චිත්‍රා/8 වෙනි දර්ශනය

8 වෙනි දර්ශනය

edit

ගම්වැසියෝ:- දැන් අප ආරක්ෂා කරන්නේ කවුරුද?

අර්ජුණ:- ඇයි! නුඹලාට ඇති තර්ජනය කුමක්ද?

ගම්වැසියෝ:- උතුරේ කඳු පැත්තේන්, අපේ ගම් නැති භංග කරන්න ගංවතුරක් වාගේ ‍ෙහාරුන් ගලා එනවා.


43


අර්ජුණ:- මේ රට භාර කාරයෙක් නැද්ද?

ගම්වැසි‍යෝ:- නරක කරන්නනට තර්ජනයක්ව සිටි‍යේ චිත්රාභ කුමරියයි. මේ වාසනාවන්ත රටේ ඈ සිටින තාක් අප භය වුනේ සාමාන්යා මරණයට මිස වෙන කිසිම දෙයකට නොවෙයි. දැන් ඈ වන්දනාවක ගිහින්. ඇය සොයන්නේ කොහොන්ද කියා කවුරුවත් දන්නේ නෑ.

අර්ජුණ:- මේ රට් අධිපතියා ගැහණියක්ද?


ගම්වැසි‍යෝ :- ඔව් ඇ තමයි අපට සිටිය එකම අම්මාත්, පියාත්,


[ ඔව්හු පිටවෙති]


[ චිත්රා පැමිණේ ]


චිත්රා:- මොකද මේ තනියම?


අර්ජුණ:- මා විය්ය්වෙත කෙළේ චිත්රාහ කුමරිය කොයි වාගේ ගැහැණියක්ද කියා හිතා ගන්නයි. නොයෙක් දෙනාගෙන් නොයෙක් නොයෙක් කතා ඈ ගැන මට අසන්නට ලැබෙනවා.



44


චිත්රාා:- ආ, එහෙත් ඈ ලස්සන නැහැ. ඈට මගේ වාගේ ශොභා සම්පන්න ඇස් නැහැ. මරණය වාගේ කලු පාටයි. ඈට ඕනෑම ඉලක්කයකට විදින්න පුළුවන්. එහෙත් අපේ වීරයා ගේ සිතට විතරයි බැරි.


අර්ජුණ:- ඒ ගොල්ලො කියනවා, එඩිතර කමින් ඈ පිරිමි යෙක්ය. ළපටිකමින් ඈ ගැහැණියක්ය කියා.


චිත්රාි:- ඒක තමයි ඇට තිබෙන ලොකුම අවාසනාව. ගැහැණියක් ගැහැණියක්ම වෙන්න ඕනෑ. සිනාවෙන් කඳුලෙන, මෙහෙයෙන් මිනිසුන්ගේ සිත් බැඳගෙන ඔවුන් වටා ආදර බස් කියමින් යන ගැහැණියට මොන තරම් ප්රි තියක්ද? ලොකු දිනුම්වලින් හෝ ඉගෙනිමෙන් හෝ ඇට ‍ෙමාන පලක්ද? ඊයේ අර කැලෑ පාර අද්දර තිබෙන ශිව කෝවිලේදි ඇය ඔබ දුටුවේ නම් ඒ පැත්තවත් නොබලා යනවා ඇති. නමුත් මොකද? ගැහැණියකගේ ලස්සනෙන් ඔබ වෙහෙසට පත් වෙලද මේ ඇගේ ඇති පිරිමි ශක්තිය සොයන්නේ? දුම් නගින දිය ඇල්ල අසළිනන් ගෙනා කොළ වලින් අපට දවල් කාලය ගත කරන්න ඇඳක් හැදුවා. එතැන කට්ට කළුවරයි. එතැන දිය සිරුව ඇති ගල් මත සැදි තිබෙන දිය සෙවෙල් ඔබේ ඇස්වල ගෑවෙන කොට ඉ‍ිබේම නින්ද යාවි. කෝ මට, ඔබ එහි ගෙන යන්න ඉඩ දෙන්න.


අර්ජුණ:-

අද නොවෙයි, ප්රෙවමිය.

චිත්රා්:- ඇයි අද නොවන්නේ?


45


අර්ජුණ:- හොරුන් කණ්ඩායමක් තැනිතලාවට ළං වි බලා සිටින බව මට අසන්නට ලැබුණා. ඒ භය වී සිටින ගම්වැසියන් බේරා ගන්න ආයුධ සුදානම් කර ගන්න යන්න ඕනෑ.

චිත්රාය:- ඒවා ගැන ඔබ කරදර වෙන්න එපා. චිත්රාන කුමරිය වන්දනාවේ ගියේ හැම සීමා දොරටුවකට ප්රනබල මුර කාපල් යොදලා.

