සද්ධර්ම රත්නාවලිය/සද්ධර්ම රත්නාවලිය- iii

181898සද්ධර්ම රත්නාවලිය — සද්ධර්ම රත්නාවලිය- iiiධර්මසේන නම් මහා ස්ථවීර පාදයන් වහන්සේ

11. කාසාව පරිදහන වස්තුව

edit

තව ද යම් කෙණෙක් භවාංග ලෙසින් වී නමුත් පිරිසුදු ව තිබෙන සිත රාගාදි කසටින් රඳා ගෙන වෙසෙත් නම් සිංහ සම් කැණවිලුන්ට තරම් නොවන්නා සේ කසට පොවා රඳා ගත් කඩ උන්ට තරම් නොවන නියාව හඟවනු පිණිස කාසාව පරිදහන වස්තුව දක්වමු. කෙ සේ ද යත්:

එක් සමයෙක අගසව් දෙ දෙනා වහන්සේ තමන් වහනසේගේ පිරිවර සඟ පන් සියය - පන් සියය හැර ගෙන සැරිසරා වඩනා නියාව බුදුන්ට දන්වා ලා සැවැත් නුවර සිට එක විට පහළ වන

                                      11. කාසාව පරිදහන වස්තුව                      129

හිරු මඩල දෙකක් මෙන් රජගහා නුවරට වන් ‍සේක. අමුතු ව ලා වැඩි ඔබ දෙ දෙනා වහන්සේ දැක, පොහොසත්හු දෙන්න තුන් දෙන ත්. දුක්පත්තු බොහෝ දෙන ත්, එක් ව ගෙන අමුතු දන් දුන්හ. ඉක් බිත්තෙන් එක් දවසක් ධම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ බණ වදාරණ සේක් වදාළ බණින් භොග සම්පතු ත් පරිවාර සම්පතු ත් දෙක ම උපදවන්ට උපදෙස් දක්වා හෙම්බා උපාසකවරුනි! සමහර කෙණෙක් දන් දෙන කල සිතිවිල්ලෙන් අමුත්තක් සිතා ගෙන තමන් සන්තක දෙය දන් දෙති. දෙන දන එක් ව දෙන්ට අනුන් සමාදන් නො කරවති. ඌ උපනුපන් තෙන තමන් සන්තක ය ම දී ගිය හෙයින් භොග සම්පත් ලැබෙති.

“කුශලයෙහි සමාදන් කරවීම නු වූ හෙයින් උන්ට පරිවාර සම්පත් නැත. සමහර කෙණෙක් නැතක් වේලා සිට කියා ත් අනුන් ම සමාදන් කරවා යෙති. තුමු ඇඟ හිස නසා තමන් ගෙන් දී නො ලති. ඌ උපනු පන් තැන විධාන කොට කැර වූ හෙයින් පරිවාර සම්පත් ලැබෙති. පරිවාර තබා තමන් රැකෙන පමණට ත් භොග සම්පත් නො ලැබෙති. සමහර කෙණෙක් තුමුන් නො දෙති. තමන් ගෙන් දීම නැති හෙයින් අනුනු ත් සමාදන් නො කරවති. උන් උපනු ’පන් තැන දෙක ම සම්භ නො වෙ යි. සමහර කෙණෙක් හැදහිලි සිතින් කම් පල හදහා තුමු ත් දන් දෙති. කරුණා අදහසින් අනුනු ත් සමාදන් කරවති. උන්ට උපනුපන් තැන ධනඤ්ජය - මෙණ්ඩක - ජොතියාදීන් මෙන් සම්පත් පරිවාර දෙක ම සම්භවෙ යි’ කියා බණ වදාළ සේක.

ළඟ සිටි නුවණැ’ති කෙණෙක් ඒ අසා ඒ සම්පත් දෙක ම මා ඇතිකොට ගන්ට වුව මැනැවැ යි සිතා දෙදෙනා වහන්සේට ම දෙ වන දවසට ආරාධනා කොළෝ ය. වහන්දෑ කෙතෙක් නමට දැ යි විචාරා පිරිවර වහන්දෑ කෙ තෙක් දෙනා වහන්සේ දැ යි විචාළ කල්හි දහසක් දෙනා වහන්සේ නියාව කී සේක. සමාදානයට ත් සිතැති හෙයින් ම ඒ උපාසකයෝ හැමදෙනාට ම ආරාධනා කො‍ළෝ ය. දෙ දෙනා වහන්සේ ත් ඉවසා වදාළ සේක. උපාසක යෝ ද ආරාධනා කොට ලා නුවරට ගොසින් හැම දෙනා ත් සහාය වන්නෝ වේ දැයි සිතා තමන්ගේ පින් කමට හැම දෙනා ත් සහාය කොට ගන්නා නිසා ‘අග සවු දෙ දෙනා වහන්සේ මුල් ‍කොට සඟ දහසකට සෙට දවසට ආරාධනා කෙළෙමි. හැම දෙනා ත් පො‍හෝනා පමණකින් සහාය ව දන් දුන මැනැවැ ‘ යි සමාදන් කැර වූ ය.



130 සද්ධර්ම්රත්නාවලි ය

මිනිස්සු ත් තම තමන් ගේ බල පමණින් ‘අපි නමකට දෙ නමකට දෙම්හ’ ‘අපි සතර පස් නමකට දෙම්හ’ අපි සත් අට නමකට දෙම්හ’ ‘අපි දස විසි නමකට දෙම්හ’ අපි තිස් හතළිස් නමකට දෙම්හ’ අපි සැට සැත්තෑ නමකට දෙම්හ’ ‘අපි අසු අනු නමකට දෙම්හ’ ‘අපි සියයක් නමකට දෙම්හ’ යි නියමවා ලා වට්ටෝරු කොට දුන්හ. එ සේ කලට ඒ ඒ දෙනා ගේ ගෙවලින් දන් පිස ගෙනෙන්නට අට්ටාල් වේ ද? එක තෙනක දී දන් ඉදි කරම්හ. දානොපකරණ එක තැන් කළ මැනව’ යි කියා ලා එක තැන් කරවූහ. එක් කෙළෙඹී පුත්ර යාණ කෙණෙක් මසු දහසක් වටිනා සුවඳැ’ ති රන් වන කඩක් ගෙනවුත් දී ලා ඉදින් මේ දනට අඩු ව තිබෙන දෙයෙක් ඇත් නම් තෙල පිළි ය වියදම් කොට අඩු ව සලසව. අඩු නැත් නම් අභිප්රාලය තැනකට පිළිගන්වා පියව’ යි කිවු ය.

උන්ගේ දානොපකරණ ත් බොහෝ දෙනා එක් ව සපයන හෙයින් මඳ නො ව සෑහිණ. දන් විධාන කොට සමාදන් කැරැ වූ තැනැත්තෝ ‘කෙළඹියාණ කෙණකුන් මෙ ලෙස් කියා දී ලු රන් වන් කඩෙක් ඇත. ඒ ඉතිරි ව තුබුයේ ය. ඒ දුන මනා කාටදැ’ යි විචාළෝ ය. සමහර කෙණෙක් ඒ අසා ගොයමි බිමක් විචාළ වුන්ට සරු කුඹුරු දැන කියන්නවුන් මෙන් එකාසඩ්ඛ්යස කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අගසවු පැරුම් නමැති දිය කෑමෙන් සරු කෙත් වූ සැරියුත් මහ තෙරුන් වහනසේට දෙන්ට කිවු ය. සමහර කෙණෙක් නිස්සාර හෙයින් ම කෙනෙක් කලෙක ත් අස් නොව ත් පුරදර ව1 තිබෙන දෙනිකඩක් කියන්නවුන් මෙන් ‘මේ සැරියුත් මහ තෙරුන් වහන්සේ බත් වන් අවධියෙක මුක වැඩ ලා මසක් පෝයක් රඳා ලා වැඩපියන සේක. දෙවිදත් තෙරුන් වහන්සේ නිරන්තර ව වැඩ හිඳිනා සේක. බෙහෙත් ගසක් පරිද්දෙන් ප්ර්යෝජනවත් ව සිටිනා සේකැ’ යි කවර කලෙක ත් කවුරුනු ත් රැස් වන ගුණයක් හෙයින් ඒ ගුණෙහි පහදනෝ දෙවිදත් තෙරුන් වහන්සේට දුන මැනවැ යි කිවු ය. දෙ ලෙසක පැවති කථාවෙන් දෙවිදත් තෙරුන් වහන්සේට දුන මැනැවැ’යි යන කථාව බොහෝ වි ය. ඔබට දෙන්ට කියන්වනෝ නො බොහෝ වූහ.

එ හෙයින් ඒ රන්වන් කඩ දෙවිදත් තෙරුන් දෑ ආය්ය්්නෝ ජාති යට නොපැමිණි හෙයින් සැරියුත් මහ තෙරුන් වහන්සේට ජාතීන් අඩු වුව ත් ශීල සමාද්ධ්යාහදී ගුණයක් තමා නැති හෙයින් ගුණෙන් අඩු වුව ත්, ශ්රාමවක කමකට නො පැමිණි හෙයින් තනතුරෙන් අඩු වුව ත්, පස් කපක් මුළුල්ලෙහි රන් තලියක් මුල් ව බැඳි වෛර ය.


                                         1 පුරන් ව 
                                     11. කාසාව පරිදහන වස්තුව                     131

නො සන්හිඳී පැවති නියාව සෙරිවාණිජ ජාතකයෙහි පෙණෙන බැවින්, ගුණෙන් ම දහමින් සිස් වූ නුගුණෙන් ම අඩුවක් ම නැති දෙවිදත් තෙරුන් වහන්සේට දුන්හ. උන්දෑ ත් ඒ කඩ කපා සිවුරු කොට ගෙන වළඳිනා දැ ය. මිනිස්සු ත් ඒ දැක ‘මේ සිවුරු කටුකරඩු මල් දමක් සේ ශරීරයත් රන්වන් කෙලෙස් මුසු නොවන හෙයින් සිත ත් රන්වන් ධම් සෙනෙවි ස්වාමීන්ට නිසි ය. කණුවෙක ලාපු පළඳනාවක් සේ මේ වහන්සේට නො නිසි යෙයි. දත් නැත්තවුන් කියන ගී සේ ම මේ මුන්දෑ පෙරව ගෙන හැවිදිනේ හැයි දැ’ යි කියන්ට වන්හ.

රජගහා නුවර සිට සැවැත් නුවරට ගිය කෙණෙකුන් වහන්සේ ද බුදුන් වැඳ ලා අගසවු දෙ දෙනා වහන්සේගේ පවත් බුදු රජුන් වහන්සේ විචාළ කල්හි මේ කසා කඩෙහි පැවැති කථාව දක්වා මුළුල්ල ම බුදුන්ට දැන්වූ සේක. බුදුහු ඒ අසා වදාරා ‘මේ මුල් කොට ජාතක කථාවක් කීම් නම් පස්වාදහස මුළුල්ලෙහි බොහෝ දෙනාට බොහෝ ප්රටයෝජන සාධා දීල’ යි සිතා වදාරා ‘මූ තමා තමාට නො තරම් රන්වන් පිළි පෙරවියේ දැන් මතු නො වෙයි. යට ගිය දවස ත් පෙරවියේ ය’ යි වදාරන සේක් - යට ගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජකු රජ කරණ කල බරණැස් නුවර එකෙක් වලට ගොසින් ඇතුන් මරා ගෙන දළ ත්, ඇත් නිය ත්. ඝන ඝන තෙනින් මසු ත් ගෙනවුත් විකුට ගෙන ජීවත් වෙයි.

ඉක්බිත්තෙන් එක් වලෙක දහස් ගණන් ඇත්තු කොළ පත් කා ලා යන කල පසේ බුදුවරුන් වහන්සේ දැක දණ නමා වැඳ ලා‍ යෙති. එක් දවසක් ඇතුන් මරා ජීවත් වන තැනැත්තේ මේ දැක ‘මම මුන් මරා ජීවත්වෙමි. මූ යන එන කල පසේ බුදුවරුන් වහන්සේේ වඳිති. කුමක් නිසා වඳිත් දෝ හෝ’ යි සිතා බලන්නේ පෙරෙවි සිවුරු නිසා වඳින නියාව දැන මුන් ගෙන් සම්භාවනා ලබන්ට මට ත් කසැ කඩෙක් ඇත් නම් යහපතැ ‘යි සිතා එක් පසේ බුදු කෙණෙකුන් වහන්සේ විලකට බැස පැන් සැනහිය දී ‍ගොඩ තුබූ සිවුරක් සොරා හැර ගෙන, පර ලොව අනන්ත කාලයක් පිළීයක් නො ලබනු ව ගොසින් ඒ ඇතුන් යන එන තැන අඩයටිය අල්වා ගෙන සිවුර ඉස වසා පෙර ව ගෙන හිඳ, ඇත්තු ඔහු දැක පෙර ව ගෙන හුන් ලෙසින් පසේ බුදුහු නො වන නියාව දැන ගන්නා තරම් පිළිසඳක් තමන් නො ලත් හෙයින්, පසේ බුදු කෙණෙකුන් වහසේ ය යි සිතා වැඳලා යෙති. එ තෙමේ බල බලා හිඳ ලා හැම ඇතුන්ට පසු වලා


132 සද්ධර්මලරත්නාවලි ය

යන ඇතු අඩයටියෙන් ඇණ මරා ගෙන දළ ආදි ය කපා හැර ගෙන ඉතිරි ව තුබූ දෙයක් ඇත් නම් සෙසු ඇතුන්ට පෙනී යෙති සිතා දෝ බිම සාරා ලා පස් වසා පියා යෙයි.

එ කල බෝසත්හු එක් තරා අකුශල කර්මය බලයෙකින් ඇත් ව ඉපදී හැම ඇතුන්ට ම නායක වූහ. එ කල ත් ඒඅසත්පුරුෂයා එලෙස ම ඇතුන් මරා ජීවත් වෙයි. මහ බෝසත්හු ද තමන්දෑගේ ඇතුන් දවසින් දවස අඩු වන නියාව ආනූභාව සම්පත්න මැණික කසළ ‍ගොඩ තුබුවත් ආනුභාවයෙහි අඩුවක් නැත්තා සේ තිරිසන් ව උපන ත් නුවණෙහි අඩුවක් නැති හෙයින් දැන’ මේ ඇතුන් කුමක් වූ නියා ද? මඳ වුනැ’ යි විචාරා ‍ ‘නො දනුම්හ’ යි කී ලහ්හි, අවස්ථා පිළියම් දන්නා වෙදවරුන් නිදන් දන්නා සේ ස්ථානොචිත වූ නුවණ ඇති හෙයින් සිතන්නාහු -

තමන් ඉතා සුශික්ෂිත හෙයින් කොයි යත ත් මට නො කියා නො යෙති. එක් තරා උපද්රකවයෙක් ඇති නියා ය’ යි දැන උපද්ර.ව කාරණ සලකන්නෝ ‘අනික් පෙනෙන උපද්රවව ‍කාරණයෙක් නැත. අසෝ තැන එක් මිනිස් කෙණෙක් කසා කඩක් පෙරවගෙන හිඳිති. උවදුරක් වතොත් උන් ගෙන වුව මැනැවැ’ යි සිතා විමසනු නිසා හැම ඇතුන් පෙරාතු කොටයවා ලා තමන් දෑ පසු ව ගෙන ලැසි ගෙන යන දෑ ය, අර මේ තෙමේ සෙසු ඇතුන් වැඳ ලා ගිය කල සෙමෙන් සිට එන මහබෝසතුන් දැක, උන්දෑ සෙමෙන් සිට එත ත් නුවණ දුව දුව එන නියාව නො දැන සිවුර කඩ හකුලා අල්වා ගෙන අඩයටිය මහ බෝසතුන් කරා දැමී ය. බෝසතාණෝ ද වසවත් මරහුගේ දහසක් ආයුධ වළහා පියන පින් ඇති හෙයින් පසු බැස ලා වළහා පියා ‘මූ නිසා වේ ද මෙ තෙක් ඇතුන් නැසුණේ යැ’ යි ලුහුබඳවා ගත් දෑ ය. එ තෙමේ එක් ගසක් බඩ දී ලා මුවා වී ය.

ගසින් මුවා වුව ත් පවින් නුමුවාවූ ඔහු ගස හා එක් කොට සොඩින් බදා අල්වා ගෙන බිම ගසා මරමි සිතා ත් ඔහු පෑ ලූ කසා කඩ දැක දිවන කෙණෙකුන් පෙරට උසු පවුරක් සම්භ වූවා සේ කසා කඩෙහි පැකිළ ‘සිවුරු කඩ බල බලා මුට අපරාධයක් සිතීම් නම් නිසි ව පො‍රෝනා බුද්ධ ප්රවත්යෙ ක බුද්ධාදීන්ට ත් මා වැරදි නියා ය මැ යි’ සිතා ලා මරණ මැරීම තබා පියා ‘මාගේ මෙ තෙක් නෑයන් මැරූයේ ‍තෝ දැ’ යි විචාරා එ සේ ය යි කී කල්හි ‘තෝ වන්නා තාගේ නපුරු හෙයින් කුමක් කෙරෙහි නමුත් ඒ වන්නාට ය. වසුන් පයිවල දැළි


                                   11. කාසාව පරිදහන වස්තුව                           133

විචාරන්නෝ ඇද්ද? සියලු ලෙසින් ම කසළ වූ තා ඉතා නිකසළ වූ දෙයාසඩ්ඛ්ය් කප් ලක්ෂයක් පැරුම් පුරා පසේ බුදු වූ මහතුන් ඇඟ වැකි මේ සිවුරු කඩ ඇඟ ලා ගෙන මෙ තරම් අපරාධ කරණ ‍කල කළ මනා නො කටයුත්තෙන් තා නො කළ දෙයකුත් ඇද්ද? කටයුත්තකින් කළ දෙයකුත් ඇද්ද? මේ සිවුරේ ආනුභාව ය අද තා ජීවත් වූ ගමනින් ම දැන ගැන’ යි අවවාද කළ දැ ය.

බුදුහු මේ වදාරා ලා ‘එ සමයෙහි ත් තමාට නො තරම් සිවුරු පෙරවියේ මේ දෙවිදත. එ සමයෙහි උන්ට අවවාද කළ ඇතානෝ නම් මම ය’ යි වදාරාලා ‘යම් කෙණෙක් සිත රාගාදි කෙලෙස් කසට ගුණ ඇති ව අසුවි පිරුණු කළයක් පිට සිත් කම් කරන්නා සේ සිවුරු පොරොවිද්ද, එ බඳු තරමක් නැති හෙයින් ඌ ගුණ ඇත්තවුන්ට ම තරම් සිවුරු පොරෝනට නිසි නො වෙති. නිස්සෝ කවුරුද යත හොත් යම් කෙණෙක් අධිගම කාලයක වි නම් චතුර්විධ මාර්ගර ඥාන නමැති මුඛයෙන් රාගාදි කෙලෙස් කසළ වමාරා පූ ද, සෙසු කළ වූව ත් ඥාන නමැති මුඛයෙන් වමාරා පෙරළා ඒ අනුභව නො කෙරෙද්ද නැවත කිරලක බිජුවට රක්නා සේ, සෙමෙරක වාලධිය රක්නා සේ එක ම පුතණු කෙණෙකුන් ඇති පියාණ කෙණෙකුන් ඒ ඒ පුතණුවන් රක්නා සේ, එක ම ඇසක් ඇති කෙණෙකුන් ඒ ඇස රක්නා සේ. රක්ෂා කරණට නිල වූ ශීල ය ඛණ්ඩාදි භාවයට නොපමුණුවා සකසා රකිද් ද, සක් රුවන අනික් කෙණෙකුන්ට නිසි නොව සක්විත්තන්ට ම නිසි වන්නා සේ සිවුරු ත් උන්ට ම නිසි ය’ යි වදාළ සේක.

