නල සහ දමයන්ති/තුන්වැනි පරිච්ඡේදය/16

නල සහ දමයන්ති
තුන්වැනි පරිච්ඡේදය - 16


අනුජීවී ජනතාව ගේ යස ඉසුරට ඉඩ හැර සදදුවන මහාත්මගති ඇති ගෙහිමියකු සේ දිනාන්තයෙහි ඵළඹෙමින් සිටි චන්ද්රමතාරකාවනට කැමැති සේ ඒ රාජ ශ්රීද දර්ශනයට ඉඩහැර අස්තාවලයට ගියේය. චක්ර රත්න ලාභයෙන් පිනාහිස දුගියන් රැළක් සේ ලෝකමාන්යැ මහිෂියක් ගේ ලාභයෙන් පිනාගිය නුවරු මුළු රැය මහත් උත්සවයෙන් ගත කළහ. කලාවිද්යාියෙහි සුශික්ෂිත ගන්ධර්වයන් විසින් පවත්වන ලද ලයාන්විත ගීතයෙන් හා වාදිතයෙන් ද නර්තනයෙන් ද මුළු නුවර දෙව්නුවරක ශ්රීනය ඉසිලිය. නිෂධ දේශවැසීහු මහත් ප්රීලතියට පත්වූහ. මුළු රජගෙයි වැසියන්ගේ ද මුළු නගර වැසියන්ගේ ද මුළු රටවැසියන්ගේ ද ප්රී්තිය දියුණු තියුණු කෙරෙමින් දමයන්ති බිසොව සහාය කොට ඇති නල රජතෙමේ දැහැමෙන් සෙමෙ‍න් රාජ්යම පාරිපාලනයෙහි යෙදුණේය.