රාජාවලිය/පෙරවදන

ශ්රිද ලංකා ඉතිහාසය පිළිබඳවත්, විශේෂයෙන් ම පෘතුගිසි යුගය පිළිබඳවත් පර්යෙශණ පවත්වන උගතුන් රාජාවලිය වැනි අනර්ඝ මූලාශ්ර්ය ග්ර්න්ථවලට වඩා යුරොපිය ඉතිහාසකාරයන්ගේ පොත්පත් තෙරෙහි සැලකිලි දැක්විම පුදුමයට කරුණකි. එහෙයින් රාජවලිය ආදි ග්රෙන්ථයන් විචාරාත්මක සංස්කරණය කරමින් එම කෘතින්හි අගය ඉස්මතු කොට ඒ උගතුන් හමුවේ තැබිම අත්යකවශ්යරය.

මේ සංස්කරණය කොටස් දෙකකක්න් යුක්තය. පළමු වන කොටස පරිච්ඡේද සයක් ඇතුළත් සංඥාපනයයි. දෙ වන කොටස නම් රාජාවලි පෙළය. පළමු වන කොටසෙහි රාජාවලි පුස්කොළ පටපත් පිළිබඳව විස්තර, විශේෂ ශුද්ධි ආදි කරුණු ද, රාජාවලියෙහි මූලාශ්ර්යයන් පිළිබඳ තොරතුරු ද, ඓතිහාසික කරුණු පිළිබඳ දිර්ෂ විමර්ශනයක් ද ඇතුළත් වන්නේය. රාජාවලියේ ඇතුළත් ඓතිහාසික තොරතුරු අනෙක් ඓතිහාසික වාර්තාවල දක්නට ලැබෙන කරුණු සමග හැකිතාක් දුර සංසන්දනය කිරිමට විශේෂ උත්සාහයක් දරන ලදි. මෑත භාගයේ ලංකා ඉතිහාසය විදේශිය ලේඛන ආශ්රැයෙන් පමණක් සම්පාදනය කළ නොහැකි බව මේ සංඥපනයෙන් පැහැදිලි වනු ඇත. රාජාවලියෙහි භාෂාව පිළිබඳ කරුණු ස වන පරිච්ඡේදයේ විස්තර කරන ලදි, එහි ඇත්තේ විශේෂ වශයෙන් සඳහන් කළ හැකි ලක්ෂණ ස්වල්පයක් පමණකි. මෙම විෂය වනාහි දිර්ඝ කාලයක් පර්යේෂණ පවත්වා සුවිශාල ග්රකන්ථයක් සම්පාදනය කිරිමට තරම් ප්රයමාණවත් එකක් බව අප අදහසයි. මේ ග්රවන්ථයෙහි දෙ වන කොටස නම් රාජාවලි සංස්කරණයයි. මෙහි ලා අපේ කාලයෙන් වැඩි කොටසක් ගත වූයේ පිටපත් සංසන්දනයට සහ පාඨ ශුද්ඨියටය. සම්මත ග්රකන්ථ සංස්කරණ ක්රදම අනුව පුස්මකොළ පිටපත් ආශ්රශයෙන් ම පෙළ සකස් කිරිමටත්, විවිධ පාථාන්තර ඇති කල්හි අධොලිපි මාර්ගයෙන් දැක්විමටත් විශේෂ පරිශ්ර මයක් දරන ලදි.

මුල් රාජාවලිය ද්විතිය විමලධර්මසූය්ය්රිශ රජුගේ රාජ්ය්පදප්රා පියෙන් අවසන් වෙයි. එහෙත් එතැන් සිට ඉතිහාස කථාව වෙනත් ලේඛකයන් විසින් කලින් කල එකතු කරනු ලැබිම නිසා ඇතැම් රාජාවලි පිටපත් වල උඩරට රාජධානියෝ අවසානය තෙක් ද කරුණු දක්නා ලැබේ. මෙසේ පුස්කොට පිටපත්වල ඇතුළත් වන අමතර කොටස් උපග්රබන්ථ වශයෙන් දක්වා ඇත. ඒ වාර්තා පරික්ෂා කිරිමෙන් ද වැදගත් ඓතිහාසික කරුණු අනාවරණය කර ගත හැකි වන්නේ වන්නේය.