ඒ බණ අසා රජගහ නුවර සිට ‍ගොසින් මෙහෙවර කී භික්ෂූන් වහන්සේ මෙහෙවරට ලබන ප්රුසාදයක් මෙන් සෝවාන් වූ සේක. තවත් බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් සිත්හි හට ගත්තා වූ රාගාදි කෙලෙස් කසළ අධිගමාරොග්යනතා නිසා විවසුන් බෙහෙත් කා ඥාන මුඛයෙන් වමාරා නිකසල වීමෙන් අකුසලින් දුරු ව ශීලා දී ගුණයෙහි පිහිටා සිත් සතන් පවිත්රන කට යුතු.




134 සඬර්මහරත්නාවලි ය

12. අගසවු වත

edit

තව ද යහපත් අදහස් ඇති කෙණෙකුන් යහපත් ‍අදහස් ඇත්තවුන් හා ම එක් වන නියාව ත්. නපුරු අදහස් ඇත්තවුන් ආලෝක ය හා අඳුර එක් ව ගත නො හෙන්නා සේ ගිනි හා දිය එක් නො වන්නා සේ එක් ව ගත නො හෙන නියාව ත් දක්වනු පිණිස අගසවු වත දක්වමු. කෙ සේ ද යත්?

බුදුන් උපදනාට පෙරාතු ව ම රජගහා නුවරට නුදුරු ව ලා උපතිස්ස නම් බමුණු ගම ය. කොලිත නම් බමුණු ගම ය යි බමුණු ගම් දෙකෙක් ඇත. ඉන් උපතිස්ස නම් බමුණු ගම රූපසාරී නම් බැමිණි බඩ දරු කෙණෙකුන් පිහිටි දවස් ම කොලිත නම් බමුණු ගම මොග්ගලී නම් බැමිණියන් බඩ ත් දරු කෙණෙක් ඇති වූහ. ඒ බමුණු කුල දෙක ද සත්වන කුලපරම්පරාව දක්වා වෙනසක් නැති ව පැවත ආ ය. ලත් දරු ගැබ් යම් ලෙසක නො නැසේ නම් එ ලෙසට ගැබ පෙරහර ත් එක දවස් ම දුන්හ. ගබ පෙරහර ලදින් උවදුරු නැති ව දස මස් අයාමෙන් බැමිණිවරු දෙන්න වදන්නෝ මහ පිනැති පුතුන් දෙන්නකු වැදුහ. උන්ට නම් තබන ගමනේ රූප සාර ගුණ සාර ධන සාරාදීන් යුක්ත හෙයින් රූපසාරී නම් බැමිණියන් ගේ පුතණුවන්ට උපතිස්ස නම් ගම නායක බමුණානන්ගේ පුතණුවන් හෙයින් උපතිස්ස ය යි නම් තුබුහ. අනික් තෙනැත්තවුන්ට කොලිත ගම් නායක බමුණානන් ගේ පුතණුවන් හෙයින් කොලිත යන නම් තුබුහ.

ඔහු දෙ දෙනා ද වැඩි ශිල්ප උගත මනා වයසට පැමිණ ලෙව්හි දත යුතු යම් ශිල්පයක් ඇත් නම් මහ නුවණැති හෙයිනුත් උගත් දෙය වන පොත් නැති ව පෙරළා උගැන්මක් නැති හෙයිනුත් බොහෝ කොට උගන්නෝ, වහා උගන්නෝ පටන් ගත් නොබෝ කලකින් ම ඉගෙන නිම වූ ය. උපතිස්ස කුමාරයන් දිය කෙළියට ගඟට යන කල වේ ව යි උයන් කෙළියට යන කළ වේ ව යි රන් සිව් ගෙවල් පන් සියයක් කැටුව ගෙන යෙති. කොලිත කුමාරයන් ගඟට හෝ උයනට යන කල්හි පිට හුන්නාවුන්ගේ සිත් හසර දන්නා අසුන් යෙදු රථ පන් සියයක් ගෙන යෙති. උන් දෙන්නා පිරිවරා පන් සියයක් පන් සියයක් පමණ පුරුෂයෝ යෙති. රජගහා නුවර ද හවුරුදු පතා ගල් සෙවනැල්ල හුණු තැන බොහෝ දෙන රැස් ව බොහෝ කන බොන දෑ ඇති ව කරණ උත්සවයක් හෙයින් දෝ නොහොත් පර්වකත මුදුනට රැස් ව කළ මනා


                                           12. අගසවු වත                                       135

උත්සවයක් හෙයින් ගිරග්ගසමජ්ජ නම් කෙළි නළුවෙක් ඇත. කුමාරවරු දෙ දෙනා ඒ කෙළි නළු බලන්ට ගියකල හිඳිනට එක තැන ම නිල කෙරෙති. එක් තැන් ව කෙළි නළු1 බලන්නාහු සතු ටු ව සිනාසුන මනා තැන්හි දී සිනා සෙති. මුසුප්පු වුවමනා තැන දී මුසුප්පු වෙති. දීමන් දුනමනා තැන දී දිමන් දෙති. මෙ ලෙසින් කෙළි නළු බලන්නවුන්ට සවු පැරුම් නුවණ මූ කුරා ගිය හෙයින් එක් දවසක් කෙළි නළු බලා ත් සිනායෙක් වේ ව යි මුසුප්පුවෙක් වේ ව යි නො වී ය. කෙළි නළු බලා සතුටට කළ මනා සංග්රපහ යෙකු ත් නො වී ය. ඒ හැම නො වන්ට කාරණ කිම් ද යත්’ මී මනා2 තත්වෙ හෙයින් බැලි ය යුතු කුමක් ද? කෙළි නළු බලන්න වුනු ත් පාන්නවුනු ත් හවුරුදු සියය නො පිරෙන තෙක් අතුරෙක ජරා නාටක පැ ගෙන කෙළවර වැල්ලේ කළ රූ පරිද්දෙන් මැකී නොපන ත් බවට යන හෙයින් සාරයෙක් නැත. මෙ සේ නිස්සාර වූ කෙළි නළු බැලීම් නැත ත් ‘අපි දෙන්න ජාති ජරා රහිත වු නිවන් දහම් සෙවුමෝ නම් යහපතැ’ යි එකාසඩ්ඛ්යය කප්ලක්ෂියක් ම සිතා අභ්යාවස කළ හෙයින් එ දවසු ත් සිතූහ. කොලිත කුමාරයෝ තුමු ත් මෙ සේ සිතා ඒ සේ ම සිතා ගෙන හුන් උපතිස්ස කුමාර යන්ට ‘සබඳ තොප ගේ අද සැටි ය මෙ තෙක් දවස් සේ නො වෙයි. එක් තරා සිතිවිල්ලක් ඇති කලට ත් ඊ සිතා පියා මෙ ලෙස වෙ යි. කුමක් ද? එ සේ වූ සිතිවිල්ලක් ඇති නිසා දැ’ යි විචාළෝ ය.

‘සබඳ, පිනක් වඩනට නැති මේ කෙළි නළු බලා ප්රේයෝජන නැත. මේ තෙමේ සසර දික් කර වතො ත් මුත් සසර ලුහුඩු කරවා ලිය නො හෙ යි. සසර දික් වීමෙන් දුක් බොහෝ වන පමණක් මුත් අනිකෙක් නැත. එසේ හෙයින් සසර ලුහුඩු කරවනු නිසා නිවන් සෙවුමෝ නම් යහපත. නිවන් දුටො ත් ක්රරම ක්ර ම යෙන් භයොත්පත්ති ය නැති වෙයි. භවයෙහි ඉපදීම නැති කලට භවය සිඳුණු නියා ය යි සිතා කෙළි නළුවෙහි ඇලුම් නැති ව හුන්නෙමි. සබඳ තෙපි කුමක් සිතා ගෙන හුනු දැ’ යි විචාර උනු ත් එ ම සිත සිතා හුන් නියා ව කී කල්හි ගඩ්ගොදක ය හා යමුනොදක ය සම වූවා සේ අදහස් සම වූ නියා දැන උප තිස්ස කුමාරයෝ ‘සබඳ, අප දෙ දෙනා ගේ සිතිවිලි යහපත, නිවනක් ලද මැනවි නම් ගිහි ගෙය නම් මහා ආකුල හෙයින් ඒ හැර ගොසින් මහණක් වුව මැනව. කවුරුන් ළඟ මහණ වමෝ දැ’ යි විචාළෝ ය.




                                    1 කෙළි ලළු වෙර,               2 විමසා, 

136 සඬර්මෙරත්නාවලි ය

එ කල වැළි ත් සඤ්ජය නම් පරිබ්රා ජක කෙණෙක් බොහෝ පිරිවැඩි පිරිස් ඇති ව රජගහා නුවර වෙසෙති. උන් ප්රණසිද්ධ හෙයින් උන් ළඟ මහණවම්හ’ යි කියා කැටි ව ගිය දහසින් පන් සියයකට සිවි ගෙවල් පන් සියය හා රථ පන් සියය පාවා දී තමන් තමන් ගම් වලට යවා පියා පන් සියයක් දෙන හැර ගෙන සඤ්ජය පරිබ්රාාජකයන් ළඟ පිරිවැජි ලෙසින් මහණ වි ය. උන් දෙන්නා මහණ වූ තැන් පටන් සඤ්ජය පරිබ්රාඟජකයෝ බොහෝ ලාභ සත්කාර ලදින් ප්රණසිද්ධ වූහ. උන් දෙන්නත් ත් මහණ වූ දවස් ගණනෙකින් ම සඤ්ජය පරිබ්රා්ජකයන් දන්නා පරසම ය ඉගෙන නිමවා ආචාරිනි, මුඛ දන්නා දෙය මෙ තෙක් ද, තව ත් ඇත් දැ’ විචාළෝ ය. ‘හෙම්බා දරුවෙනි, ආචාය්ය්ස මුස්ටියට මා තබා ගත් දෙයෙක් නැත. හැම ම තොප උගන්වා ලිමි’යි කිවු ය.

ඒ අසා ‘ එ‍ සේ වී නම් මුන්දෑ ළඟ තපසින් ප්රකයෝජන නැත. අපි යම් නිවනක් සොයමෝ නම් ඒ සාවුන් ගෙන් හං ලැබ්බ නොහැක්කා සේ. දිඹුලෙන් මල් නො ලැබ්බ හැක්කා සේ, මුන්දෑ ගෙන් ලද නො හැක්ක. දඹදිව මහත් බැවින් නු කුසී ව ඇවිදින්නෝ කෙ සේ වත් නිවන් දහම් පසක් කර දෙසන ඇදුරු කෙණෙකුන් ලැබ පියම්හ’ යි සිතා එවක් පටන් යම් යම් තෙනක නුවණැ’ති මහණ - බමුණු කෙණෙකුන්ගේ පුවතක් ඇසූ නම් ඔබ ගොසින් උන් හා කථා කෙරෙති. කථා කොට තමන් විචාළ දෙයක් කියා ලිය හෙන කෙණෙකුන් නැති හෙයින් තුමු උන් විචාළ දෙයක් කියා පියා එ ලෙසින් දඹදිව මුළුල්ලෙහි ඇවිද නිවන් දහම් දෙසා ලිය හෙන කෙණෙකුන් නො දැක පෙරළා සිය තෙනට ම අවුත් උපතිස්ස නම් පරිබ්රාහජකයෝ කොලිත පරිබ්රායජකයන්ට සොයා ඇවිද ත් ත ව දක්වා අපාට සම්භ වූ නිවනෙක් නැත්තේ වේ ද? නො ලත් පමණකින් නැතැ යි යන්ට බැරි වේ ද? ගිනි ඇති කල ඒ නිවන පැනු ත් ඇත්තා සේ දුක් ඇති කල ඒ දුක් නිවන නිවනු ත් අවශ්ය්යෙන් ඇත මැන ව අප ගේ ශාස්ත්රුවල පවා හැඟී නොගි ය අර්ථ ය සොයත ත් මුත් නැතැ යි හළ හැකි ද? තව ත් නිවන් දහම් දෙසන තැනක් සොයම්හ. අප දෙන්නා ගෙන් යම් කෙණෙක් පළමු කොට නිවන් දුටු නම් උන් අවුත් නිවන් නුදුටු තැනැත්තවුන්ට කියයුතු ය’යි කතිකා කොළෝ ය.

මෙ සේ උන් කතිකා කොට ගෙන වසන කලට බුදුහු බිම්සර රජ්ජුරුවන්ට දුන් ප්රගතිඥාවෙන් මිදෙනු පිණිස රජගහා නුවරට වැඩ වෙළුවනාරාමය පිළිගෙන එයි වසන සේක. උරුවෙල් දනව්වට වඩන ගමනේ-



                                        12. අගසවු වත                                          137

“අඤ්ඤාකොණ්ඩඤ්ඤ පමුඛෙ - භික්ඛු ඛීණාසවෙ ජිනො, විධාතුං ධම්මදූතෙය්යං - විස්සජිජෙසි තහිං තහිං”

යනු හෙයින් තුනුරුවන් ලොව පහළ වූ නියාව වදාරා මෙහෙ වර යැවු සැට දෙනා වහන්සේ ගෙන් ‍පස් වග වහන්දෑට ඇතුළත් අස්සජි මහ තෙරුන් වහන්සේ සැට දෙනා වහන්සේ ම වෙන වෙන අත වැඩි හෙයින් තමන් වහන්සේ ගිය අත මෙහෙවර නිමවා ගෙන පෙරළා රජගහ නුවරට අවුත් දෙ වන දවස් ඇතුළු නුවරට සිඟා වැඩි සේක. එ දවස් උපතිස්ස පරිබ්රාහජකයෝ උදෑසන බත් අනුභව කොට ලා පිරිවැජි අරමට යන තැනැත්තෝ අස්සජි මහ තෙරුන් වහන්සේ දැක ‘මා මෙයට පෙරාතු මෙ සේ වූ පැවිදි කෙණෙකුන් දුටු විරූ නැත. ඒකාන්තරයෙන් මෙ ලොව රහත් කෙණෙක් වෙත් ‍නම් මුන් ගේ සැටියෙන් මුත් ඊට ඇතුළත් වුව මැනව. ගොසින් මුන් අතින් ස්වරූප විචාළෙමි විම් නම් යහපත. දැන් මුන් සිඟන ගමන් හෙයින් කථාවට වේලක් නො වෙ යි. පැන් වත් කරන්නවුන්ට වඩා පිපාසා ඇත්තවුන්ට ඉක්මන් සේ නිවන් පිපාසා අපට බලවත් ව තුබු බැවින් මුන් අත් නොහැර ගොසින් මූ තුමු කෙලෙස් පැන් පවසට නිවන් පැණ ත් සර්ව ඥ විලකින් ලත් කෙණෙක් වූ නම් මුන් අතින් ඉල්වා ගෙන අපි ත් බී පියා කෙලෙස් ‍පැන් පවස් සන්සිඳුවම්හ’ යි සිතා පසු පස්සෙහි ගොසින් තෙරුන් වහන්සේ ත් සිඟි භොජනයෙහි පමණ දන්නා බැවින් යපෙන පමණක් ලැබ සරුප් තෙනකට වැඩ හිඳිනා ආකාරයක් දැක් වූ කල්හි බුදු සස්නෙහි පිහිට ලබන්ට පූර්වආ නිමිත්ත කොට පුටුව ලා ලා ඊ වැඩ හිඳ වැළඳු කල්හි වළඳා අන්තයෙහි කුණ්ඩිකාවෙන් අත කට සෝධන්ට පැනු ත් ගෙන දී ඇදුරු වත් කොට ලා වළඳා නිමවා පාත්රත වත ත් සපයා ගත් කල්හි මහ තෙරුන් වහන්සේ හා මියුරු පිළිසඳර කථා කොට ලා ‘තපස් වින් වහන්ස, මුඹ වහන්සේ සිඟා ලද දෙයකින් ජීවත් වත ත් චිත්තශුද්ධියක් ඇති හෙයින් දෝ හෝ ශරීර ශොභාව යහපත මහණ වූ යේ කොයි ද? කො තැනක මහණක් ගෙන ද වසන්නෙහි’ යි විචාළෝ ය.

තෙරුන් වහන්සේ ඒ අසා, මේ පරිබ්රායජකවරු නම් බුදුසස්නධට පටහැණියෝ ය. එ සේ හෙයින් සසුන් විල ගැඹුරු නියාවත් තොට හැඳින මුත් බැස ලිය නොහැකි නියාව ත් හඟවා කථා කෙරෙමි’යි සිතා වදාරා’ හෙම්බා ඇවැත්නි, මම අලුතිමි



138 සඬර්මුරත්නාවලි ය

මහණ වූයේ බොහෝ කලක් නො වෙයි. පුරා උගන්ට නුවු හෙයින් විස්තර කොට කියා ලිය නො හෙමි’ යි කී සේක. පරිබ්රාිජකයෝ ද ඒ අසා :-

‘ගඩ්ගාය වාලුකා ඛීයෙ - උදකං බියෙ මහණ්ණවෙ මහියා මත්තිකා ඛීයෙ - ලක්ඛෙන මම බුද්ධියා’යි.

පසු ව කරණ ඥාන ගර්ජනාවට තරම් කොට ඥාන ගර්ජනාවක් කරන්නෝ ‘උපතිස්ස පරිබ්රා ජකයෝ ය යි කියන්නේ මට ය. මා ගේ ශක්ති නො සලකා මුඹ වහන්සේ ගේ ශක්ති විතරෙක මදක් වේ ව යි බොහෝවක් වේ ව යි වදාළ මැනව. වදාළ කල බොරු හර සැස දණ්ඩෙහි හර පමණක් හැර ගන්නා සේ නො එක් ලෙසින් සිතා පද ව්ය ඤ්ජන නමැති බොරු හර හැර අර්ත්වස තත්වස නැමැති හර ගත හැක්කැ’ යි කිවු ය. ඒ අසා තෙරුන් වහන්සේ:

‘යෙ ධම්මා හෙතුප්පභවා - තෙසං හෙතුං තථාගතෝ ආහ. තෙසඤ්ච යො නිරොධො - එවං වාදි මහාසමණො’

යනු හෙයින් සංස්කාරාදි වූ යම් යම් ඵල ධර්ම කෙණෙක් අවිද්යා දි වූ යම් යම් හෙතු ධර්මස කෙණෙකුන් නිසා තල්පක්. පොල් පක් ආදිය නිසා තල් පැළ පොල් පැළ ආදිය පවත්නා සේ ද නැවත තල් ගස් පොල් ගස් ආදිය නිසා තල් පක් පොල් පක් ආදිය පවත්නා සේ දැ යි හේතු ධර්ම යන්ගේ වශයෙන් ඵල ධර්මපයෝ, ඵල ධර්මේයන් ගේ වශයෙන් හෙතු ධර්ම්යෝ ය යි කාරණ ව සිටියා වූ ත්. කාරිය ය යි සිටියා වූ ත්, ධර්මනයෝ ත් පවතිද් ද ඉන් ‘යෙ ධම්මා හෙතුප්පහවා” යන්නෙන් ඵල ධර්මධයන්ට හේතු වූ අවිද්යා්දි හෙතු ධර්‍ව යන් වදාළ සේක. නැවත ඒ හෙතු ධර්මඵයන්ගේ නිරොධයෙන් පොල් ගස් ආදි ය නැති වූ කලට පොල් පක් ආදියෙක් නැත්තා සේ ඵල ධර්මමයන් ගේ නිරොධ ය ත් වදාළ සේක. යන මේ අර්ථා ය ප්රධකාශ කරණ ගාථාව වදාණ සේක.