අර්ජුණ: - ක්ෂත්රිැයකුගේ යුතුකම ඉටු කරන්න මට මොහොතකට ඉඩ දෙන්න. මගේ මේ කම්මැලි අත අලුත් කිර්තියකින් පණ පොවා ඔබේ ඔය හිසට ඔබින කොට්ටයක් කරන්නම්.

චිත්රාා:- යන්න ඉඩ දෙන්නේ නැත්නම් මොකද? මගේ අත්වලින් බදා ගෙන සිටියොත්, අවිනිත අන්දමින් වෙළුම මුදා ගෙන මා හැර යනවා ද? එහෙනම් යන්න. එහෙත් මේක දැන ගන්න ඕනෑ. වරක් තුනට කැඩුන වෙළුමක් නැවත එක් කරන්න බෑ. ඔබගේ පිපාසය සංසිඳුනේ නම් යන්න. නමුත් එසේ නැත්නම් සිතේ තබා ගන්න. ප්රී තියේ දෙව් දුව ස්ථිර නැති බව. යළිත් පිරිමියකු එන තෙක් බලා නොඉදින බව. මගේ ස්වාමිනි, මදකට එහි ඉන්න. ඔබට කරදර කරන්නේ කුමන සිතුවිල්ලක්ද කියා මට කියන්න. කවුද ඔය හිතට අද රිංගා ගත්තේ? චිත්රා්වත්ද?

අර්ජුණ:- ඔව්. චිත්රාක තමයි. ඈ මේ වන්දනාවක ගියේ කුමන බාරයක් ඔප්පු කිරිමටදැයි මට‍ හිතාගන්න බැහැ. ඇයට ඕනැ කරන්නට ඇත්තේ කුමක් ද?


46


චිත්රාන:- ඇගේ උවමනාව! ඒ අවාසනාවන්තියට උවමනාවක් තිබුණේ කවදාද? ඇගේ ගති ගුණම සිරි ගෙදර තාප්ප වගෙයි - ගැහැණු සිත හිර කුඩුවක දමා වසාගෙන. ඈ වසංකර ගෙන, සෑහිමට පත්වෙලා නෑ. ඇගේ ගැහැණු ආලයට වැරහැළි අන්දවා ගෙන, සැනසෙන්න. ඕනැ ඈට ලස්සන පිටුපාලා - ඈ හරියට කළු වලාකුල් වලින් සෝභාව මැකි ගිය ගල් පව්වකක් මත සිටින අඳුරු උදැසනක ආත්මයක් වගෙයි. ඇගේ ජිවිතය ගැන මගෙන් අහන්න එපා. මිනිසකු ගේ කනට එය කවරදාවත් මිහිරි වන්නේ නැහැ.

අර්ජුණ:- ඇය ගැන දැන ගන්න මට ආශයි. මං හරියට මැදියම් රැයේ නගරයට පැමිණි ආගන්තුගයකු වගෙයි. මහ කුළුණු, කොත් සහ ගස් කොළන්වල ඡායාව යන්තමට පෙනෙනවා. නින්දේ නිශ්ශබ්දතාවය ඔස්සේ ඇදී එන මහ මුහු‍දේ ගොරහැඩි නාදය තැති ගන්වනාවා - මේ අද්භූත පුදුම පැහැදිළිව බලන්න ඔහු උදෑසන තෙක් ඕනැකමින් බලා ඉන්නවා. අයියෝ, කියන්න මට ඇගේ ජිවිත කතාව!

චිත්රා්: තවත් මොනවාද කියන්න තිබෙන්නේ?

‍අර්ජුණ:- මගේ මනැසට ඇය දැන් මේ පෙනෙනවා වාගෙයි. ඔව්. සුදු අශ්වයෙක් උඩට වෙලා - අශ්වයා මෙහෙයවන පටිය ආඩම්බර ලීලාවෙන් වමතට අරගෙන - ඇගේ දකුණතේ දුන්නතක විජයග්ර හණයේ දෙවතාවිය වාගේ මුළු පෙ‍දෙසම සතුටු බලාපොරොත්තු විහිද වමින් ඇ ගමන් කරනවා. ලෙන අසළට වෙලා



47


රෞද්රස ප්රෙවයකින් තම සුරතල් පැටවුන් රකින, පරීක්ෂාකාරි සිංහ ධෙනුවක් වාගෙයි. ගැහැණියකගේ අන් කිසිවකින් අලංකාර කර නැතත්, ශක්ති සම්පන්න නම් ලස්සනයි. මගේ හිතට සැනසිමක් නෑ දේවිය, හරියට සීත කාලය නිදා සිට යළි පණ ගැහීගෙන එන සර්පයෙක් වාගෙයි. එන්න අපි දෙන්නා එකට දුවමු. අජටාකාශය හරහා වේගයෙන් දුවන දෙබිඩි විදුලිය සැර දෙකක් මෙතන හුස්ම ගන්නටත් බැහැ. මෙතන සුවඳින් අප මත්වෙලා, මේ අඳුරු ‍ෙකා‍ළ ගාලෙන් සැදි සිර කූඩුවෙන් පැන දුවමු.


