නල සහ දමයන්ති/දෙවැනි පරිච්ඡේදය/10

නල සහ දමයන්ති
දෙවැනි පරිච්ඡේදය - 10

-ණය , අග්නිය , යමය යන දෙවි මහ රජුන්ගේ පණිවුඩ පතතක් සිදු කිරීමට පැමිණි මෙහෙකරුවෙක්මි. එබැවින් ඒ මා කියන්නක් ඇසුව මැනව. ඔබගේ ස්වයංවරයට ඒ දෙවි උතුමෝ දැන් මග එමින් සිටිති . ” මේ අනුභාව සම්පන්න දෙවිවරුන්ගේ පණිවුඩය ඇසූ කුමාරිකා තොමෝ නල රජු දෙසට නෙත් යොමා සිටි “ එම්බා පණිවුඩකරුව , මම ඔවුන් කෙරෙහි නොව අනිකකු කෙරෙහි බඳනා ලද ප්රේාම ඇත්තියක්මි ඒ මාගේ වල්ලභයා වෙතට හංසයකු අත පණිවුඩයක් ද යැවූයෙමි. මේ ස්වයංවරයද ඔහු ලබා ගනු සඳහාම පිළියෙල කරන ලද්දකි. යම් හැටියකින් ඒ මාගේ ප්රි යයා මා විවාහ කොට නොගනී නම් මම අවිවාහ ජීවිතයක් ම ගත කරමැ ” යි කීවාය. හංස පණිවුඩය මතක් කොට දමයන්තිය කී වාත් කාන්තය නල රජුගේ ළය විනිවිද ගියේය. කුමරියගේ ස්ථිරාධිෂ්ඨානය කාරණ වූ වල්ලභයා තමන් බැව් මෙයන් රජුට ප්ර ත්ය ක්ෂා වුවද , දෙවියන්ගේ ‍මෙහෙවර කඩකිරීම නම් නො කළ හැකි දෙයකි. කෙසේ වුවත් භූ ලෝකවාසි වධුවක් ඉන්ර්ම් හෝ වරුණ වැනි දෙවියකු ගේ අත අත්හරිත් දැයි යන සැකය තමන් නළ ඇති විය පණිවුඩය කීමට වඩා වැඩි දෙයක් තමන් විසින් නො කිය යුතු බැවින් නල තෙමේ නිශ්ශබ්ද වූයේය. කඳුළු පිරි නෙත් ඇති දමයන්ති තොමෝ කවුරුත් කෙසේ කීවත් තමන් සිත්හි ඇඳී පවත්නා ඒ පෙම්වතාම සියල්ලන් මධ්ය යෙහිදී තෝරා ගන්නා බවම කීවාය. ‍මේ අන්තිම වචනයෙන් පසු නල තෙමේ එතැනින් ඉවත්ව ගොස් ඉන්රාේ අ දී දෙවිවරුන් කරා පැමිණ ඔවුන් තමන් හට කළ නියෝගය සිදු නිෂ්ඵල පණිවුඩය කළ බව ද , එහෙත් ඒ කුමරිය වෙන යම් ප්රිණයයකුට සිය කැමැත්ත දී තිබෙන බවද , ඒ පොරොන්දුව ඈ කඩ නො කරන අධිෂ්ඨානයෙන් වසන බව ද , යම් හැටියකින් ඒ බලා