ගාථාවෙහි ආදි දෙ පදය පමණකින් උපතිස්ස පරිබ්රා්ජකයෝ පරතො‍ඝොෂ ප්ර ත්යසයට එ පමණකු ත් තමන් දෑ වැන්න වුන්ට ඇති හෙයින් නය දහසකින් හෙබියා වූ සෝවාන් පෙලෙහි පිහිටා අනික් දෙ පද ය සෝවාන් වූ පසු අසා නිමවා ඇසූ ගාථා දෙ පද ය පමණකින් සෝවාන් වන්ට නිසි මෙ තරම් නුවණක් ඇති මට සෙසු මාර්ගෙ ඵල සම්භ නො වන්ට කාරණයක් ඇති නියා ය යි සිතා තෙරුන් වහන්සේට ‘ස්වාමිනි, වදාළ ගාථාව පමණ ඉතිකින් වදාරා ආයාස ගන්ට නො කැමැත්තෙමි. හෙතු ධර්මද ඵල ධර්මියන්‍ ගේ උත්පාද ය හා නි‍රොධය වැදෑරීම නම් උන් ගේ

                                       12. අගසවු වත                                             139

අනුත්පාදනිරොධ ය යම් මාර්ග ඵල නිර්වාුණ ධර්මමයක් නිසා මේ නම් එයි ත් ඇතුළත් ව නිරවශෙෂ ධර්ම දෙශක මා ගේ තිලෝ ගුරු බුදුහු දැන් කොහි ද? ධර්මඇ කාය දුටු මා රූප කාය ත් දුට මනා වේ දැ’ යි කිවු ය. ඒ අසා තෙරුන් වහන්සේ වෙළුවන විහාරයෙහි වසන නියා කී සේක. ‘එ සේ වී නම් ස්වාමීනි, නුඹ වහන්සේ පෙරාතු ව වැඩිය මැනව. මාගේ එක් යාළුවාණ කෙණෙක් ඇත. ආදි ම කතිකාවක් කරන්නමෝ පළමු ව නිවන් දුටු කෙණෙකුන් කියන්ට වුව මැනැවැ යි නියමයක් කළම්හ.

එ සේ හෙයින් මා නිවන් දුටු නියාව උනු ත් නිවන් සොයා ඇවිදිනා හෙයින් උන්ට කියා ලා ඒ මාගේ යාළුවාණනු ත් කැඳවා ගෙන බුදුන් කර එමි. කියා ලා තෙරුන් වහන්සේ පඤ්චගතීන් මිදෙන්ට පසඟ පිහිටුවා වැඳගෙන තිවට නිමන්ට ආසන්න හෙයින් තුන් විටක් පැදකුණු කොට ලා තෙරුන් වහන්සේ වඩා යවා පිරිවැජි අරමට අභිමුඛ ව ගියහ. කොලිත පරිබ්රාිජකයෝ ද යාළණුවන් දුරින් ම එන්නවුන් දැක ‘අද මාගේ යාළණුවන් ගේ ඇඟ මූණ පැහැය මෙ තෙක් දවස් සේ නො වෙයි. යහපත් ය. ඔවුන්ට සන්තොෂයෙක් ඇත. මෙ තෙක් දවස් මුළුල්ලේ සොයා ඇවිදි නිවන් අද ලත් සැටි’යි සිතා ‘කුමක් ද? නිවන් ලදින් නිවී ගියේ ඇද්දැ’ යි විචාළහ.

එ සේ විචාළ යාළණුවන්ට මිහිරි දෙයක් ලදින් භාගයක් අනුභව කොටලා භාගයක් හිණ තබා ගෙන අවුත් දෙන කෙණකුන් මෙන් මිනිසුන්ට ගැඹුරු දිය ඇතුන්ට ගැඹුරු නො වන්නා සේ අනඳ මහ තෙරුන් වහන්සේට ම ගැඹුරු නො වන්නා සේ වැටහෙන බුදු වරුන් වහන්සේ බුදු වන දවස් පටන් අග දක්වා, අග පටන් මුල දක්වා, මැද පටන් මුල දක්වා, මැද පටන් අග දක්වා, අග පටන් මැද දක්වා මුල පටන් මැද දක්වා සැලකිය යුතු වූ දොළොස් අ‍ඟෙකින් හා ආකාර විස්සකින් හා අධවා තුනකින් යුක්ත ප්රයතීත්යළ සමුත්පාද ප්රවකාශ වූ ගාථාව ම අස්සජි මහ තෙරුන් වහන්සේ තමන්ට වදාළ ලෙස ම කීහ. කොලිත පරිබ්රාකජකයෝ ද, ගාථාව කියා නිමි කල්හි වෙළඳාමෙහි දක්ෂ කෙණෙකුන් දෙ මස්සට හැර ගත් බඩු වෙළඳාමෙහි අදක්ෂ කෙණෙකුන් තමන් වෙළඳාමෙහි අදක්ෂ හෙයින් සතර මස්සකට හැර ගන්නා සේ උපතිස්ස පරිබ්රාළජකයන් ගාථා දෙ පදයක් අසා ලද නිවන් කොලිත පිරිවැජියෝ සතර පදය අයා නිමවා ම ලත්හ.



140 සඬර්මලරත්නාවලි ය

මෙ සේ සෝවාන් ව ලා ‘සබඳ, මේ නිවන් නමැති මිහිරි පැන් ඇත්තේ සදහම් නමැති මඟ ගඟ වේ ද? ඒ ගඟ වැහෙන්නේ සර්වමඥ නමැති හිමවත කෙලෙස් අවුවෙන් අවු නො කන දළදා නමැති පර්ව ත කුළු ඇතුළත සිටි මුඛ නමැති අනව තප්තයෙන් වේ ද? ඒ සර්වැඥ නැමැති හිමවත දකුම්හ. ඔබ කොයි දැ යි විචාළහ. ඒ අසා උපතිස්ස පරිබ්රානජකයෝ’ සබඳ, ඒ මුනි උතුමාණන් වෙළුවන වෙහෙර වැඩ හිඳිති’ යි අප ගේ ඇදුරු වූ අස්සජි මහ තෙරුන් වහන්සේ වදාළ සේකැ’ යි කිවු යැ, ‘සබඳ, එ සේ කල ඔබ යම්හ’ යි කිවුය.

එ සේ කී කල්හි උපතිස්ස පරිබ්රාිජකායෝ තමන් කවර කලක ත් ගුරු භක්තිය බලවත් හෙයිනු ත් සඤ්ජය පරිබ්රාරජකයනු ත් ගුරු හෙයින් උන් සලකා ‘සබඳ, අප ලත් නිවන් සඤ්ජය පරිබ්රාජජකයන්දැට ත් කියම්හ. නුවණැ’ති හෙයින් අප සේ ම ප්රුතිවෙධ කළ දෑ වී නමුත් යහපත. එ සේ නො වී නම් අප ගෙන් ස්වරූසප අසා ඔබ යන දෑ ය. ගිය කල නිදන් බලා කරණ පිළියම් සේ චරිත බලා වදාරණ බණ හෙයින් මාර්ග ප්රිතිවෙධයට නිසි කුශලයෙක් උන්දෑට ඇත් නම් අප බුදු නො වන හෙයින් අප ගෙන් නු වුව ත් විදමන දක්ෂයන්ට කැළි විදමන් නො වරදන සේ ඔබින් වරදිනට නැත. උන්දෑ කරා යම්හ’ යි දෙන්න ම සඤ්ජය පරිබ්රාවජකයන් කරා ගියහ.

සඤ්ජය පරිබ්රා ජකයෝ ද උන් දෙන්නා දැක ‘කුමක් ද දරුවෙනි’ අමා මහ නිවනට පමුණුවා බණ දෙසන කෙණෙකුන් ලද්දුදැ’ යි විචාරා ‘එ සේ ය. ආචාරින් වහන්ස, මෙ තෙක් දවස් මුඹ හා අප නො දත් පමණක් මුත් සර්වඇඥ නමැති හිර පහළ ව සදහම් හිරු රැසින් කෙලෙස් අඳුරු දුරු කොට විනේ‍දන පියුම් පුබුදුවමින් සිටියෝ ය. මැණික් තිබිය දී ගොමරිති පිරිමස්නා සේ නිස්සාර කට යුත්තක් හැර ගෙන සැලි ඇවිදිනා දැ ය. මින් ප්රමයෝජන නැති. බුදුන් කරා අව මැනවැ’ යි කීහ. ඔහු ඒ අසා ‘තෙපි යව, මම නො යෙමි’ යි කීහ. ‘හැයි නොයන්ට කාරණ කිම්දැ’ යි විචාළ කල්හි හෙම්බා, මෙ තෙක් දවස් මම බොහෝ දෙනාට ඇදුරු ව විසිමි. දැන් ගොසින් උන්ට අත වැසි වීම පමණ නම් ආදී සැළක් ව පියා පසු ව සාළුවක් වුවා වැන්න. මා ගොසින් උන්ට අත් බා වසන්ට ප්ර සිද්ධ ව හුන් තරමට තරම් නො වෙ යි’ කීහ.




                                     1. වසාලුවක් 
                                      12. අගසවු වත                                              141

ඒ අසා අර මූ දෙ දෙනා ‘ආචාරින් වහන්ස, සක්විති රජ්ජුරු වන්ගේ සත් රුවන පහළ වූ තැන් පටන් සක් වළ ඇතුළත යටත් නො වන කෙණෙකුන් නැත්තා සේ සර්ව ඥ නමැති සක්විත්තන් ගෙන් දහම් සක පැවැති තැන් පටන් ආඥාව කෙළ ලක්ෂයක් සක් වළ දක්වා ත් පවත්ති. මුඹ කෙ සේ ‍කීව ත් අප නො යන්ට නො පිළිවන. සර්වදඥයන් වහන්සේ ගෙන් බණක් අසන්ට නු වු හෙයින් මුත් අප ගේ පැරැත්ත නැති ව මුඹ ම යත් නොගොසින් ලබන ප්රියෝජනයක් නැති නියාව අප හැම දනු ත් යන්ට ම වුව මැනැවැ’යි ලෙඩ ඇත්තවුන් බෙහෙදේ තරම නො දැන බොන්ට මැළි වුව ත් බෙහෙත් පූවො ත් ලෙඩ සන්හි‍ඳෙන නියාව දැන බොන්නට කන්නට පැරැත්ත කියන්නවුන් මෙන් ඔබ කොට ගතුමෝ නම් සදහම් බෙහෙත් පොවා කෙලෙස් ලෙඩ සන්හිඳුවා පියම්හ’ යි කියන්නට ම තරව කිවු ය.

ඒ අසා සඤ්ජය පරිබ්රාමජකයෝ ‘මෙ ලොව නුවණැත්තෝ බොහෝ වු ද? නොහොත් නුවණ මඳහු බොහෝ වූ දැ’ යි විචාළෝ ය. “ආචාරීන් වහන්ස, බොල් බොහෝ විකෙක, බොල් පරිද්දෙන් නුවණ මඳ වුවෝ බොහෝ ම ය. නො බොල් වී මෙන් නුවණැත්තෝ මඳ දෙනෙකැ’යි කී කල්හි ‘එ සේ වී නම් නුවණ හර නැති වීමෙන් නිස්සාර කෙණෙක් මා කෙරෙහි ඇලුම් ඇති ව මා කරා එති. නුවණ හර ඇති කෙණෙක් හර හුන් තරම් ඇති මහණ ගොයුහුම් කරා යෙති. එලෙසිනු ත් පිරිස් බොහෝ මට ය. තෙපි තොප සේ ම සාර තැන් ලත් බැවින් ඔබ යව. මම නොයමි’ කිවු ය.

ඌ දෙ දෙන නොයෙක් ලෙස පැරැත්ත කියා ත් නොගිවිස්නා “මුඹ ගේ කටයුත්තෙන් මුඹ පෙනෙනදැ ය’යි කියා ලා බුදුන් කරා යන්ට නික්මුණා හු ය. ප්රුසිද්ධ ව සිටි දෙ දෙනා නික්මුණු හෙයින් සඤ්ජයන්ගේ පිරිසත් උන් හා කැටි ව නික්මුණු හෙයින් අරම පාළු වි ය. ගුණෙන් සිස් වූ ඌ තුමුන් තමන් සේ ම පර්ෂකදින් සිස් වූ අරම් පාළුව දැක ශොකයෙන් හුණු ලේ නැඟුහ. දෙන්නා හා කැටි ව නික්මුණු පන් සියයක් දෙනා ගෙන් සඤ්ජයයන් පිළිබඳ දෙ සිය පනසෙක් නිවන් පුරට පිටි පා සසර මහ වලට මුණ ලා රඳා පී හ. උන් රඳා ගිය ත් උපතිස්ස - කොලිත දෙ දෙන තමන් පිළිබඳ දෙ සිය පනස හැර ගෙන වෙළුවන විහාරයට ගියහ. බුදුහු සිව් වනක් පිරිස් පිරිවරා වැඩ හිඳ බණ වදාරන සේක් එන දෙන්නා දුර දී ම සතර ගවුවෙක තුබු දෙයක් දක්නට සමර්ත්ථස වූ මසැ’ ස ඇති හෙයින් දැක වහන්දෑ බණවා ලා ‘මහණෙනි, තෙල එන දෙන්නා දුටු ද? තුලු මට අගසවු වෙතී’ වදාළ සේක.


1. බොහෝ අය කල විටෙක බොල් පරිද්දෙන් නුවණ මඳ වූය. 142 සඬර්මමරත්නාවලි ය

ඔහු ද ගොසින් බුදුන් වැඳ ගෙන එකත්පස් ව සිටි තමන් මහණ මහලු පැවිදි කරවන්ට ආරාධනා කළහ. බුදුහු ඒ අසා වදාරා රත් වලා ගබකින් නිකුත් විදුලියක් මෙන් දකුණත දික් කොට ‘මහණෙනි, මෙසේ පලා එව, සසර කතරින් එ තර වනු නිසා බඹසර හැසිරෙව’ යි වදාළ සේක. එ කල ඒ දෙ න ම සහපිරිවරින් සෘද්ධීන් පහළ වූ පා සිවුරු දැරීමෙන් මනුෂ්යාළත්ම භාව ය හැර බ්රිහ්මාත්මභාවයකට පැමිණියා සේ ගිහි වෙස් නැති ව ශීලසමාද්ධ්යාාදී ගුණ නමැති ආභරණ පළන් මහණ වෙස් ඇති ව සිය වස් ගිය මහ තෙරුන් වහන්ස් මෙන් ආකල්ප ඇති වු සේක. ඉක් බිත්තෙන් බුදුහු ප්ර ධාන කෙණෙකුන් රැසක් පිරිසක් හැර ගෙන පොහොසක් කෙණෙකුන් කරා ගිය කල කළ මනා ප්රුපඤ්ච ඇති හෙයින් ප්රනධානයන් සිටිය දී ම කැ ටි ව ගිය සෙස්සවුන්ට බත් දෙන්නා සේ අගසවු වන දෙන ම සිටිය දී ම කැටි ව ගිය පර්ෂ දට බණ වදාළ සේක. ඒ තැනැන්දෑ මුදලි වරුන් අත් නො බලා ලා ලූ බත් කන්නවුන් මෙන් බණ අසා දෙ සිය පනස් නම ම රහත් වූ සේක.

සවු පැරුම් නුවණ මහත් හෙයින් අනුන්ට ලූ බතක් බලා සිටි පමණකින් බඩ පිරෙන්ට නැත්තා සේ පර්ෂනදට වදාළ බණ අසා ත් අර්හත්වන ය අගසවු දෙ නමට සිද්ධ නො වී ය. ඉක් බිත්තෙන් මුගලන් මහ තෙරුන් වහන්සේ මහණ වු සත් වන දවස මගධ රට කල්ලවාල නම් ගම දී, සසම්භාර සඩ්ෂ්ු සප ය. සසම්භාර විභක්ත ය. සලක්ෂිණ සඩ්‍ෙක්ෂසපය සලක්ෂනණ විභක්ත ය. යන මොවුන් ගේ වශයෙන් ධාතු කමටහන යෙදී විවසුන් වඩා තිබූ තුන් මහ කෘත්ය් දොළස නිමවා සෘද්ධිමතුන් අතුරෙහි අග බවට පැමිණ මහ පොළොව පාන් කබළක් කොට, මූද දිය තෙල් කොට. මහ මෙර පහන් වැටි කොට. පහන් දැල්වීම් ආදි වූ ‍නොයෙක් ශාස්ත්රපයෙහි නිපුණ හෙයින් බුදුන්ගේ සදහම් නුවර පුරෝහිත තනතුරට පැමිණි සේක.

සැරියුත් මහ තෙරුන් වහන්සේ ද මහණ වූ දෙ පෝයක් විත රින් රජගහා නුවරට ආසන්නයෙහි බුදුන් හා එක් ව හුරා ‍කැණි ලෙණ යැ යි එ නමින් ප්රරසිද්ධ වූ ගල්ලෙනක වසන සේක්. තමන් වහන්සේ ගේ බෑණ දික්නිය පිරිවැජියන්ට වෙදනා පරිග්ර හ සූත්රකය දෙසන කල්හි අනුනට ලා ලූ බතක් උන් හා කැටි ව කන්නවුන් අත පොවා හැර ගෙන කන්නා සේ විවසුන් නමැති අතින් සූත්රව දෙශනා ‍නමැති බත් අනුභව කිරීමෙන් එක් විතර ව තුබු



                                         12. අගසවු වත                                             143

කෙලෙස් බඩ සාය නැති ව රහත් ව බුදුන් සමයෙක මුත් පොළොව සැඟවී තුබු සල් කළණ ගස පහළ නොවන්නා සේ පරමාර්ත්ථස හෙයින් විද්යතමාන වුව ත් බුදුන් සමයෙක මුත් පහළ නොවන අරි පුඟුලන් පිරුණු නිවන් මඟ නුවර අනන්ත පාය්ය්මයෙන්ත සක්වළ වල පැතිර සිටින්නට ත් බොහෝ වූ සදහම් නමැති මහ සෙනගට අලග්න වීම් නමැති මූණු බැල්මක් නැති ව, සසුන් රටින් නෙරිය යුතු දුශ්ශීලයන් නෙරනට ත් පිටත් ව හුන් සුශීල පුද්ගල කෙණෙක් ඇත් නම් නිවන් පුර ඇතුළත ලන්ට ත්, ලොවී ලොවුතුරා සම්පත් ලද ‍මනාවුන්ට කොට තුබූ විධාන ඇති හෙයින් සම්පත් දෙන්ට ත්, බුදුන්ට ඉක් බිති ව දහම් සක පවත් වන්නට ත්, බල ඇති ව සවු පැරුම් පටබැඳ සෙනෙවිරත් වූ සේක.