චිත්රා :- අර්ජුණ ඇත්තටම මට කියන්න. හොඳයි මා මොන විජ්ජාවකින් හෝ මගේ මේ ස්ත්රී. පෙනුම මේ කාමිධික සියුම්කම, ලොකයේ ගොරහැඩි ශක්තියෙන් පෙරා ගත් මේ පිබිදුනු අලංකාරය ණයට ඉල්ලා ගත් ඇඳුමක් මෙන් ඉවතට දැමුවහොත් එය ඔබට ඉවසා සිටින්නට හැකිවේ ද? හිදි යන දුර්වල කමේ මායාවක් හා දුෂ්ඨකම් නසා දැමීමට තරම් නිහින හිතක ශක්තියෙන් පිරි එඩිතරව, කෙළින් ම හිට ගත්තොත්, දුවිල්ල කරා ඇදී යන ලතාවක ලීලාව අත්හැර කඳු මුදුනක පිහිටි කය ගස් වාගේ මගේ හිස කෙළින් කර ගත්තොත්, මිනිසකුගේ ඇසට මා ප්රිහය වේද? නෑ, නෑ ඔබට එය ඉවසුම් දෙන්නේ නැ. තරුණකමේ අස්ථිර භාවය මා වටා විසුරුවා ගෙන ඉවසිල්ලෙන් ඔබට සලකනවා මට ඊට වඩා හොඳයි. ඔබගේ කැමැත්තෙන් පෙරළා ආ විට මගේ මේ අලංකාර ශරීරය නැමැති බඳුන ප්රීාතියේ මද්යාසාරයේන පුරවා සතුටින් දෙන්නම්. මේ මද්යාසාරයෙන් සෑහි ඔබ වෙහෙසට පත්වූ විට ඔබට යන්න පුළුවන්. මා මහළුවූවිට මා වෙනුවෙන් ඔබ වෙන් කරන ඔබේ සිතේ ඕනෑම කොනක් පිළිගන්න මා සුදානම්. රාත්රිබ කාලයේ ඔබ සමඟ සෙල්ලම් කරන්නි දවල් කාලයේ ඔබ‍ගේ අත් උදව්


48


කාරි වුවහොත්. හෝ, ඔය ආඩම්බර දකුණනතෙහි බර දරා ගන්නට මාත් සුදානම් වෙත් ‍හෝ ඔබ වීර සිත සැනසෙයි ද?

අර්ජුණ:- ‍ මට ඔයාව හරියට තෝරාගන්න බැරිවා වගෙයි. මට ඔයා පෙනෙන්නෙ රන්වන් දෙව පිළිමයක සැඟවි සිටින දෙවතාවියක් වගෙයි. මට ඔයා අල්ලන බැ ඔයා දෙන මිල කළ නොහැකි තැගි වෙනුවෙන් දිය හැකි දෙයක් නෑ. මේ නිසා මගේ ප්රෙ මය අසම්පූර්ණෙයි. සමහර විට ඔයාගෙ කනස්සලලු බැල්මේත්, සුරතල් වචනවලත්, මට ඔයාගේ රූප ලස්සන හොඳ හැටි පේනවා - රැවටීම තමයි ඇත්තෙ මුල පෙනිම. පෙම්වතා ළඟට ඈ කිට්ටු වෙන්නේ වේස වලාගෙන. නමුත් ඇගේ වස්ත්රා්භරණ අහකට විසි කර නිර්වස්ත්රහශ්රිමයෙන් පමණක් සැරසි සිටින අවස්ථාද තිබෙනවා.මා මේ අන්ධකාරයේ ‍ෙසායන්නේ ඔබේ නියම ස්වරූපයයි - ඔව්, සත්යනයේ වාන්කම පමණයි. ...........ඇයි මේ කඳුලු? මගේ ප්රාමිය, ඇයි එය අත් දෙකින් මුහුණ වසා ගෙන ඉන්නේ. මගේ සී දේවිය මා ඔබට රිදෙව්වාද? මා කී දේ අමතක කරන්න. මට අද ගැන පමණක් ඇති. අඳුරේ තිබෙන කුඩුවෙන් එන ආශ්චය්ය්න පමත් කුරුල් සංගිතය නමැති පණ්වුඩය රැගෙන එන්නාක් මෙන් ලස්සන පිරි හැම මොහොතක්ම එකානෙකට මා වෙත එන්න ඉඩ දෙන්න. බලාපොරොත්තුව ඉටු වෙන්න ඔන්න මෙන්න තබාගෙන සදාකල්හිම සැනසි මගේ දවස් අවසන් කරන්න මට ඉඩ දෙන්න.



49