නල සහ දමයන්ති/තුන්වැනි පරිච්ඡේදය/12

නල සහ දමයන්ති
තුන්වැනි පරිච්ඡේදය - 12


එකෙණෙහි සභා ගර්භය සහිත මුළු රාජ වානය පමණක් නොව මුළු නගරයම මංගල තූර්ය නාදයෙන් ඒසනින්නාද විය. මොහොතකින් මුළු සභාගාරය නිශ්ශබ්ද විය.මොහොතකින් මුළු සභාගාරය නිශ්ශබ්ද විය. ඇස පැළඳි රන් මිණි මුතු ආදියෙන් නිමියාවූ නානා ගරණයෝ ඇය ගෙන්ම සනාථ වූහ. සියලුදෙනාගේ ඇස් ඇය වෙත ඇදී ගියේය. ස්වයංවරය ආරබ්ධ විය. ශාලාවේ අසුන් ගෙන උන් රජදරුවන් අතුරෙන් එක් රජ දරුවෙකු ළඟට දමයන්ති පැමි ණියා ය. එවිට එරජු පිළිබඳව දතයුතු සියලු ශාලාවට පිවිසී පවත් දන්නාවූ අනුගත සේවිකාතොමෝ දමයන්ති දමයන්තියට ඔහු අඳුන්වා දුන්නී ය දම යන්තී තොමෝ එරජුට හිස නමා ආචාර කොට ඉන් ඔබ අන් රජකු ඉදිරියට ගියාය. ඔහු පිළිබඳ තත්ත්වදයද සේවිකාව විසින් කියා දුන් පසු ඔහුටත් හිස නමා ඉන් ඔබ්බට ගියා වූ දමයන්ති තොමෝ තමන් සිත ඇඳී පවත්නා නල රජු හමුවන තෙක් නොයෙක් රාජ රාජ කුමාරවරුන්ට ආචාර පවත්වමින් ඉදිරියටම ගියාය. ස්වයංවර ශාලාවේ එක් කොනක සිට අනික් කොන දක්වා ගිය නමුත් නල රජු සොයා ගැනීම ඇයට දුෂ්කර විය. ඈ දැන සිටියේ එකම නල රජෙකි. එසේ වුවද මේ පරීක්ෂාව කිරීමේදී ඈට නළ රජුන් පස්දෙනෙක් පෙනුණේය. සමාන රූප ශ්රීෂ ඇති සමාන ආභරණ පැළදි කිසි ලෙසකිනුත් විසදාශගාවන් නොපෙන්වන ඒ පස් දෙනා අතුරෙන් තමන්ට අභිමත වූ නල රජ කවරෙක් දැයි අඳුනා ගැනීම ඈට කිසිසේත් පුළුවන් නොවීය. ඉන්ද්රක ආදි දෙවිවරුන් ගේ මේ ප්රසයෝගය ගැන නොදන්නා වූ දමයන්තී තොමෝ බලවත් ඛෙදයට පැමිණියාය. ඈ මේ නල පරීක්ෂාව නවත්වා තුෂ්ණීම් භූත වූවාය. අන්තිමේදී ඈ දෙඅත් විදහා අහසට දිගු කොට උඩුමුව කරන ලද නෙත් ඇත්තී දෙවියන් අයදනට පටන් ගත්තීය. “ අහෝ ! දහසක් දිවැස් ඇති දෙදෙව්ලොවට අධිපති ඉන්ද්ර දිගධීශ වූ මහේන්ද්රව දේවරාජයා දෙවියන් යැදීම ණනි , සමස්ත ලෝක ධාතු වර්ති ව