හැයි! මේ දෙ නමින් සැරියුත් මහ තෙරුන් වහන්සේ මහ නුවණැති වු ව රහත් වීමෙන් සෝවාන් වූවා සේ පෙරාතු නො ව පසු වන්ට කාරණ කිම් ද යත්: දකුණ ත් සවු වීමට පිරියම් මහත් හෙයින. යම් සේ දුක් පත් මිනිස්සු යම් තෙනකට යන්ට සිතූ කල තමන් ගේ බලවත් ප්රිපඤ්චයක් නැති හෙයින් වහා ම සිතා ලා නැගී යෙත් ද, රජ දරුවන් නික්මෙන කල ඇතුන් සැරහීම් ආදි වූ කළ මනා දැ බොහෝ වේ ද - මෙයි ත් එ ලෙසින් දතයුතු. බුදුහු එ දවස් ම පෙර වරු වෙලෙහි වහන්දෑ රැස් කරවා ලා ඒ දෙ දෙ‍නා වහන්සේ ගෙන් සැරියුත් මහ තෙරුන් වහන්සේ නුවණැති තෙනට හා මුගලන් මහ තෙරුන් වහන්සේ සෘද්ධිමත් තෙනට තමන් වහන්සේට ඉක් බිති කොට අග තැන තබා ලා පාමොක් උදෙසා වදාළ සේක.

වහන්දෑ ද ඒ දෙන ම අගසවු කළ නියාවට කිසි කෙණෙක් නො සතුටු ව බුදුන්ගේ ත් මුණු බැලුම් ඇති නියා වේ ද? මෙසේ වූ අගසවු ‍තනතුරු දෙන කල පළමු මහණ වූ පස් වග වහන්දෑට හෝ දෙවිය යුතු ය. එ තෙනට ත් නොදෙතො ත් යස තෙරුන් වහන්සේ ඇතු‍ෙළු වූ පස් පනස් දෙනා වහන්සේට හෝ දිය යුතුය. එ තෙනට ත් නොදෙතො ත් තිසක් පමණ භද්දවග්ගිය තෙරුන් වහන්නසේට හෝ දිය යුතු ය. එ තෙනට ත් නොදෙ‍තො ත් උරුවෙල් කසුප් ආදී වූ තුන් බෑ තෙරවරුන් වහන්සේට හෝ දිය යුතු ය. මෙ තෙක් තැන් පන්වා පසු ව මහණ වූ මෙ තෙනට අගසවු තනතුරු දීම නම් ඔබ කෙ‍ සේ සිතා කරතත් අපට මුහුණු බලා කරන්නා සේ සිතෙයි. අප තබා කාට වුව ත් කාරණ ඇසුවො ත් මුත් එ ලෙස ම සිතෙයි’ කියා මුහුණු බලා නො කරණ බුදුන්ට එ ලෙස කියා ගත් සේක.



144 සඬර්මකරත්නාවලි ය

බුදුහු ත් කියන කථාව දිව කණින් අසා දනිත ත් ‘කුමක් කියවු දැ’ යි විචාරා වදාරා ‘ස්වාමීනි, අනිකෙක් නො වෙයි. මුඹ වහන්සේ මුණු බලා කරණ කට යුතු කියම්හ’ යි කී කල්හි බුදුහු තොප හැම නොදැන කියත ‍ත් මා මූණු බලා පක්ෂග්රා්හී ව කරණ දෙයක් නො වෙයි. මූ හැම දෙන යම් යම් පිණක් කොට ලා යම් යම් ලෙසක පැතූ නම්.

“එස දෙව මනුස්සානං - සබ්බකාමදදො නිධි යං යදෙවාහිප‍ෙත්ථරන්ති - සබ්බමොතෙන ලබ්භති”

යනු හෙයින් උන් උන් පැතූ ලෙසට දෙමි. මුන් හැම දෙනා ගෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරහු සසර සිටිනා ගමනේ එක ගොයම් මුරයේ නව අගහස් බතක් දන් දී අගසවු තනතුරක් නො පැතුවෝ ය. පැතූයේ කවරේ ද යත් - ‘මේ දන් දුන් අගහස් සේ ම බුදු කෙණකුන් වහන්සේ කරා පැමිණ හැම තැනට පළමු කොට රහත් වීමෙන් නිවන් අගහස් සම්භ වේ ය යි පැතූයේ ය’ යි වදාරා ඒ ප්රාටර්ත්ථිනා කෙළේ කවර කල දැ’යි වහන්දෑ විචාල කල්හි ‘අසනු කැමැති නියා දැ’ යි විචාර වදාරා ලා ‘හෙම්බා ‍මහණෙනි, මේ අප බුදු වූ කපට එකානු වන කප විපසසි නම් බුදු කෙණෙක් ලෝ පහළ වූ ය. එ කල මහාකාළ ය - චුළකාළ ය යි ප්රූසිද්ධ වූ දෙ බෑ කෙණෙක් මහා හැල් කෙතක්1 වැපිර වූ ය. ඉක් බිත්තෙන් එක් දවසක් චූළකාළ නම් මලණුවෝ හැල් කෙ‍තට ගොසින් හැල් බඩයක් තළා පියා කැවු ය. ඒ හැල් බඩ ය ඉතා ම පැණිරස යුත් වි ය.

ඌ ඊ රස බලවත් හෙයින් මෙ සේ වූ බලවත් රසය දනක් දීපුවොත් ඊට වඩනා නිවන් රස ත් ලද හැක්කැ යි බුදු පාමොක් සඟනට හැල් බඩ වළඳන්ට නිසි ලෙසක ඉදි කරවා දන් දෙනු කැමති ව බෑණන් කරා ගොසින් බෑණන් වහන්ස, හැල් බඩ තළවා පියා බුදු පාමොක් මහ සඟනට නිසි කොට ඉදි කරවා දන් දෙම්හ’ යි කිවු ය. බෑණෝ ද ඒ අසා ‘හැල් බඩ තළවා දන් දීමක් ගිය දවස වුයෙ ත් නැත. එන දවස වන දෙයකු ත් නො වෙයි. ගොයම් නො නසව’ කියා ලා මළණුවන් හැල් බඩ දන් දෙන්ට ම තර හෙයින් ‘එ සේ වී නම් සේන බෙදා පියා මා සන්තක භාගයට අළෙවි නො කොට තොප සන්තක භාගයට කැමැත්තක් කරව’ යි කිවු ය.

ඒ අසා ‘යහපතැ’ යි සේන බෙදා පියා බොහෝ අත් කැමියන් හැර ගෙන හැල් බඩ තළවා පියා සැළවළට නගා පැනක් නුමුසු

  1. සේනක්          2. පැනියන් විය - පැනි බේත් විය - පැනියනසේ 
                                      12. අගසව් වත                                         145

කිරින් ම පැසවා පැසෙන අවස්තාවේ දී ගිතෙල් - මී - සකුරු ආදිය බහා කිරි බත් පිසවා ලා එක් ලක්ෂඅ අට සැට දහසක් පමණ බුදු පාමොක් සඟනට දන් දී වළඳා අන්තයෙහි ‘ස්වාමීනි, මා දුන් මේ අගහස් දන හැම දෙනාට පළමු නිවන් පුර වදනට හේතු වේව’ යි පැතූහ. බුදුහු ත් එ සේ ම වන නියාව දැන ‘එ සේ ම වේව’ යි වදාළ සේක. ඌ පෙරළාත් සේනට ගොසින් බඩ තළා ගත් සේන් කැබෙල්ල බලා හැල් කරල් මිටි කඩා බැන්දා සේ යහපත් ව පැසී සිටි සේන් කැබැල්ල දැක සෙසු කෙත්වත් කල් යත ත් පින් කෙත් උදව් ව එන නියා ව දැන මසුරු සිත් නමැති වල් කසළ නොළා හැර පී හෙයින් දෝ එක ද කරලකට හානි නැති ව යවක්1 ව පැසී සිටියේ ය යි සිතා ඒ ගොයම් නො දන තෙක් දුටු සතුටේ අගහස් බතක් දන් දුන්හ. දන දවසු ත් බතක් දන් දුන්හ. උක් පිඩි කරණ දවසු ත් දනක් දුන්හ. කඳු කරණ දා ත් දනක් දුන් හ. කළ විට ලන දා ත් දනක් දුන්හ. වි මිරිකා රාසි කරණ දා ත් දනක් දුන් හ. අටුවේ ලන දා ත් දනක් දුන්හ’යි නව වාරයක නව අගහස් බතක් දුන්හ. නව වර ම හැර හැර ගත් දෙයෙහි අඩුවක් නැති ව කුසලහි අදහස් පිරෙන්නා සේ තද්වස්තුක වූ සශ්ය්ඵල ය ත් අඩු නැති වේ ව යි ඒ නව අගහස් දන් දී එසේ පතා මෙයට ලක්ෂයක් වන කප පියුමතුරා නම් බුදුන් සමයෙහි ත් සතියක් මුළුල්ලෙහි ම මහ දන් දී එ ලෙස ම පැතූ ය.

එ සේ හෙයින් දැන් බණ කියා නිවන් දක්වන ගමනේ ත් උන් ම පළමු කොට නිවන් දක්වා ලිමි. මුන් පසු කොට සෙස්සන් නිවන් දැක්වීම් නම් ඊට කිය යුත්තක් මුත් මිට කියන්නේ කිම් දැ’ යි වදාළ සේක. ‘ඒ එ සේ ය යස තෙරුන් වහන්සේ ඇතුළු වූ පස් පණස් නම කළ පින් කවරේ දැ’ යි විචාළ සේක.

‘හෙම්බා මහණෙනි, ඌ හැම දෙන ත් එක් බුදු කෙණකුන් සමයෙහි සාමාන්ය්යෙන් රහත් වන්ට නිසි බොහෝ පිං කොට පසුව බුදුන් නූපන් සමයෙක මූ හැම මිනිස් ලොව ඉපද අසරණ ව මියගියවුන් දවා පියන නෑ සිය කෙණෙකුන් නැති හෙයින් පින් නිසා දවා ඇවිදිති. ඌ එක් දවසක් දැරි ඇති ගෑනියක මළ තැනැත්තිය දවන්ට ගෙන ගොසින් පස් දෙණකුට දවන්ට විධාන කොට ලා සෙස්සෝ ගමට නැඟී ගියෝ ය. යස දරුවෝ ඒ මිනි ය හුලින් ඇණ ඇණ දවන්නෝ පිළිකුල් මෙනෙහි කොට අනික් සතර දෙනාට ත් ‘හෙම්බා මියන්නාට පෙරාතු මුන් ඇවිදි සැටිය ත්, දැන් මුන් හොත් සැටිය ත් බලව. පින් කමට අත


                                       1 සක් ව 

146 සඬර්මඒරත්නාවලි ය

වැකිටි වූවා සේ ම දැන් අත ත් දදා වැකිටි වෙ යි. වැඩෙන අවධියේ කෙලි කොල්ලන් පයින් තළන්ට පය වක් කරන්නා සේ දැන් පය ත් වැකිටි වෙයි. කැට පත් තබා ගෙන බල බලා මැදී දත් ඇට ද ලබු ඇට සේ පැනෙන්ට වන. අඳුන් ගා සැරහූ ඇස් අඟුරු දැළි හා මුසු වි ය. පිටින් කසා ගා තෙල් ගා පිරිමැසූ බඩ ඇතුළේ තුබූ කුණු රාශිය ත් බලව’ යනාදීන් කියා පිළිකුල් මෙනෙහි කැරවූ ය. ඔහු සතර දෙන ගමට ගොසින් සෙසු යාළුවන්ට ත් කිවු ය. යස දරුවෝ තමන් ගෙට ගොසින් දෙ මවුපියන්ට ත් අඹුවන්ට ත් කිවු ය.

ඒ අසා මොවුහු හැම දෙන ඒ ජාති ය මුළුල්ලෙහි අසුභ භාව නායෙහි යෙදුනා හු ය. මෙ සේ කොට ත් රහත් වීම පමණක් පැතූ බව මුත් අනික් තනතුරක් උන් නොපැතු බැවින් උන්ට අගසවු තනතුරු දුන්නේ නැතැ’යි වදාළ සේක.

ඒ එ සේ ය, භද්දවග්ගිය වහන්දෑ කවර පිණක් කළසේක් දැ’ යි විචාළ හ.

‘හෙම්බාමහණෙනි, උයිත් රහත් වන්ට ම නිසි පින් කරන්නෝ මෙ කප ම එක් කලෙක මුන් තිස් දෙ‍ණකුන් දැන් රහත් වී මට ලොල් වූවා සේ ම එ වක රා පීමෙහි ලොල් ව දැන් මා බුදු ව කියන බණ පන් දහසක් හවුරුදු පවත්නා බව මුත් එ වක හුරුව කියා ලු බණ සැට දහසක් හවුරුදු පැවැති හෙයින් ඒ තාක් කල් මුළුල්ලෙහි පස් පවින් දුරු ව පන් සිල් රැක මුන් තිස් දෙනා රහත් විම පැතූ බව මුත් උන් පැතු අනික් තනතුරක් නැති හෙයින් උන්ට අගසවු තනතුරු නුදුන්නෙමි’ වදාළ කල්හි -

‘ඒ එ සේ ය, උරුවෙල් කසුප් ආදී වූ වහන්දෑ කළ පින් කවරේ දැ’ යි විචාළ සේක.

‘හෙම්බා මහණෙනි, උයිත් රහත් වීම් පමණකට ම පින් කරන්නාහු මෙයට දෙයානු වන කප තිස්ස නම් වූ ත් ඵුස්ස නම් වූ ත් බුදු වරහු දෙ දෙනෙක් ලොව උපනහ. ඉන් ඵුස්ස නම් බුදුන්ගේ පිය රජ්ජුරුවෝ මිඳු නම් වූ ය. ඒ බුදුන් ගිහි සැපත් විඳ මහාභිනික්මන් කොට මහණ ව ප්රජධන් විය්‍්ූ යෙහි හැසිර බදු වූ කල්හි රජ්ජුරුවන්‍ ගේ අනිත් බිසෝ කෙණෙකුන්ගේ පුතණු කෙණෙක් දකුණත් සවු වූ හ. පෙරෙවි බමුණන් ගේ පුතණුවෝ වමත් සවු වූ හ. රජ්ජුරුවෝ බුදුන් ළඟට ගොසින් මාගේ වැඩි මාලු පුත් වූ නුඹ වහන්සේ බුදු වූ සේක. බාල පුතණුවන් වහන්සේ දකුණත් සවු වූ සේක. පෙරෙවි බමුණානන් ගේ පුතණුවන් වහන්සේ වමත් සවු වූ සේක. එසේ හෙයින් බුදුහු ත් මා ඇති ව වූ හෙයින් මා ගේ ම ය. ඔබ දෙසූ දහමුත් මා ගේ ම ය. ඒ ධර්මතය ධරා සිටිනා

                                        12. අගසවු වත                                             147

සඩ්ඝයා වහන්සේ ත් මා ගේ ම ය ‘යි කියා තර වූ මමායනය ඇති ව බුදුන් බැස හෙව වැඳ ලා ‘ස්වාමීනි, දැන් මේ ගෙවා පලා ගිය කල නම් අනූ දහසක් හවුරුදු ගෙවී කෙළවර වැද හිඳ නිදන කලක් වැනි වීය. මෙ තෙක් කල් කෙ සේ වුව ත් මෙ වක් පටන් අනික් ගෙදොර කඩක සිඟා නොවැඩ දිවි පමණින් මා ගේ සිවුපසය ම ‍ඉවසා වදාළ මැනවැ’ යි ආරා‍ධනා කොට ලා උපස්ධානයට පටන් ගත්හ.

රජ්ජුරුවන් ගේ තව ත් පුත්තු තුන් බෑ කෙණෙක් ඇත. ඉන් වැඩිමාලු තැනැත්තන්ගේ සේවායෝ පන් සියයක් ඇත. මැදි බෑ තැනැත්තන් ගේ සේවායෝ තුන් සියයෙක් ඇත. බාල තැනැත්තන්ගේ සේවායෝ දෙ සියෙක් ඇත. ඌ තුන් බෑයෝ ද පියාණන් උපස්ථාන කරණ නියාව බලා පියා අපි ත් අප ගේ බෑණන් වහන්සේට උපස්ථානයක් කරම්හ’ යි සිතා පියාණන් අතින් අවසරයක් ඉල්වන්නාහු ත් අවසරයක් නො ලදින් පසල් දනවුව පෙරළි කළ කල්හි රජ්ජුරුවන්ගේ විධානයෙන් ඔබ ගොසින් ඒ සන්හිඳුවා ලා ළඟට අවු ය. කළ සපන් කමට රජ්ජුරුවෝ සමාධි ව සනා පියා වරයක් ගන්ට කිවු ය.

ගරුතර කරණු නිසා ‘පසු ව පිළිවනැ’ යි කියා තබා ලා පසුව දවසක දී සඳහන් කොට පිය රජ්ජුරුවන් ‘වර ය ගන්ව’යි කී කල්හි ‘ස්වාමීනි, අනින් වරයකින් අපට කම් නැත. මෙ වක් පටන් අපි ත් අපගේ බෑණන් වහන්සේට උපස්ථානයක් කරණු කැමැත්තම්හ. ඒ වර ය දුන මැනැවැ’යි කියා රජ්ජුරුවන් නො ගිවිස්තා ‘ එ සේ වී නම් සත් හවුරුද්දකට හළ මැනවැ’ යි කියා ඒ සේ ත් නො ගිවිස්නා සාවුරුද්ද පටන් හවුරුද්ද දක්වා කියා ‍ගිවිස් වා ගත නො හී හවුරුදු ඉල්වන්ට නැති හෙයින් එකොළොස් මස පටන් තුන් මස දක්වා ඉල්වා එ සේ ත් ලද නො හී රජ්ජුරුවන් වහන්ස, දරු කමුත් නොසලකා තෙල ලෙස ම මැළි කල තුන් දෙනාට එක් කෙණෙකුන්ට මසක් වන නියාවෙන් තුන් මසකට අවසර දුන මැනවැ’ යි කිවු ය. යහපත දරුවෙනි, තෙල විතරක ට ත් නොලැබුණු කල කුමක් සිතවූ ද? තුන් දෙනා ම මස මස ඔබාදීන් තුන් මසක් දන් දී ගනුව’යි අවසර දුන්හ.

