit

වසන්ත:- බැ යාලුවා. මට බැහැ ඔබත් සමඟ තවත් දුර යන්න. දැන් මට මහන්සියි. ඔබ මෙලවු ගින්න දල්වා ගෙන සිටිම අමාරු වැඩක්. මට දැන් නිදි මතයි. මගේ වැඩට නිදිමත ඉඩ දෙන්නෙ නැහැ. නිදිමත නිසා අතේ තියෙන අවානත් වැටෙනවා. එතකොට සිතල අලුවලින් ගිනි පුපුරු වැසී යනවා. යළිත්


35


ඇහැ ඇරුණු ගමන් අමාරුවෙන් හරි අලුවලින් වැසිලා තියෙන ගිනි පුපුරු දන්පනවා - නමුත් මේ විදියට දිගටම කරන්න බැහැ.

මදන:- මා දන්නවා ඔබ පුංචි දරුවෙකු වගේ චංචල බව. අහසෙන් මහ පොළොවෙත් කරන සෙල්ලම හැමවිට බොහොම වැනෙන සුළුයි. දවස් ගණනක් තිස්සෙ, බොහොම හොඳට ‍ගොඩ නගන දේ කිසිම කණගාටුවක් නැතිව මොහොතකින් කඩා දමනවා - නමුත් යාළුවා අපේ මේ වැඩේ අවසන් වෙන්න දැන් ළඟයි. ප්රී්තියෙන් පිරි දවස් පියාඹා යනවා. අවුරුද්දත් අවසානය ළංවත්ම ප්රීයතියෙන් ඉපිලි යනවා.


36