නල සහ දමයන්ති/පළමුවැනි පරිච්ඡේදය/4
සිටින අතර ඒ හංස වර්ගයාගෙන් ප්රමධානයකු ලෙස සැලකිය හැකි එක් හංසරාජයෙක් විලින් පියාඹා අවුත් විල අසලම වූ අඹරුකක් යටට පැමිණියේ ය. තමා සමීපයට පැමිණි හංසරාජයා ගේ රූසිරින් ඔද වැඩුණු නල රජ තෙමේ වහා එ දෙසට දුව ගොස් ඒ හංසරාජයා ගෙල බදා අල්ලා ගත්තේ ය. රජු ෙග් දෘඪ ග්රාලගයට අසුව ගැළවීයත නුහුණු හංස තෙම එ කෙණෙහි දැඟලුම් රහිතව සිටියේය. ඔහු ගේ රන්වන් පියාපත් පිරිමදිමින් රජ තෙමේ මහත් ස්නේහය දැක්වූයේය. පුදුමයකි ! ඒ හංසරාජතෙම රජු ගේ භාෂාවෙන් කථා කරන්නට පටන්ගති. “ දේවයිනි , මා අත තළ මැනව අඝෝ ! නල රජ තුමනි , මම වනාහි ඔබ විසින් අනතුරු නො කටයුතු වූ පක්ෂියෙක්මි. ” මෙසේ කී හංසරාජතෙම නැවතත් රජු අමතා , සිය පියකරු දෙ ඇස් රජු දෙසට යොමු කොට “ රජාණෙනි , මම ඔබගේ සියලු රහස් දනිමි . විදර්භා දේශාධිශ භීම රජු ගේ දූහිතෘ වූ අබීතීය නාරි ලාලිත්යමයෙන් සමන්විත වූ කුමරිය කෙරෙහි ඔබ ආලය කනෙ සැටි මට නො රහසකි. ඔබගේ මේ රහස් ආලය සඵල කිරීමෙහි සමතෙක් වේ නම් ඒ මා මිස අනිකෙක් නොවේ. රජාණෙනි ඔබට පිහිටවීමෙහි මම සමර්ථයෙමි. මම ඔබ අදහස් ඉටුකර දෙමැ ” යි ද කීයේය. මහත් කුහුලින් හා ප්රීයතියෙන් කුල්මත්වූ නිෂධේශ්වර තෙම “ ප්රි යංකර වූ පක්ෂිින්ර්න් යාණන , මට ඔබගෙන් බලාපොරොත්තු විය හැක්කේ කෙබඳු පිහිටක් දැ ” යි හංසරාජයා ගෙන් විචාළේ ය. “ නරේන්ර්ැ යාණෙනි , ඇසුව මැනව. මම දැන් භීම රජු හංසරාජයා ප්ර්තිඥාව අයත් ඒ දර්භ දේශයට යන්නෙමි. එහි ගේ ගොස් රාජදුහිතාව හමුව ඈ පිළිබඳ වූ ඔබ අදහස ඇය හමුවෙහි තබන්නෙමි.”