උන් තුන් දෙනාගේ ම කොටගුළුවල විධාන කොට වැය දී ලන්නෝ ත් අතු නතු කළ නපුරු හෙයින් එක් කෙණෙක. අය වියදම් ලියා සිටින්නා ත් එක් කෙණෙක. උන් දෙන්නා හසරින් එක් ලක්ෂද විසි දහසක් දෙන බැඳි සිටිති. රජ කුමරුවෝ තුන් දෙන මේ කිව වුන් හැම ගෙන්වා ලා ‘අපි මේ තුන් මස දස සිල්


148 සඬර්මාරත්නාවලි ය

සමාදන් ව රන් වන් පිළි හැඳ පෙර ව බුදුන් හා කැටි ව විහාරයේ රඳම්හ. තෙපි මෙ තෙක් දෙන වී සාල් ඇර ගෙන තුන් මස අනූ දවස් ම, අනූ දහසක් වහන්දැට ද, බුදුන්ට ද, අපට ද, අප ගේ යොධ දහසට ද. බත් ඉදි කරවා වෙහෙරට ම ගෙන වූත් දෙව. අද කළ විධාන පමණක් මුත් තොප හැම කුසී වන ලෙසට ත් අප විඩා වන ලෙසට ත්. නැවත කරණ විධාන නැත. විධාන නො වරදවා කරව’යි සම්මත කොට ලා පිරිවර දහසක් හැර ගෙන වෙහෙරට ගොසින් දස සිල් සමාදන් ව ගෙන රන් වන් පිළි හැඳ පෙර ව වෙහෙර ම රඳන්නාහ.

කොටගුළ තැනැත්තෝ ද, ලියන්නෝ ද, එක් ව තුන් බෑයන් ගෙන් දවස එක් කෙණෙකුන්ගේ දරුවෝ කැඳ බත් ගෙන දන් දෙති. දන් ඉදි කරන්නවුන් ගේ දරුවෝ කැඳ බත් ආදිය දැකලා හඬති. හඩන නියාව දැක දන් වළඳන වහන්දෑ‍ නො එන තෙක් ම ලෝ දිය බොන්නවුන් මේන්, ලෝ ගුලා ගළන්නවුන් මෙන් කැඳ බත්‍ දෙති. වහන්දෑ වළඳා අන්තයට ඉතිරි වන කිසිවකු ත් නැත. කල් යත් යත් දරුවන් පිට ලා ලා කුණු සිත යපා ගත නොහී තුමු ත් කති. ඒ දන් වැට ගසා කෑවෝ සුවාසූ දහසක් දෙන ය. දීලුවන් දී ලූ දන් වැට බැඳී ලූ පමණකට අනූ දවසක් ගසා කා ලා කා ලූ දන් වැට දිරවන්ට ප්රේ.ත ලෝකයෙහි උපන්හ.


දන් වැට ‍කන කල උන් සැප තරමට දුකු ත් බොහෝ වි ය. තුන් බෑයෝ ද යොධ දහස හා සමඟ මිය දෙව් ලොවම ඉපද කළ පින් බොහෝ හෙයින් දෙව් ලොව ම උපදනාහු දෙයානුකපක් දවස් ගළවාපීහ. මෙ‍ සේ ඒ තුන් දෙන ත් රහත් බැවු ම සිතා පින් කොට පතා වී වපුට, වී ම ලබන්නා සේ පැතූ ලෙසට ම ලද්ද’ යි වදාළ සේක. වදාරා ලා ‘හෙම්බා, එ සමයෙහි ලියන්නෝ නම් දැන් බිම්සර රජ්ජුරුවෝ ය. කොටගුළ තැනැත්තෝ නම් විශාඛා නම් උපාසකයෝ ය. දන් වැට ගසා කෑ සුවාසූ දහසක් දෙන ද එ වක ප්රේාත ලෝකයෙහි ඉපද බො‍හෝ දුක් විඳ පියා කුමක් කෙරෙම් ද - උයි ත් සුගති - දුගති වශයෙන් දෙයානු කප ගෙවා පියා බුදුවරුන් වහනසේ ලා පස් නමක ගෙන් හෙබීයා වූ මේ මහා භද්රෙ කල්පයෙහි පච්චබුද්ධප්රනතිමණ්ඩිත හෙයින් කප භද්ර වී බව මුත් තමන් කොට ලූ භද්රයයක් නැති හෙයින් බුද්ධාන්තර සතරක් මුළුල්ලෙහි ප්රේදත ලොකයෙහි ම දවස් යවූහ. පවෙහි භය ඇත්තවුන් සඟ සතුයෙහි භය ඇති වන්ට මෙ තෙක් ම ඇත.


                       		13. අගසවු වත                                                149

එ සේ දවස් යවන ඒ ප්රේ තයෝ ද මෙ කප පළමු උපන් හතළිස් දහසක් හවුරුද්දට ආයු ඇති කකුසඳ බුදුන් කරා ගොසින් තමන් බත් ලබන අවධි විචා‍ළෝ ය. එබ ඒ අසා උන් සහ සතු දෙය කෑමේ කළ අවධියක් නැත්තා සේ ම තමන් වහන්සේ ත් අවධි නියම නො කොට ‘මා දවස බත් නො ලබව. මා ත් පිරිනිවී සස්න ත් අතුරුදන් වූ කල දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව සතර ගවුවක් විතර උස් වූ කලට කොණාගමන නම් බුදුහු උපදිති. උන් විචාරව’යි වදාළ සේක. උයිත් එ තෙක්කල් මුළුලේලෙහි ප්රෙතත ලොකයෙහි රඳා පියන් පමණ කට කා ලූ දන් වැට නො මඳ හෙයින් රඳා ලා තිස් දහසක් හවුරුද්දට ආයු ඇති කොණාගමන නම් බුදුන් උපන් කල්හි ඔබ ත් විචාළෝ ය. ඔබත් මා සමයෙහි ලබන බත් නැත. මා පිරිනිවී මා ගේ සාසනයත් අතුරුධන් වූ කල පොළොව ත් ආදි ලෙසින් ම සතර ශවුවක් වඩනා කලට කසුබ් බුදුහු බුදු වෙති. උන් අතින් විචාරව’ යි වදාළ සේක. උයි ත් එතෙක් කල් මුළුල්ලෙහි ප්රෙදත ලොකයෙහි ම දවස් යවා පියා විසි දහසක් හවුරුද්දට ආයු ඇති ඒ කසුබ් බුදුන් උපන් කල්හි දුන් දන් වැට සන්ට නො මැළි වූවා සේ ම විචාරන්ට ත් නො මැළි හෙයින් ඔබ අතිනු ත් විචාළෝ ය. ඔබ ත් ‘ මා සමයේ නොලබයව. මට පසු ව ආදි ලෙසින් පොළොව සතර ගවුවක් වඩනා ‍කලට ගෞතම නම් බුදුහු බුදු වෙති. උන් දවස බිම්සර නම් රජ්ජුරු කෙණෙක් බුදු පාමොක් සඟනට පින් පෙත් කොට දන් දි ලා තොපට පින් පමුණුවති. එ කල ලබව ‘යි අනික් බුදුවරුන් වහන්සේ දෙ නම දුටු දෙය ත් මුන් වහන්සේ වදාළ සේක.

එ බස් අසා ප්රෙ තයන්ට බුද්ධාන්තරය මුළුල්ලෙහි මිනිස් ලොවින් තරු පෙනන දෙව් ලොවට විනාඩිකා සයකින් වන්නාසේ මිනිස් ලොවින් පනස් අවුරුද්දක් එ ම දෙව් ලොවට දවසක් වන්නා සේ සෙට දවස් සේ ලුඬුකොට සිතින. අනූ දවසක් මුළුල්ලෙහි කෑවා වූ වහන්දෑ සන්තක බත මිහිරි‍ හෙයින් මඳ සේ ම හැඟින. ඒ ප්රෙලතයෝ ද අප ගේ බුදුන් උපන් සමයෙහි බිම්සර මහ රජුන් පින් පෙත් දී තමන්ට පමුණුවන නියාව කසුබ් බුදුන් ගෙන් ම දත් හෙයින් විචාරන්ට අප‍ ගේ බුදුන් කරා නො ‍ගොසින් බිම්සර රජ්ජුරුවන් ආදී දවස් දන් දී ලා තමන්ට පින් කම් පමුණුවා නුලු හෙයින් එ දවස් රෑ අවුත් රජජුරුවන්ට පෙනුණාහු ය.




150 සඬර්ම රත්නාවලි ය

රජ්ජුරුවෝ දෙ වන දවස් වෙළුවනයට ගොසින් බුදුන්ට දැනුවූ ය. බුදුහු ඒ අසා වදාරා ‘මහ රජ, හෙම්බල, ඒ ප්රේවතයෝ නම් මෙ කපට දෙයානු කප ඵුස්ස බුදුන් සමයෙහි, තොප ගේ නෑයෝ ය. කරවා දී ලන්ට විධාන ලත් පමණෙකින් දන්වට ගසා කා තුන්වනට නාසාගත නො හී ප්රෙනත ලොකයෙහි ඉපද අනන්ත කාලයකින් එයින් චුත ව සුගති - දුගති වසයෙන් දෙයානු කප යවා මේ කප ත් දන් වැට කෑමෙහි විපාක වශයෙන් ප්රෙරත ලොකයෙහි ඉපද දුක් ගෙන ඇවිදින්නෝ, මේ කප මට පෙරාතු බුදු වූ කකුසඳ කොණාගමන දෙ නම ගෙන් තමන් බත් ලබන අවධි විචාරා නිමයක් නො දැන තුන් වැනි වූ කසුබ් බුදුන් විචාර: උන් ගෙන් මා සමයෙහි තොප උන් හැමට නෑ තැනැත්තවුන් හෙයින් තොපගේ සමවායෙන් බතක් ලබන නියාව අසා මේ බුද්ධාන්තරය මුළුල්ල දෙ දවසක් කොට සිතා ගෙන මෙ ම පතා ඇවිදිනාහු තොප ඊයේ දවස් දෙන දන් පින් පෙත් කොට නුදුන් හෙයින් තෙල ලෙස පෙණුනාහු යි’ යි වදාරා ‘දැනු ත් දුන්නො ත් ලැබෙද්ද ස්වාමීනි, ‘ විචාළ කල්හි එ සේ ය. ලැබෙති. අමුතු නැතැ’ යි වදාළ සේක.

දෙ වන දවස් රජ්ජුරුවෝ මහ දන් දී ලා ඒ ප්රෙ තයන්ට දිව බත් දිව පැන් සම්භ වේව’යි කළ කුශල ය පිරිනමා ලූ ය. උන්ට ත් දිව බත් හා දිව පැන් සම්භ වි ය. දෙ වන දවස් පිළි නැති ව පෙනුණාහු ය. රජ්ජුරුවෝ පිළි නැති ව පෙණුනු නියාව බුදුන්ට දැන්වූහ යි. ‘මහ රජතෙපි පින් පෙත් කොට පිළී නුදුන් හෙයිනැ’යි වදාළ සේක. රජ්ජුරුවෝ දෙ වන දවස් පිළි දී පින් පෙත් දෙවා ලු ය. ඒ ඇසිල්ලෙහි ම කළ කුශල ය අනුමෝදන් වුව ත් දිව බත් ආදි ය සම්භ වන්ට අරුම නො වන හෙයින් හෝ කබ්ලිඩ්කාරාහාර ගත ඕජාවෙන් උපස්තම්භ ලදිත් ශරීර ගත ඔජාව රූ උපදවන්නා සේ ම රජ්ජුරුවන් දුන් පින් කම උපස්ථම්භ ව පුරාකෘත කුශලයෙන් හෝ දිව පිළි ආදිය සම්භවලත් සම්පතට නිසි ව ප්රෙපතාත්මභාවයෙනුත් මිදී දිව අත් බැව් ලද්දහ. බුදුහු දිව සැපත් ලද්දවුන්ට නිවන් සම්පතු ත් තමන් වහන්සේ ගෙන් දෙනු නිසා “තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති” යනාදින් කුදු ගොත් සඟියේ තිරොකුඩ්ඩ සුත්රියෙන් බණ වදාළ සේක. ඒ බණ අසා සූවාසු දහසක් දෙන නිවන් දුටහ.

මෙ සේ තුන් බෑ දුළුල්ලන්ගේ කථා වැදෑරීමෙන් ම ප්රසස්තුත වූ ප්රෙනතයන් ගේ කථාව ත් වදාරා ‘තුන් බෑ දුළුල්ලෝ ත්



                                 	 12. අගසවු වත                                               151

තමන් කළ ප්රා ර්ත්ථ නා ලෙසින් ම ලැබ්බ යුත්ත ලදහ. මා ගේ මූණ බැලීම නම් කුමක් දැ’යි වදාළ සේක. “ ඒ ‍එසේ ය. අග සව් දෙ නම කළ පින් කවරේ ද? ආවෙණික ව අග සවු තනතුරු ලබන්ටය’යි විචාළ සේක. උන් කළ පින් අසනු කැමැත්තවු නම් මෙ තනට එකාසඩ්ඛ්ය කප්ලක්ෂයකින් යට සැරියුත් මහ තෙරහු මද්ධ්යුයේ කෙසේ වුව ත් ආද්යයවසාන දෙක ම එක තරම් කරන්නා සේ බමුණු මහසල් කුලයෙහි උපන්හ. නමින් සරද නම්හු ය. මුගලන් මහ තෙරහු ගොවි මහසල් කුලෙහි උපන් හ. ඌ තුමු සිරිවඩු නම්හ.

සිරිවඩු නම් ලෙසට මිත්ර කම ත් වඩා දෙ පක්ෂවය ම වෙසෙති. සරද නම් බමුණු කුමර දෙ මවු පියන් ගේ අයාමෙහි මහ සම්පත් හිමි ව එක් දවසක් සිතන්නෝ ‘මා දන්නේ මෙලොව පමණක. පර ලොව කුමක් බව ත් නො දනිමි. උපන්නේ නියම වී නම් ජාති ය මුල් ව වන දෙයක් හෙයින් මිය යාම ත් උපන්නවුන්ට නියම ය. එ සේ හෙයින් මහණ ව ගෙන ජාති - ජරා - මරණ නැති නිවනක් සෙවුමෝ නම් යහපතැ’ යි තමන් අතුරෙහි සිතා ලා සිරිවඩු කෙළෙඹියන් කරා ගොසින් ‘සබඳ, සිරිවැඩිය, මම මහණ ව ගෙන නිවන් සාධනු කැමැත්තෙමි. තෙපි ත් මා හා කැටි ව මහණ විය හෙවු දැ’ යි විචාරා ‘මට ඒ බැරි ය. මුඹ මහණ වනැ’ යි කී කල්හි පරලොවට යනකල නෑයන් මිත්රටයන් හැර ගෙන යන කෙණෙක් නැත. කැටි ව යේ නම් කොට ගත්තා වූ පවක් හා ‍පිනෙක. එසේ හෙයින් එ දා ත් නොයන මුන් හැයි දැ’ යි සිතා රුවන් පත්තායම් දොරවල් ‍හරවා පියා වස්තු නොලබන්නා වූ දුගී ආදින් ට මහ දන් දී හිම වූ පියසට ගොසින් මහණ වුහ. උන් මහණ වූ නියා ව අසා මේ සා මහ ත් සැපතක් හැර මහණ වන්නේ නම් කළ මනා දෙයක් ම නිසා වේවා දැ’ යි කියා එක් කෙණෙක් මහණ වූ හ. දෙන්නෙක් මහණ වූ හ. තුන් දෙනෙක් මහණ වූහ. යනාදීන් වඩා ගෙන ගොස් සූ සැත්තෑ දහසක් පමණ දුළුල්ලෝ වූ හ.

සරද තාපසයෝ පඤ්චාහිඥා අෂ්ට සමාපත්ති ලදින් සූ සැත්තෑ දහසක් පමණ දුළුල්ලන්ට ත් කිසුණු පිරියම් කියාලු හා එහු හැම දෙන ත් උන් ගෙන් ලත් උපදෙසින් අභිඥා හා සමාපත්ති උපදවා ගත් හ. එ සමයෙහි වැළි ත් අනොමදස්සී නම් බුදුහු ලොව උපන් සේක. ඒ බුදුන් උපන් නුවර චන්ද්ර වතී නම. පිය රජ්ජුරුවෝ යසවත් නම් හ. මවු බිසවු යසෝදරා නම් හ. පිට දුන් බෝධි ය කුඹුක්ගස ය. නිසභ ය - අනෝම ය



152 සඬර්මමරත්නාවලි ය

යන තෙර සඟල අග සව්වෝ ය. උවටා තෙරහු වරුණ නම් හ. සුන්දරා ය - සුමණා ය යන මෙහෙණින්නෝ දෙ දෙණෙක් අග්ර ශ්රාබවිකාවෝ ය. හවුරුදු ලක්ෂයක් ඒ බුදුන්ගේ ආයුෂ ය. උස වූ කලී වඩු රියනින් අට පණස් රියන. ශරීරාලෝක ය නිරන්තරයෙන් අට සාළිස් ගවුවෙක පැතිර සිටී. නිත්යර පරිවාර භික්ෂූහු ලක්ෂයක් දෙන ය.


ඒ බුදුහු එක් දවසක් අළුයම් වේලෙහි දවස් පතා දොළොස් කෙළ ලක්ෂදයක් ඵල සමවතට හා දොළොස් කෙළ ලක්ෂළයක් මහ කුළුණු සමවතට හා එක් කොට සූ විසි කෙළ ලක්ෂයක් සම වතට සම වදනා හෙයින් සමවන් සමවන් සමවතින් නැගී ලොව බලන සේක් සරද තවුසාණන් දැක ‘අද මම සරද තාපසයන් ළඟට ගියෙම් නම් මහත් වූ දහම් වැස්සෙක් මා හිමාල වනයෙහි1 ලා ලා වස්සී. සරද තාප‍සායෝ අගසව් තනතුරු පතති. පසු ව උන් ගේ යාළු වූ සිරිවඩු කෙළෙඹියෝ වෙළෙවිනෝ ව දෙවෙනි අගසවු තනතුර පතති. දහම් වැස්ස වැස නිමි කල්හි සරද තාපසයන් ගේ පිරිවර සූ සැත්තෑ දහසක් පමණ දුළුල්ලෝ කෙළෙස් මහ ගිම් නිවා රහත් ව ෂඩහිඥාදී වූ ඒ ඒ ගුණෙන් මාගේ බුදුසස්න හොබවති. මා එතනට යෑම යහපතැ’ යි තමන් වහන්සේ ම පා සිවුරු හැර ගෙන යට ත් පිරිසෙයින් අග්රොෑපස්ථානයක තෙරුන් වහන්සේ ත් නොකැඳවා එකවර සිංහ රාජයක් හු මෙන් සරද තවුසන් ගේ අතවැස්සන් මග වල් ඵලා ඵල සොයා ගිය කල්හි බුදුන් උපදනා වක මහ බඹුන් දෙ තිස් මහා පුරුෂ ලක්ෂණ වෙද මන්ත්රලයෙහි බහා ලන හෙයින් වෙද මන්ත්රු බලා වුව ත් මා බුදු නියා ව දනිත්ව යි සිතා වදාරා සරද තවුසන් බල බලා සිටිය දී ම අහසින් බිමට බැස මේ ලෙව් හි සියලු ශොභාවෙක් ඇත් නම් එක් කොට හඹා පුවාක් මෙන් ශොභාමත් ව වැඩ සිටි සේක.