මෙම ග්රවන්ථය සම්පාදන කාර්යයෙහි ලා අපට සහාය වු භවත්හු බොහෝ දෙනෙක් වෙති. මුලින් ම ඓතිහාසික් ලේඛන කෙරෙහි අප සිත් මෙහෙයවුයේ පේරාදෙණියේ ශ්රි ලංකා විශ්වවිද්යාලයේ සිංහලාංශයෙහි මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා ය. එතුමාණන්ගේන් නිතර නිතර ලැබුණු ගුරුපදෙශ භක්තිපුර්වක ව ස්මරණය කරමි. මෙම කාර්යයෙහි දි ගරුපදෙශකයන් වශයෙන් ක්රියා කළ අභාවප්රාප්ත මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහ මහාචාර්ය පී. ඊ. ඊ. ප්රහනාන්දු මහතා ග්රතන්ථයේ පිටක් පාසා කියවා බලා නොයෙක් අඩුලුහුඞුකම් පෙන්වා දුන්හ. මේ විචාරාත්මක ග්රනන්ථය සම්පාදන කිරිමට මා සමත් වූයේ ඒ මහතුන් විසින් දෙන ලද මාහැඟි උපදෙස් නිසා ම බව සඳහන් කරනු කැමැත්තෙමි. මහාචාර්ය පරණවිතාන මහතාණන් වැනි පඬිවරයකු යටතේ මෙවැනි පර්යෙෂණයක් පවත්වන්නට ලැබිම බොහෝ දෙනෙකුට නොලැබෙන පරම භාග්යෂයක් ‍කොට සලකමි. ඒ ආචාර්යවරයන් දෙදෙනාගේ නම් මෙහි දි සිහිපත් කරන්නේ මහත් භක්ත්යාදරයකිනි. රාජකාරි කටයුතු මධයයේ වුව, අපට නොයෙක් විට උපදෙස් දුන් හිටපු පුරාවිදු අධිකාරි ආචාර්ය සී. ඊ. ගොඩකුඹු‍රේ මහතාට ද ස්තුති කරමි.

ලක්දිව නොයෙක් පළාත්වන ද බ්රිගතාන්යු කෞතුකාගාරයේ ද පුස්තකාලයන්හි තුබු අවශය පුස්කොළ පොත් සොයා දෙමින් අපට සහා වු මහාචාර්ය විමල් ජි. බගල්ලේ මහත්මාට අපේ විශේෂ ස්තුතිය හිමි වේ. අපට පුස්තකාලය පහසුකම් සලසා දිම සම්බන්ධයෙන් පේරාදෙණියේ ශ්රි ලංකා විශ්වවිද්යාලලය පුස්තකාලාධිපතිව සිටි කේ. ඩී. සෝමදාස මහතා ඇතුළු කාර්යමණ්ඩලයට ද ලංකා විද්යෝපදය විශ්වවිද්යාශල පුස්තකාලය. කොළඹ කටුගෙයි පුස්තකාලය, රජයේ ලේඛනාගාරයේ හා රාජකිය ආසායාතික සංගමයේ ලංකා ශාඛාවේ පුස්තකාලය යන පුස්තකාලවන කාය්ය්ත මණ්ඩලයන්ට ද ස්තුති කරමි. තව ද නොයෙක් අයුරින් උපකාර කළ අප හිතමිත්රස ආචාර්ය සිරිපාල ලීලාරත්න මහතාට හා මෙම කෘතිය මැනවින් ටයිප් කර දුන් ඊ. එම. ආරියසේන මහතාටත් මගේ විශේෂ ස්තුතිය හිමි වන්නේය. එසේ ම මෙම කෘතිය පළ කිරිම සඳහා මුදලින් ආධාර කළ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවටත්. ප්රුකිශන කටයුතු බාරගත් සිමාසහිත ලේක් හවුස් ඉන්වෙස්ටිමන්ට්සි සමාගමටත්, එහි කළමනාකාර එච්, අමරසිංහ මහතාට සහ මුද්රටණය සඳහා පිටපත සකස් කළ චන්ද්රාශ්රි රණසිංහ මහතා ඇතුළු කාර්යමණ්ඩලයටත් ම‍ගේ ස්තුතිය හිමි වන්නේය.


ඒ. වී. සුරවිර

1964 අ‍ගෝස්තු මස 15 වන දා

නුගේගොඩ, ගංගොඩවිල

ශ්රිග ලංකා විද්යෝදය විශ්වවිද්‍යාල මණ්ඩපයේ දි ය.