තවුසාණෝ බුද්ධානුභාවය ද නැවත ප්රිණිධි නමැති විසිතුරු කර්මා්න්ත දන්නා සිත්තරාණන් විසින් තුන් සුසිරි නමැති වයිති හැර ගෙන සිත් නමැති තෙල්ලෙන් දෙ තිස් මහා පුරුෂ ලක්ෂනණ හා අශීත්යාිනුව්යලඤ්ජන හා බ්යාකම ප්රේභා කෙතුමාලා ඇති කොට සාරා සැකි කප් සුවහස් මුළුල්ලෙහි අනිකක් නැති ව මෙ ම කළාක් වැනි වූ මාහැ ඟි වු බුදු රුව ද දැක තමන් ගේ ලක්ෂැණ මන්ත්රා ද සලකා එයි ත් මෙයිත් දර්පණ තලයෙක පෙණෙ මුඛ බිම්බයක් සේ සම නියාව දැන මේ බඳු ලකුණෙන් යුත් කෙණෙක් ඉදින් ගිහි ගෙයි


                                     1 හිමාල වනයෙහි 


                             	 12. අගසවු වත                                               153

වූ නම් තරමින් සරි නොවත ත් ගණනින් ආය්ය්ින ධන හා සරි ගණන් වූ රුවන් ඇති ව මුළු සක් වළ ඉසුරු ‍ඇති සක් විති රජ වෙති. මහණ වූ නම් එ වක අනික් බුදු කෙණෙක් නැත් නම් සියල්ල දන්නා බුදු වෙති. මේ මහා පුරුෂ තෙම සැකයක් නැතිව බුදු වී ය යි දැන දැක සිට පී ම ආදර නොවන්නේ වේ දැ යි පෙර ගමන් කොට ගොසින් පන් සිල් පිහිටි පමණින් අභිඥා දී ගුණ විශෙෂ ය ලද්දා සේ ම උතුම් තනතුරු ලබනු නිසා පසඟ පිහිටුවා වැඳ වැඩ හිඳිනා පරිද්දෙන් හස්නක් පනවා දුන්හ. බුදුහු ත් යුගඳුරු මුඳුනට පැමිණි දහසක් රසින් බබළන ළහිරු මඬලක් මෙන් සවණක් රසින් බබළ බබළා වැඩ හුන් සේක.

සරද තවුසෝ ද තමන් බුදුන් ළඟ හිඳිනට නිසි හස්නක් පනවා ගෙන හුන්හ. ඒ වේලාවට සූ සැත්තැ දහසක් පමණ දුළුල්ලෝ ද අති මධුර වූ ඵල හැර ගෙන ඇදුරු තවුසන් කරා අවුත් බුදුන් වැඩ හුන් හස්න ත් තමන් ගේ ආචාරින් හුන් හස්න ත් බලා ආචාරීන්ට ‘අපි මුඹ වහන්සේට වැඩි තරම් කෙණකුන් තබා සරි කෙණකුන් ත් මේ ලෙව්හි නැතැ ‘යි සිතා හුණුම්හ. හුන් හසුන්වල සැටියෙන් සැක විය. මුඹ වහන්ස්ට වැඩියුරු ව සිටි තවුසනු ත් ඇති නියාදැ’ යි කිවු ය. ඒ අසා සරද තවුසෝ ‘දරු වෙනි, කුමක් කියවු ද? හබ ඇටක් පාලා මහ මෙරක් එයින් සරි කරන්නා සේ ගුණෙන් බලා ලූ කලට අනන්තාපරිමාණ සක්වළවල මෙරවල් ඊ ඊ පිට සිටුවා ලුව ත් උස් ව තිබෙන ගුණ ඇති බුදු ගුණෙන් හබයක් විතර ත් නැති ව අප බුදුන් හා සරි නො කරව’යි කිවු ය. තවුසෝ ඒ අසා ‘ඉදින් මු අඩු කෙණෙක් වූ නම් අප‍ගේ ආචාරීහු මෙ තරම් උපමා නො කියති. හුන් හස්න උස සේ ම උසස් ගුණ ඇති නියා ය’යි හැම දෙන ම බුදුන් වැන්දා හ. වැඳලා සිටි තාපස වරුන්ට සරද තවුසෝ, පෙර වරු වේලේ වැඩි බුදුන්ට බල පමණින් උපස්ථානයක් කරම්හ. ගෙනා දෙය නම් තකා පතකා ගෙනා දෙයක් නොවන බැවින් ඔබට පිළිගන්වන්ට තරම් නොව ත් ඔබගේ දහම් සේ ම මිහිරි වු ඵලා ඵල ගෙනෙව’යි කියා ගෙන්වා ගෙන අදහස් පවිත්රහ සේ ම අත ත් පවිත්ර කොට සෝදා බුදුන්ගේ පාත්රහයට ඵලා ඵල පිළිගැන් වූහ.

බුදුන් ඒ ඵලා ඵල පිළිගන්නා ම යොදා මිහිරි කරන්නා සේ දෙවියෝ දිව ඕජා බහා ඔබ ගේ අනුභවයට මුත් අනික් කෙණ කුන්ගේ අනුභවයට නො නිසි කළහ. සරද තවුසෝ තුමු ම පැනුත් පරහා ගෙනවුත් දුන්හ. වළඳා නිමි පසු තමන්ගේ සියලු අත


154 සඬර්මදරත්නාවලි ය

වැස්සනු ත් හැර ගෙන බුදුන් ළඟ කථා කොට කොට හුන්හ. බුදුහු එ වෙලෙහි මාගේ දෙ අගසවු‍වෝ අප ගේ නිත්යො පරිවාර ලක්ෂ යක් පමණ සඟුන් පිරිවරා එත්ව’යි සිතා වදාළ සේක. බුදුන් ගෙන් කන්සන් නැති ව යන්නේ කෙසේ දැ’යි, පෙර මං බලා සිටි ලෙසින් බුදුන්ගේ අදහස් දැන ලා අහස ගමන් ගත් ධ්රවතරාෂ්ට්ර නම් හංස රජ්ජුරුවන්ගේ හංසයන්ට අපහාස්ය කරන්නාක් මෙන් අහසින් අවුත් බුදුන් වැඳලා එකත් පස් ව සිටි සේක.

ඉක් බිත්තෙන් සරද තවුසෝ අත වැස්සන් බණවා ලා ‘දරු වෙනි, ගුණෙන් උසස් පමණක් මුත් බුදුන්වැඩවුන් හස්න ඉතා මිටි ය. ලක්ෂායක් දෙනා වහන්සේට ත් අසුන් නැත. මෙ තැනට පැමිණි බුදුන්ට ත් බුදු පිරිසට ත් තොප හැම දෙනා ත් සත්කාර යක් කළ මනා වේ ද? හිමාල වනයෙන් නො එක් පැහැ ඇති නො එක් සුවඳ ඇති මල් ගෙනෙ‍ව’ යි විධාන කොළෝ ය. සෘද්ධි මතුන් ගේ සෘද්ධ්යාසනුභාව ය සිතිය නොහැකි හෙයින් බස කියන වේලාව ට ත් මඳ වේලාවකින් මල් ගෙන වුත් බුදුන් වැඩ හිඳිනට සතර ගවුවක් විතර උස ඇති මල් හස්නක් පනවා ලූ ය. අගසවු දෙනමට බුදු පැරුමට සවු පැරුම් කුඩා හෙයින් තුන් ගවු විතර හසුන් පැන වූ ය. ‍ෙසසු වහන්දෑට දෙ ගවු ගවු ඉසුබ් ආදී වූ පමණින් හසුන් පැනවූ ය. හැමට බාල නමට පැන වූ හස්න සම රියනින් එක් සිය සතළිස් රියනක් උස ය. ඊට මිටි හසුන් නැත. සූ සැත්තැ දහසක් දෙනා වසන පමණ වූ පන්සල මෙ තෙක් ආසන පැන වූයේ කෙසේ ද? ආසන ත් කුඩා නො වන්නේ ය යි සිතතො ත් සෘද්ධි විෂයක් හෙයින් එ සේ නො සිතිය හැක්ක. මෙ සේ හසුන් පනවා නිමි කල්හි සරද තවුසෝ බුදුන් වැඳ ලා :-

නානාපුපුඑඤ්ච ගන්ධඤ්ච - සන්නිපාතෙත්වස එකතෝ. පුප්ඵාසනං පඤ්ඤපෙත්වා - ඉදං වචනමබ්රෑසවී.

ඉදන්තෙ ආසනං වීර - පඤ්ඤත්තං තවනුච්ඡචිං මම චිත්තං පසාදෙන්තො - නිසීද පුප්ඵමා‍සනේ.

සත්තරත්තිං දිවං බුද්-ධො - නිසිදි පුප්ඵමාසනෙ, මම චිත්තං පසාදෙත්වා් - හාසය්ත්වාි සදෙවකෙ’

යනු හෙයින් සසර බො‍හෝ දවසක් මට හිත සුව පිණිස මේ මල් හසුන් වල සහපිරිවරින් වැඩ හුන මැනව’යි කිවු ය. මෙ සේ කළ ආරාධනාවෙන් බුදුන් ත් අගසවු දෙනම ත් සෙසු වහන්දෑ ත් තමන් වහන්සේට පත් හසුන් වල වැඩ හුන් කල්හි සරද තවුසෝ

                                  	12. අගසවු වත                                                155

මහ මල් සතක්1 බුදුන් හිසට කොට ගෙන සිටියහ. බුදුහු ත් තවසුන්ගේ මෙම මල් පුජාවෙහි අනුසස් මහත් වුව මැනැවැ යි නිරොධ සමවතට සම වන් සේක. බුදුන් නිරොධයට සම වන් නියාව දැන දෙ අගසවුවන් වහන්සේ ද සෙසු වහන් දෑ ද නි‍රොධයට සම වන් සේක. මෙ‍ සේ නිරොධයට සම වැද සතියක් වැඩ හුන් කල්හි සරද තවුසාණනන්ගේ අත වැස්සෝ සු සැත්තෑ දහස ඵලා ඵලා අනුභව කළ මනා වේලෙහි ඒ අනුභව කොට ඉන් ම යපී ගත නොහී සෙසු වේලෙහි බුද්ධාලම්බන ප්රීනති අනුභව කෙරෙති.

සරද තවුසෝ වැළි ත් ඒ සතියෙහි අනුභවයෙහි ආල ය හැර මල් සත බුදුන් හිසට කොට ගෙන සතිය මුළුල්ලෙහි ප්රී ති නමැති මධුර ඵලාඵල අනුභව කළහ. සති ය ඉකුත් කල්හි බුදුහු නිරෝධයෙන් නැඟී අගසවු තනතුරට සරද තවුසන් ගේ රුචි උපදවන පිණිස දකුණත් පස වැඩ හුන් නුවණැති තෙනට අග තැන්පත් නිසඟ මහ තෙරුන් වහන්සේ ‍බණවා ලා ‘මලු පුද කළ මේ තවුසන්ට මල් පිදීමෙහි අනුසස් කියව’යි වදාළ සේක. තෙරුන් වහන් සේ ද සක්විති රජක්හු ගෙන් ආවෙණික ව සංග්රවහයක් ලත් මහා යොධයකු සෙස්සවුන් සිටිය දී තමාට ම තෝරා ලා කළ සංග්රගහයට සතුටු වන්නාක් මෙන් සතුටු ව සවුපැරුම් නුවණ පමණෙකින් මලු පූජාවෙහි අනුසස් ප්රසකාශ කිරීම් වශයෙන් බණ වදාළ සේක. ඔබ බණ කියා නිම වූ කල්හි බුදුහු දෙවන අගසවු නම බණවා ලා තෙපි ත් බණ කියව’ යි වදාළ සේක. දෙ වන අගසවු ‍අනොම තෙරුන් වහන්සේ ද තෙවළා මහ මුහුද නුවණ මතින් අළලා සදහම් වෙඩරු කෙලෙස් කන් ලෙඩට දෙවු සේක.

අගස වු දෙ නමගේ බණින් ම කන් ලෙඩ හැරී ත් කෙලෙස් ලෙඩ ගෙවන්නට නුවු හෙයින් නිවන් ගොඩ නැගීම නො වි ය. ඉක් බිත්තෙන් බුදුහු නො එක් දෙනාට බැරි බර තනි ව ඔසවන කලක් මෙන් බණ දෙසන්ට පටන් ගත් සේක. අදහස් පමණ දැන අදහස් ලෙසින් බණ වැදැරීම බුදුන්ට මුත් ඔබට අවිෂ ය හෙයින් බුදුන්ගේ බණ අසා සරද තාපසයන් හැර ජටාධර වූ සූ සැත්තෑ දහස කෙලෙස් ජටා බිඳ දමා රහත් වොටුන්න ලදින් ‘මහණෙනි, මෙ සේ එව’ යි වදාළ බස් පමණෙකින් තුන් සිවුරු පාත්රන ලදින් නිකම් ජටා අවුල් හැර මහණ මාලු පැවිදි වූහ. සරද තාපසයන්ගේ උපදෙසින් අභිඥා සමාපත්ති උපදවා ගත් තාපස වරුන් රහත් වන්ට නුවණ ඇති කල සරද තාපසයන් රහත් නුවුයේ උන්ට ම නුවණ


1. සේසතක්

156                                     සඬර්ම රත්නාවලි ය  

නැති නිසා ද යත්: නුවණ නැති හෙයින් නො වෙයි. සිත එකඟ නො වන හෙයින. සිත එකඟ නො වනුයේ සතියෙහි නිරාහාර හෙයින් ද? යත් ඉන් නො වෙයි. බුදුන්ට දෙවන අස්නෙහි හිඳ දකු‍ණත්සවු මහ තෙරුන් වහන්සේ බණ වදාරන්ට පටන් ගත් වේලෙහි පටන් ‘මම ත් එන දවස් බුදු වන කෙණෙකුන් වහන්සේට දකුණත් සවු වීම් නම් යහපතැ’යි යන සිතිවිල්ලක් ඇති ව වදාරන ධර්මසය ඔස්සේ නුවණ මෙහෙයා ගත නොහී රහත් විය නුහුණ වු ය.

රහත් ව ගත නුහුණ ත් උපෙක්ෂාම නො ව බුදුන් වැඳල ‘ස්වාමීනි, නුඹ වහන්සේට ඉක්බිති ව හිඳ බණ කියන්ට කියන්නා ම මඳ ද මැළි කමක් නැති ව බණ වදාළ තෙරුන් වහන්සේ මුඹ වහන්සේගේ ශාසනයෙහි කවර තනතුරකට පැමිණි නමෙක් දැ’ යි විචාරා ‘ඌ තුමු ලඝු කෙණෙක් නො වෙති. මා පැවැත් වූ දහම් සක තුමු ත් පවත්වා අගසවු පැරුම් කුළු ගෙන සිටි දකුණත් සවු තෙනැත්තෝ ය’ යි වදාළ කල්හි ඒ අසා සරද තවුසෝ ‘එ සේ වී නම් ස්වාමීනි, සෙසු බලවත් පින් කමක් නැත ත් ස්විමින් හිසට මල් කුඩයක් ධරා සතියක් මුළුල්ලෙහි ඵලාඵල සොයා ත් නො ගොසින් ආයාස ගෙන කළ සත්කාර යෙහි මහිමයෙන් ශක්රා සම්පත් බ්රනහ්ම සම්පත් ආදි වු සම්පත් නො පතමි. ඵලාඵල සොයා ගමන නුවුවා සේ ම ඒකාඩ්ඛ්යබ කප් ලක්ෂමයෙන් මුබ්බෙහි ත් ඔබ්බෙහි සසර ගමන් නැති ව මුඹ වහන්සේට මේ නිසහ මහ තෙරුන් වහන්සේ දකුණත් සවු වූවා මෙන් මම ත් එක් තරා බුදු කෙණකුන් වහන්සේට දකුණත් සවු වෙම්ව’ යි පැතූහ.

බුදුහු ද ‘මූ ගේ ප්රාාර්ත්ථ්නාව මහත. සමෘඩ වේ දෝ නො වේ දෝ හෝ යි දිව නුවණින් ම එක් භාගයක් අනාගත ය විෂය කරණ හෙයින් ඒ අනාගතාංශ ඥානයෙන් එන දවස බලා වදාරා එකාසංඛ්යව කප් ලක්ෂණයක් ගිය කල සමෘද්ධ වන නියාව දැන සරද තවුසන්ට ‘තවුසාණෙනි, තොප පතා ලු පැතිම අහසට දමා ලූ කැට බිම හෙන්නා සේ නියමයෙන් ම වෙයි. මතු එන දවස එකා සැකි කප් සුවහසක් ගිය කල ලෙව්හි ගිහි අවස්ථාවෙහි සිදුහත් නම්, බුදු වු කල් ගොත්රු ගත නාම වශයෙන් ගොතම නම් බුදු කෙණෙක් ලොව පහළ වෙති. මහාමහා නම් බිසෝ කෙණෙක් මවු වෙති. පිය රජ්ජුරුවෝ සුදොවුන් නම්හ. රාහුල නම් පුතණු කෙණෙක් වෙති. උවටා තෙරහු අනඳ නම්හ. දෙවන අගසවුවාණෝ මුගලන් ‍නම්හ. තෙපි ඒ බුදුන්ට



                                 	12.     අගසවු වත                                           157

දකුණත් සවු වූ ධර්ම සෙනෙවි සැරියුත් නමුව’යි වදාරා ලා මහණ ගණ පිරිවරා රන්වන් බුදුහු නිල් බිමෙක රන් වන් හිරි අඳින්නා සේ අහසට නැඟි සේක.

සරද තවුසෝ ද අත වැසි තෙරුන් වහන්සේ ළඟට ගොසින් ‘ස්වාමිනී ඔබ වැඩි කල අපගේ යාළු වූ සිරිවඩු කෙළෙඹියාණන්ට මේ බුදුන් ළඟ දි මා මතු බුදු වන තෙනකට දකුණත් සවුවන්ට පැතු නියාව ත් ඌ ත් තමන් වමත් සවුවන්ට පතන නියායෙන් ම වදාළ යහපතැ’යි කියා ලා තමනු ත් ආනුභාව සම්පන්න හෙයින් තෙරුන් වහන්සේට පෙරාතු ව සිරිවඩු කෙළෙඹියන්ගේ මාළිගාවට ගියහ. ඔහු ද නැතක් දවසකින් වැඩි ගමණෙකැ’යි සතුටු ව හසුන් පනවා ලා හිඳුවා ලා තුමු මිටි තෙනක හිඳ ‘ස්වාමීනි, අත වැසි තවුසන් වහන්සේ කොයිදැ’යි විචාරා ‘සබඳ අප වසන තැනට අනොමදස්සී බුදුහු වැඩි සේක. අපි අපට පිළිවන් සත්කාරයක් කළම්හ. බුදුහු ඵලාඵල දුන්නවුන්ට බණ වදාරා සූ සැත්තෑ දහසට ම රහත් ඵල දෙවූ සේක.

මම ඔබ ගේ දකුණ ත් සවු නිසඟ මහ තෙරුන් වහන්සේගේ ආනුභාව දැක ඒ තනතුරු පැතීමි. තෙපි ද දෙ වන අගසවු තනතුර පතව’යි කීහ. ඒ අසා සිරිවඩු කෙළෙඹියෝ ‘බුදුන් මා හා පුරුදු කමෙක් නැත. කෙ සේ දැ’යි විචාළෝ ය. බුදුන් හා පුරුදු කම් එවා ලන්ට අප ආදි ම පුරුදු ව සිටි හෙයින් අපට පිළිවන. තෙපි දන් සරහව යි. කිවු ය. කෙළෙඹි පුත්ර්යාණෝ ද උන්ගේ බසින් තමන්ගේ මාළිගාව ළඟ එක් යාළ දෙළ සා මුණක් වප්සන බිම සම තල කරවා සුදු වැලි ලවා ලද පස් මල් විසුරුවා සුධම් දෙව් සබය සේ මණ්ඩපයක් කරවා කෙළවර ජාතියෙහි රුව නිල් වන හෙයින් නිල් මහනෙල් පෙත්තෙන් ම සොයවා බුද්ධාසනය ත් පනවා සෙසු වහන්දෑට ත් හසුන් පනවා සෙසු ත් කළ මනා සත්කාර කරවා බුදුන්ට ආරාධනා කරන්ට සරද තවුසන්ට කිවු ය.

තවුසාණෝ ද බුදු පාමොක් සඟ රැස හැර ගෙන උන් ගේ මාළිගාවට ගියහ. කෙළෙඹියාණෝ ද පෙර ගමන් ‍කොට ගොසින් ආරාධනා කොට බුදුන්ගේ පාත්ර ධාතුන් වහන්සේ හැර ගෙන මණ්ඩපයට වඩා ගෙන ගොසින් බුදු පාමොක් සඩ්ඝයා වඩා හිඳුවා සිය අතින් සකස් කොට වළඳවා වළඳා අන්තයෙහි සිවුරු පිළි ත් පිළිගන්වා ‘මා මේ ලඝුවක් පතා කරණ දෙයක් නොවන බැවින්



158 සඬර්‍මරත්නාවලි ය

අනුග්ර හ කොට සතියක් ම ඉවසා වදාළ මැනැවැ ‘යි ආරාධනා කොට එ ම ලෙසින් බුදු පාමොක් මඟ සඟ නමැති කෙත කුසල් නමැති බිජුවට සතියක් විතරින් වපුට නිමවා එකාසැකි කප් සුවහසකින් ඊ ශස්යබ ඵල ය ලබනුව බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, මා ගේ යාළු වූ සරද තවුසන් වහන්සේ යම් බුදු කෙණෙකුන් වහන්සේට දකුණත් සවු වන්ට පැතූ සේක් නම් මම ද ඒ බුදුන්ට වම’ත් සවු වෙම්ව’ යි පැතූහ. බුදුහු ද බලා වදාරා ප්රා්ර්ත්ථවනාව සමෘද්ධ වන නියාව දැන ‘තෙපි මෙ තනට එකාසැකි කප් සුවහසක් ගිය කලට ගොයුම් බුදුන්ට දෙ වන අගසවු වෙව’ යි වදාරා අගසවු කමට තකා ලී මෙන් සතුටු කරවා වදාරා සහපිරිවරින් ‍බුදුහු වෙහෙරට වැඩි සේක.

අප බුදුහු මෙ හැම වදාරා ලා ‘හෙම්බා මහණෙනි. මේ මුන් දෙන්නා එ කල පැතු ලෙස ම ය. උන් දෙන්නා මුහුණ බලා දුන් තනතුරෙක් නොවේ’යි වදාළ සේක. එ විට අහසවු දෙනම බුදුන් වැඳලා ‘අපි ස්වාමීනි, ගිහි කල ත් එක් දවසක් කෙළි නළු බලන්ට ගියම්හ’ යනාදීන් අස්සජි මහ තෙරුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වූ තැන් දක්වා වදාරා, ‘ස්වාමීනි, අපි සඤ්ජය පරිබ්රා ජකයන් ළඟට ගොසින් මුඹ වහන්සේ ළඟට ගෙනෙනු කැමැති ව උන්ගේ ලබධි නිස්සාර නිසා කියා පියා මීට ඊමේ බොහෝ අනුසස් කීම්හ. එ තකුදු වුව ත් සඤ්ජය පරිබ්රාකජකයෝ මෙම ලෙස කිවු ය’ යි පරිබ්රා්ජකයන් කී කථාව කී සේක.

බුදුහු ඒ අසා ‘හෙම්බා, එ සේ වී නම් සුනක්ඛත්තයන් මා හා කැටි ව‍ යෙමින් බලු තපස් කරණ කොරක්ඛත්තයන්ගේ බලු තපස දැක ඒ සාර කොට සිතා උන් කරා ගියාසේ යම් කෙණෙක් සිවුරු පිඩු පා ආදි වු සිව් පස ය හා දෙ සැටක් පමණ මිසදිටු හා ලාභ සත්කාර නිතර ව කියන බණ සාර කෙරෙද් ද, එ ම සුනක්ඛත්තයන් බුදුන්ගේ ශීල සමාද්ධ්යා දී ගුණසාර ය අසාර කළා සේ සම්යනක් දෘෂ්ටි ය හා තදුපනිශ්රනය වු ධර්මර දෙශනාව අසාර කෙරෙද් ද ලඝු කොට සිතද් ද, ඔහු දන් පින් නො කිරීමෙන් සම්පත් සාරය ද, තුනුරුවන් වැඳීම හා සිල් රක්ෂාත කිරිම් නැති හෙයින් ආත්ම සාරය ද නො ලැබෙති. යම් කෙණෙක් උමංදායෙහි එක් වියත් සතරඟුලක් විතර ලියා සම් කළ කිහිරි දඩු කඩ උපදෙසින් අගමුල දත්තාසේ ම මේ ලෙව්හි කෙලෙස් බෝල හර නැති වීමෙන් සාර ද, එ සේ වූ ශීල සමාද්ධ්යාලදී ගුණ සාර ය සාර හෙයින් දැන මිථ්යාකදෘෂ්ටි ආදි වූ නිස්සාර ය එ ම උමංදායෙහි රත්රන් සතර වියටක් පමණින් කෙළ ගණන් සැපත්


                         13. නන්ද් මහ තෙරුන් වහන්සේගේ වස්තුව              159

ඇති වෙදෙහ රජ්ජුරුවන් තමා හා සරි කළ කටුස්සාගේ නිස්සාර අදහස මහෞෂධ පණ්ඩිතයන් දත්තා සේ ම නිස්සාර නියාව දනිද්ද, ඌ තුමු දානාදියෙහි හැසිරෙන හෙයින් ධන ධාන්ය සාරා දියට ද කෙළවර නිවන් හරට ද පැමිණෙති ‘ යි වදාළ සේක.

මේ දෙශනාවෙන් ද බොහෝ දෙන නිවන් අත් පත් කළහ. සත් පුරුෂයන් විසන් බොරු හර සේ වු නිෂ්ප්ර්යෝජන වූ අකුසල් හැර ප්රසයෝජනවත් වී මෙන් හර වැනි වූ කුසල්හි පිහිටා සිත් සතන් පිරිසුදු කොට ලොවී ලොවුතුරා සැපත් සෑදිය යුතු.

                                        ______________


13. නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුව

edit

තව ද අනුශාසනා නැති විමෙන් ශාසනාහි රති නැති ව පිළිවෙත පමා වීමෙන් නිවන් සාධා ගත නො හෙන්නවුන්ට ශාසනාභිරතියට උපදෙස් නිසා නන්ද මහ තෙරුන් වහන්සේගේ වස්තුව කියමු.

හේ කෙ‍ සේ ද? යත්:-

බුදුහු බුදු ව ලා බිම්සර මහ රජුගේ අයදමෙන් රජගහා නුවර වැඩ වෙළුවන වෙහෙර වසන සේක් පිය රජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් කිඹුල්වත් නුවරට වැඩ නිග්රො ධ නම් අරම සැතපී ලා දෙ වන දවස් සිඟා ඇතුළු කිඹුල්වත් නුවරට වැඩි සේක් නැතක් දවසින් දුටු පිය රජ්ජුරුවන්ට උපන්නක් දෙන්නාක් මෙන් ගාථා පමණෙකින් සෝවන් කරවා මිනිස් ලොව උපදිතො ත් සත් වරෙකින් වඩාත් නො හොත් දෙ තුන් වරෙකින් වඩා ත් නැත. එක වරෙකින් වඩා ත් නූපදනා ලෙස කොට ලා අනිත් ගාථාවෙකින් මහා ප්රවජාපති ගොතමී නම් කුඩා ‍මැණියන්දෑගෙන් පූතන කිරෙහි කිරි මලි ගෙවා ලන්නාක් මෙන් උන්දැ සෝවාන් කරවා, පිය රජ්ජුරුවන් තනතුරෙන් වඩා ලන්නා සේ සෙදගැමි කරවා, එ ම දවස් වළඳා අන්තයෙහි බිම්බා බිසොවුන්ගේ ගුණයෙහි තරම මහෞෂධ පණ්ඩිත අවස්ථාවෙහි ත් විමසා තුබූ හෙයින් වදාරන නිසා චන්දකිරණ්ණර ජාතකය වදාරා, ඊට දෙ වන දවස් නන්ද කුමරුන්ට වොටුනු මඟුල ත් ගෙවදනා මඟුල ත් විවාහ මඟුල ත් තුන ම එක අවධියට පැමිණි කල්හි, මේ මඟුල් තුනට වඩා නිවන් මඟුල උතුම් බැවින් ඒ උන්ට පමුණුවා ල මී නුවරට සිඟා වැඩ සිඟා අන්තයෙහි නිවන් අත් පත් වන ලෙසින් පාත්රන ධාතූන් වහන්සේ අතට දී ලා ආදියෙන් යන ගමනට ඉෂ්ට සූචක කොට දුන් පාතු ය හෙයින් පාත්රී ය අතට හැර නො ගත් සේක 160 සඬර්ම රත්නාවලි ය

නන්ද කුමරු ද බුදුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ‘පාත්ර ය හැර ගත මැනැවැ’ යි නො කියා රජ ගෙන් වඩනා ගමන හෙයින් හිණි හිස කෙරෙහි දී හැරගන්නා සේකැයි සිතූහ. බුදුහු එ තන දී ත් පාත්ර ය හැර නො ගත් සේක. ‘හිණි පා මුල දි හැර ගන්නා සේක් වනැ’යි සිතා යන කලට එ තන දී ත් හැර නො ගන්නා රඳනු කැමැති වත් අභිප්රා්යෙන් ම නො ව බුදුන් කෙරෙහි ගෞරවයෙන් ‘පාත්රව ය හැර ගත මැනව’ යි කියා ගත නොහී මෙ තන දී හැර ගන්නා සේක. මෙ තන දී හැර ගන්නා සේක් වනැ’ යි සිතා ම නො සිතින් ගිය ත් සිතින් ම සසර ගමනින් නවත්නා හෙයින් යෙත් ම ය.

ඒ වෙලෙහි නන්දස කුමරුන්ගේ දනවු කලණ නම් වූ කුමාර යන්ට සරණ නිල මුල් නෑ කම කවරේ වුව ත් රජ කම හෙයින් බැදෑණියන් ළඟට මිනිස්සු ගොසින් ‘බුදුහු පිය රජ්ජුරුවන්ගේ මාළිගාවට වැඩි ගමනේ මුඹදෑගෙන් වෙන් කොට නන්ද කුමරු‍න් වහන්සේ කැඳවා ගෙන වඩනා සේකැ ‘යි කිවු ය. එ බස් අසමින් ඕ ද හිස සෝධමින් සිටි තැනැත්තියෝ සෝධා නිමි හිස කේ නො බැඳ. වහා අවුත් ‘ගිය ත් සුළු ගෙයි, වහා එව’ යි කිවු ය. උන් කියා ලු බස නන්දස කුමරුන් සිත දිවුල් ලාටු මුසු වයිති තර ව වැද ගන්නා සේ තරයේ ම වැද ගත. බුදුනු ත් පාත්රු ය අතින් නො ගෙන වෙහෙරට ගෙන ගොසින් ‘නන්ද කුමරුනි, මහණ වවු දැ’යි වදාළ සේක.

බුදුන් වදාළ බස මඟුලෙන් හෙළා ලු කප උගුලවන්ට බැරියා සේ උගුළුවා ලන්ට බැරි හෙයින් ‘මහණ නො වෙමි’ නො කියා ‘යහපත, මහණ වෙමි’ කියා ගිවිස්සාහ. එබැවින් තුලුන් මහණ කරව’යි වහන්දෑට භාර කොට කිඹුල්වත් නුවරට වැඩි තුන් වැනි දවස් නන්ද.කුමරුන් මහණ කොට සත් වන දවස් බිම්බා බිසොවුන් විසි දහසක් රහතුන් පිරිවරා නුවරට සිඟා වැඩි තමන් වහන්සේ පෑ ලා ‘හෙම්බා පුත, තුලුන් දුටු ද? තුලුන් සිඟා ඇවිදිනා පමණක් මුත් ගවු දෙ ගවු තුන් ගවු සතර ගවු පමණ මුව විට පුළුල ඇති පොළොව ‍බොළ විතර උස ඇති නිධාන සැළ සතරෙක් ඇත. මුන් මහණ වන්ට ගිය තැන් පටන් නො දකුම්හ. තොප සක්විති වන නියාව දෙ තිස් මහ පිරිමිනි ලකුණු නැමැති නිමිත්ත දන්නා දෙ තිස් දෙනකු කියා සිටු ත් වස්තුව ත් වුවමනා වේ ද? තෙපි තුලුන් කරා ගොසින් නිධාන පාවා ගනුව’ යි රහල් කුමරුන් සරහා යවු කල්හි කුමාරයෝ ත් දායාද ඉල්වමින් පසු පස්සෙහි ගමන් ගත්හ. බුදුහු ත් නො නැවතූ සේක. කැටි ව යන්නෝ ත් බුදුන්



                  13. නන්දග මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව                  161

හා කැටි ව යන ගමන හෙයින් නවතන්ට යුක්ති නැති වන්නා නො නැවතුහ. රහල් කුමරුහු ද සඳහා කැටිව නික්මුණු තකත් තරුවක් මෙන් නික්ම වෙහෙරට ගියහ.

බුදුහු ‍’මේ තෙමේ මා සන්තක වස්තුවට තමා ආවෙණික ව හිමි හෙයින් ඉල්වයි. ඒ සම්පත් තරමට ත් ඒ මුල් වන ආදීනව මහත මා සර්වෙඥතා ඥාන නමැති එක ධනය දී ලා ලත් ධන සතෙක් ඇත. මූට ත් ඒ ධන සත ම දෙමි’ යි සිතා වදාරා සැරියුත් මහ තෙරුන් වහන්සේ කැඳවා ලා ‘හෙම්බා ශාරිපුත්ර යෙනි, තෙල රහල් කුමරු අප අතින් වස්තු ඉල්වති. මහණ වන්ට එන ගමනේ අප ලා ලා ආ රකවල් නැති හෙයින් මුන් ඉල්වන සම්පත් තුබුවා නැත. හැම ත් ධනයෙක් ම වේ ද? අපට ඒ ඇති ව තුබු ධන සත ම දෙන නියායෙන් තුලුන් මහණ කරව’ යි විධානකොට මහණ කැරවු සේක. මහණ විමෙන් සිවුරෙනු ත් එක් වැනි වූ සේක.

රහල් කුමරුන් මහණ ‍වන්නා ම සුදොවුන් මහ රජ්ජුරුවන්ට ශොක බලවත් විය. රජ්ජුරුවෝ ශොක ඉවසා ගත නො හී බුදුන්ට දන්වන්නෝ ‘මුඹ වහන්සේ මහණ වන්ට නික්මුණු දවස් ඇති ශොක ය නන්දද කුමර - රහල් කුමර දෙන්නා ගේ මුහුණ දක්නා හෙයින් නිවිණ. නන්ද‍ කුමරුන් මහණ වූ ශොක ය තනි රහල් කුමරුන් මුහුණ දක්නා හෙයින් සන්හුණ. උන් මහණ වූ ශොකය අනික් සන්හිඳුවන්නෝ කවුරුද? දරු පෙම් මුණු බුරු පෙම් ඇත්තේ මට මතු නො වන්නේ වේ ද? කාටත් සරි ය. මෙ කට යුත්ත මා පිළිබඳ හෙයින් කෙළේ ම ය. ඊට කිම් ද? මෙ වක් පටන් මහණ වන්ට දෙ මවු පියන් අනු‍ නොදත් දරුවන් මහණ ‍නො කරන්ට විධානයක් ඇත මැනැවැ ‘යි දැන්වූ ය. බුදුහු ත් යහපතැ යි ගිවිසි සේක.

එක් දවසක් ති ලෝ ගුරු බුදුන් සුදොවුන් රජ්ජුරුවන් ගේ රජ ගෙට වැඩ වළඳන්ට වැඩ හුන් වේලාවට සුදොවුන් රජ්ජුරුවෝ “ස්වාමීනි, මුඹ වහන්සේ බුදු බව සාධා ගන්ට දුක් ගන්නා සමයේ ගන්නා දුක් බලවත් හෙයින් එක් දෙවතාවෙක් මා ළඟට අවුත් මුඹ වහන්සේ මළැ යි යන්නක් කී ය. මම් ඒ අසා ‘ම පුතණුවෝ කලට පිපෙන මල් පිපී මුත් නොනවත්තා සේ බුදු ‍වුවො ත් මුත් නො මියෙති’යි කියා දෙවතාවාගේ බස් මා හදහා ගත්තේ නැතැ” යි කිවු ය.

මහ රජ දැන් තෙපි බුදු වන කෙණෙකුන්ට මුත් පහළ නොවන දෙ තිස් මහ පිරිම් නී ලකුණු දැක සිටි තැනැත්තෝ, නැවත උපන්

                                                                                                         6

162 සඬර්ම රත්නාවලි ය

දවස් පහළ වූ දෙ තිසක් විතර පෙළහර ත් දැක කෙ සේ හද හවු ද? යට ගිය දවස මහ දම්පල් කුමරු ව උපන් කල්හි මළ නියාව සාධන ට එළුවන්ගේ ඇට ගෙවවුත් පෑ ලා කීව ත් ‘අපගේ කුලයෙහි උපන්නවුන් ගෙන් පරමායු ගෙවා මියන්නවුන් මුත් අතුරෙක මියන කෙණෙක් නැතැ’යි නොගිවිස්සා මය ‘යි එතැන්හි මහ දම්පල් දා වදාරා රජ්ජුරුවන් අනැගැමි කරවා, රහත් වීම අතු රෙක නො ව මියන දවස් ශ්රීා යහනෙහි සැතපී හෙව රහත් වන ලෙස වූ කල්හි බුදුහු මහණ ගණා පිරිවරා නැවත කළ මනා බුද්ධ කෘත්යව ය නොනිමි හෙයින් අඩුව සපයනු නිසා, රජගහ නුවර වැඩ අනේ පිඩු මහ සිටුහු විසින් දෙව්රම් වෙහෙර කරවා නිමවා වඩනට ආරාධනා කොට යැවූ කල්හි සහපිරවරින් සැවැත් නුවරට වැඩ දෙව්රම වසන සේක.

මෙ සේ බුදුන් දෙව්රම්හි වසන කලට ආයුස්මත් වූ නන්දි තෙරුන් වහන්සේ බැදෑවන් බිසොවුන් කියා ලු බස් නැමති වයිති පෙම් නමැති දිවුළු ලාටු මුසු කොට, සිත් නමැති බිතන ඇඳ ලු හෙයින, ඒ බලා ශාසනයෙහි උකටලී ට, “මා ශාසනයෙහි ඇලුම් නැත. සිවුරු හරිමි” යි හිත මිත්රහ වහන්දෑට කී සේක. බුදුහු එ පවත් ‍අසා නන්ද. මහ තෙරුන් වහන්සේ කැඳවා ලා ‘සැබෑ ද නන්දීයෙනි, භික්ෂුන්ට මෙ බන්දක් කිවු දැ’ යි විචාර වදාරා සැබ ව ස්විමීනි’ යි උන් වහන්සේ කී කල්හි ‘නන්දෂයෙනි, සිවුරු හරණේ කුමක් නිසා දැ’යි විචාරා වදාළ සේක. එ සේ විචාරා වදාළ බුදුන්ට ‘ස්වාමීනි, මාමහණ වන්ට සිතින් නො සිතින් එන ගමනේ දනවු කලණ බිසවුසෝධාපූ හිසකේ හිණි නො ගන්නා තෙක් අවුත් ‘වහා අව මැනැවැ’ යි යන බසක් කිවු ය. මම එ බස එක් වන සඳහන් කරන්නෙමි මෙ බන්දක් සිතමි’යි කී සේක.

එ කල බුදුහු තිබී බලවත් වන ලෙඩක් බෙහෙදක් දී සන් හිඳුවන කලක් මෙන් ඔබගේ එ බඳු අනුභාවයක් නැත ‍ත් තමන් වහන්සේගේ අනුභාවයෙන් අත අල්වා ගෙන තව්තිසා දෙව් ලොවට වඩනා සේක් අතුරු මඟ නව දැළි සේනක් මවා ලා ඒ සේනේ දා ගිය කණුවෙක දා වක ගැසී ගිය වැඳිරි මෑල්ලක මවාලා තවුතිසා දෙව් ලොවට වැඩ සක් දෙවිඳුහුගේ පන් සියයක් පමණ දෙවඟනන් පෑ ලා “ කුමක් ද නන්දුයෙනි, රුවින් වූ කලි මේ දෙවඟනෝ යහපත්තු ද නොහොත් දනවු කලණ බිසවු යහපත්තු දැ’ යි විචාළ සේක.

‘ස්වාමිනි, කුමක් වදාරන සේක් ද? මේ දෙවඟනන් දුටු කලට ඒ දනවු කලණ බිසවු නම් අතුරු මඟ නවදැළි සේනේ අප දුටු දා වක ගැසී ගිය වැඳිරි මෑල්ල ත් වටිත් දැ’ යි කී සේක. ඒ අසා


            13. නන්දක මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව                          163

බුදුහු ‘ එ සේ වී නම් නන්දකයෙනි, ශාසනාහිරති ය ඇති ව සිල් රක්ෂා කෙළේ නම් කෙළෙසුන් ගෙවා ගන්ට නුවුවොත් දෙව් ලොව ඉපද දෙවඟනන් ලබන නියාවට මම ඇපයෙමි’ යි වදාළ සේක. ඒ අසා නන්දස තෙරුන් වහන්සේ එ සේ වී නම් දෙවඟනන් ලබන නියාවට මෙ තරම් ඇපත් ඇති බැවින් බඹසර හැසිරෙමි යි කී සේක. මෙ ලෙසින් සස්නෙහි ඇලුම් ‍ඇති කරවා හැදහිලි නැති කෙණෙකුන් ප්රකසිද්ධ ස්ථානයට ගෙන ගොස් තර ය කරවා රුචී දෙය කරවා ගන්නාසේ සිල් රක්ෂා කිරීමට දෙව් ලොවට ගෙන ගොසින් තරය කරවා ගෙන නන්දා තෙරුන් වහන්සේ හැර ගෙන දෙව් ලොව වැඩ උන් වහන්සේට ඇප වූ නියාව නොහගවන්ට කරන්නාක් මෙන් දෙව් ලොව දී අතුරුධන් ව-

“බොධනෙය්යංට ජනං දිස්වා - සතසහස්සෙපි යොජනෙ, ඛණෙන උපගන්ත්වා න - බොධෙති තං මහාමුනි”

යනු හෙයින් ඇසිල්ලකින් දෙව්රම පහළවු සේක. වහන්දෑ මෙ පවත් අසා නන්දන තෙරුන් වහන්සේ නම් බුදුන්ගේ කුඩා මෑණි‍යන්දෑ ගේ පුත් සේක. මහණව කරණ සං කමුත් ගෙය කඹුරන්නා සේ දෙවඟනන් නිසා ල. එයින් ඇපයකට නොනිසි බුදුන් ගෙන් ඇප ඇතිව ලැ’ යි නන්ද් තෙරුන් වහන්සේ ‍ළඟට ගොසින් මෙ හැම කියා වෙහෙසන සේක.

නන්දළ තෙරුන් වහන්සේ ද වහන්දැගේ කථාවෙන් තරයේ ම ලජ්ජා ඇති ව දෙවඟනන් කෙරෙහි කළ ආල ය හැරි පෙරළි හේකට1 තුබු දෙයක් නො හෙන ලෙස තනා තබා ගන්නා සේ පෙරළා මහණ ධමට ම සිත් සතන් යොමු කොට ලා රජ සිරි හැර අවුත් නිවන් සිරි නො හරණ නිසා නො පමා ව වසන සේක. යම් සේ ලේනෙක් තමා තරම් කෙණෙකුන් තමාට සතුරුව ආකල තමාගේ නඟුට කුප්පවා ලා එයින් ගසාලා පහ කෙරේ ද, එ මෙන් ළං වූ කෙලෙස් සතුරු කෙණෙක් ඇත් නම් සතර සීවටන් නමැති මුගුරෙන් මරා පලවමින් යම් සේ දිවි දෙනෙක් කෙතෙක් වුව ත් එක වරෙක වදන පැටවුන් මුත් දෙවන මුරයේ නො වදා ද, එක මුරයෙන් ම වඳ වේ ද, ඒ පරිද්දෙන් උපන් ජාති විනා භවොත් පත්ති නැති වීමට අදහස් ඇති ව යම් සේ දිවියෙක් තණ කැළෑ ආදිය යට වැදලා හිඳ ගොදුරු අල්වා ගනී ද, එ සේ ම අර්හත් ඵල නමැති ගොදුරු නිසා ගම්භීරාරණ්යර රුක් මුල ගල්පාවුළු2 කඳුරැළි ගල්ගුහා සොහොන අබවස යනාදියට එළඹ, යම් සේ දිවයා ගොදුරු අල්වා ගත් කලට වමළැයෙන් හුණු ගොදුරු නො කා ද එ පරිද්දෙන්


               1. හෙයකට, කරුවකට. හෙන්ට  2. ගල් පාමුලු 

164 සඬර්ම රත්නාවලි ය

එක් විසි අන්වෙෂණ වශයෙන් වේව යි. වාග් විඥප්ති වශයෙන් වේව යි, උපන් දෙයක් ඇත් නම් විෂ මිශ්‍ වයක් පරිද්දෙන් හැරැ විවසුන් වඩා රහත් ඵල නමැති වොටුනු පැළඳිමෙන් හැර ආ රාජාභිෂෙකයට රාජ්යා්භිෂෙකයක් ලදින් හැර පියා ආ මඟුලට නිවන් ගෙ මඟුල් කොට හැර ආ විවා මඟුලට පල සමවත් විවා මඟුල් කොට බුදුන් සන්තක නිවන් රට තමන් වහන්සේට ත් හිමි කළ සේක.

එක් දෙවතාවෙක් රාත්රිත වේලෙහි දෙව්රම වසන බුදුන් කරා ගොසින් වැඳ ලා ‘ස්වාමිනි, මුඹ වහනසේගේ මල් වූ නන්ද මහ තෙරුන් වහන්සේ රහත් වූ සේකැ’ යි කිවු ය. ඔහු නො කියත තෙක් ම බුදුහු ත් දෙව් ලොව ගිය ගමනින් ම සසර ගමන් නිමවා රහත් වු නියාව විමස විමසා හිඳිනා සේක් එසේ ම දත් සේක. නන්දව මහ තෙරුන් වහන්සේ‍ ද රාත්රි. ය පාන්වූ කල්හි බුදුන් කරා ගොසින් වැඳලා ‘ස්වාමීනි, මුඹ වහන්සේ දෙව් ලොව වැඩි ගමනේ දෙවඟනන් පන් සියයක් මා ලබන නියාවට වූ ඇපයෙක් ඇත්තේ වේ ද, මෙ වක් පටන් දෙවඟනන් තබා කිසිවක ත් මා ගේ ඇල්මක් නැති හෙයින් ඒ ඇප නැතැ ‘යි කී සේක. බුදුහු ඒ අසා වදාරා ‘නන්දයෙනි, තොප රහත් වූ නියාය අපි ත් දතුම්හ. දේවතාවකුන් අවුත් අපට කිව. එ සේ හෙයින් තොප කීව ත් නො කීව ත් අපි ඒ ඇපයෙන් ‍මිදුණුම්හ’ යි වදාරා රහත් ව ශොභාවත් වූ මුහුණ ඊ ම තබා ශොභාමත් කරවූ සේක. වහන්දෑ ද ගොසින් රහත් නියාව නො දැන ‘කුමක් ද? පෙර සිතන්නේ සිවුරු හරණට වේ ද? දැන් කුමක් දැ’ යි විචාරා ‘මා ගිහි වීමෙහි ආලයෙක් නැතැ’ යි කී කල්හි මූ ගිහි වීමෙහි ආලයක් නැති නියාව කියති මුන් බොරු කියන නියා වේ දැ යි බුදුන්ට එ පවත් දැන්වූ සේක.

බුදුහු ඒ අසා ‘මහණෙනි, යම් සේ සෙවිලි නො දැන්මෙන් නපුරු කොට සොයා ලු ගෙය වැසි නැති විටෙක මුත් වැස්ස වට විට ම තෙමේ ද, එ පරිද්දෙන් ශමථ භාවනා - විදර්ශ නා භාවනා නමැති සෙවිල්ල නො දන්නා හෙයින් තදඩ්ග විමුක්ති නමැති එක් තරම් සෙවිල්ලකින් සොයා ලූ සිත් නමැති ගෙයක් කෙලෙස් නමැති එක් තරම් වැස්සක් වට ත් තෙමි මුත් නො හරණේ ය. යම් සේ සෙවිල්ල දන්නවුන් යහපත් කොට සොයා ලු ගෙය එක් තරා වැස්සකින් තබා මහත් වැස්සකිනු ත් නො තෙමේ ද එ පරිද්දෙන් ද් වි ප්රරකාර භාවනා නමැති තර සෙවිල්ලෙන් සොයාලු සිත් නමැති ගෙය සසර මහ මුහුද පුරන තරම් වූ කෙලෙස් මග වැසි වට ත් නො තෙමේ’ යි වදාළ සේක.



               ‍13. නන්දෙ මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව                          165

ඒ අසා නන්ද තෙරුන් වහන්සේගේ නුගුණ කියන්ට ගිය වහන්දෑ සෝවාන් ඵලාදියට පැමිණිමෙන් ලොවුතුරා ගුණය ලත් සේක. සත්යෑ අසත්යව නො දත් වහන්දෑ වතුස්සත්යන දත් සේක. ධර්මි සභායෙහි ද කථාවෙක් උපන. බුදු වරුන් වහන්සේ නම් ඉතා ආශ්චය්ය්ුතු සේක. ජනපද කල්යාාණීන් නිසා නිවන් සම්පතින් පිරිහෙන්ට සිටි මලණුවන් වහන්සේට එක් තරම් දෙයක ඇවිටි ඇත්තවුන්ට වැඩි යුරු දෙයක් පෑ ලා ඇවිටි කළ එක් තරම් දෙයෙහි ඇවිටි හරවන්නා සේ දනවු කළණ බිසොවුන් කෙරෙහි කළ ඇවිටිය දෙව් ලොවට ගෙන ගොසින් දෙවඟනන් පෑ ලා අරවා ලූ සේක. මේ අනික් කාට පිළිවන් දැ’යි යන කථාව ය.

බුදුහු ත් වහන්දෑ කරණ කරණ කථාව දිවකනින් අසා වදාරා, ‘භික්ෂූහු නන්දහයන් ශාසනයෙහි ඇලුම් කරවා ගත් නියාව අරභයා කථාව කෙරෙති. මම එ තෙනට ගියෙම් නම් ‘හෙම්බා මහණෙනි, ඒ දැන් මතු නො වන්නේ වේ ද? යට ගිය දවසත් තෙල ලෙස ම උන්ට ඇති වූ ඇවිටියක් හැරවීමි’ කියා ලා ඒ හඟවන්ට ජාතක කථාවක් ගෙන හැර දක්වමි. මාගේ මේ ජාතක දෙශනාව පස්වා දහස මුළුල්ලෙහි බොහෝ දෙනාට බොහෝ ප්ර යෝජන සාධා දෙන්නේ ය’ යි සිතා වදාරා ධර්ම සභාවට වැඩ සුවිනීත ව සුශික්ෂිත ව වැඩහුන් පර්ෂ්ද බලාපියා ‘රන් නැවක් මධ්යට කොට පිපී වැනී ගිය රත් නෙළුම් වනයක් සේ මේ භික්ෂු පර්ෂුද ඉතා හොබිති. මම පළමු කොට කථාවට ආරම්භයක් කෙළෙමි නම් මින් පෙරාතු කොට බසක් බැණ ‍නැගෙන කෙණෙක් නැත. මම් ම පළමු කොට කථාව උපදවමි’යි සිතා ‘මහණෙනි, මා එන්නාට පෙරාතු කොට කෙ සේ වූ කථාවක් කොට කොට හුණු දැ’ යි විචාරා වදාරා මේ කථාව නියාව දැන් වූ කල්හි ‘මහණෙනි, ඒ දැන් මතු නො වෙ’ යි වදාරා භික්ෂුන් වහන්සේ විසින් ආරාධිත වූ තිලෝ ගුරු බුදු රජාණන් වහන්සේ භෂ්ම ප්රනච්ඡන්න ජාත වේදයක් සේ භවයෙන් සැඟවී තුබූ ඉකුත් වත් කථාව දක්වන සේක්:-

“මහණෙනි, යට ගිය දවස බරණැස් නුවර බඹදත් ‍නම් රජකුරජ කරන කල්හි එම බරණැස් නුවර කප්පට නම් වෙළෙඳාණ කෙණෙක් වූහ. උන්ගේ එක් කොටළුවෙක් දසා ‘මුණක් විතර බර උසුල යි. දවසකට එ තෙක් බර උසුලා ගෙන අටවිසි ගවුවක් විතර යෙයි. එක් සමයෙක ඒ වෙළඳාණෝ කොටළුවන් උසුලන්නා වූ ගැල් වලින් බඩු ගෙන්වා ගෙන තක්සලා නුවර ගොසින් ගෙන ගිය බඩු විකපත් වන තෙක් කොටළුවාණන් තණ පත්



166 සඬර්මතරත්නාවලි ය

කන්ට හළවු ය. ඉක් බිත්තෙන් ඒ කොටළුවාණෝ ද අගල පිට කා ඇවිදිනා තෙනැත්තෝ එක් කොටළු දෙනක දැක ඈ ළඟට ගියහ. ඔයි ත් උන් හා සාද සාමීචි කථා කරන්නී ‘කොයි සිට අවුදැ’යි විචාරා බරණැස් නුවර සිට ය යි කී කල්හි ‘කුමක් නිසා මෙ තෙක් කතර අවුදැ’යි විචාළී ය.

‘වෙ‍ළඳාම් පිට ආමි’ කී කල්හි ‘උසුලන්නේ කෙ තෙක් බර දැ’යි විචාළී ය. ‘දස’ මුණක් විතර බර උසුලමි’ කී කල්හි ‘මෙ තෙක් බර උසුලා ගෙන දවස කෙතෙක් තැන් යවු දැ’යි විචාළී ය. ‘අටවිසි ගවුවක් විතර යෙමි’ කී කල්හි ‘ඒ වන්නා මෙ තෙක් තැන් නිකමු ත් නොව බර උසුලා ගෙන යව. ගිය තැන ගමන් ඇවිදින පය මිරිකන කෙණෙක් ඇද්ද, නැද්දැ’යි ඊට පිට ලා අනික් විතාරන දෙයක් විචාළී ය. ‘නැත’ යි කී කල්හි තිරිසන් වුවන් ස්ත්රී කලට ස්ත්රී මායාමෙහි අඩුවක් නැති හෙයින් තමා කෙරෙහි ඇලුම් කරවා ගන්නා පිණිස තිරිසනුන්ට පා මැඩීම නැතැ ත් ‘එ විතරකු ත් නැත් නම් දුක් නියා වේ දැ’යි තමා උන්ට සම්භ වූවො ත් ඉන් මුට්ටුවක් නැති ලෙසට උන්ට හඟවා කී ය. කොටළුවාණෝ සැබෑ බසකැ යි සිතා ඒ බසෙහි ම එලී ගත් හ.

වෙළඳාණෝ ද ගෙනා බඩු විකපත් කොට ගෙන කොටළුවා ළඟට අවුත් ‘ගෙනා බඩු විකපත් කොට ගතුම්හ’ යි කිවු ය. ‘මුඹ දැන් ගිය මැනව. මම රඳමි’ යි කොටළුවාණෝ කිවු ය. නැවත නැවත පෙරැත්ත කීව ත් කොටළුවාණෝ යන්ට මැළි වූ ම ය. ඒ අනිකක් නිසා නො වෙයි, කොටළු දෙනගේ බස් නමැති මලෙහි බැඳී ය. වෙළඳාණෝ ද තොප මැළි ම බැවින් :-

‘පතොදන්තෙ කරිස්සාමි - සොළසඩ්ගුලකණ්ටකං, සඤ්ජින්දිකස්සාමි තෙ කායං - එවං ජානාහි ගද්රමභ’

යනු හෙයින් ‘කැවිටි හුල ම සොළසඟුලක් පමණ වූ කැවිටක් කර වා ලා කැවුටුවම් කොට ත් ගෙන යෙමී. කී කල්හි ‘එ සේ ‍කළො ත් පෙර පා දෙක තරයේ බිම ඔබා ගෙන, පස්සා පයින් ඇණ්ඩෙන් ගසා දත් වගුරුවා පියමී’ කීහ. වෙළඳාණෝ ඒ අසා ‘මුන් මෙ තෙක් කලෙක මෙ සේ වූ බසක් කී විරූ නැත. කාරණ කිම් දෝ හෝ’ යි ඈත මෑත බලා කොටළු දෙන දැක ‘මෑ නිසා ය මෙ ලෙසට කරවා ගත්තේ ය’යි සිතා අට තැනකින් වක් ව තුබූ මැණිකෙහි ලණුව අවුණා ලන්ට නිසි නුවණ ඇති වන මහා පුරුෂයාණ කෙණකුන් හෙයින් ‘තෙපි රඳන්ට නො සිතව. ඔබ ගිය කල,

                                             1. විරදම්, 
                        14. චුන්දන නම් හුරු වැද්දා ගේ වස්තුව                      167

‘චතුප්පදිං සඩ්ඛමුබිං - නාරිං සබ්බඩ්ගසොභිනිං හරියං තෙ ආනයිස්සාමි - එවං ජානාභි ගද්රබහ.’

යනු හෙයින් ‘සකක් හා සමාන සොඳ මුහුණක් ඇති තමාගේ ජාතියට ඉතා රූපත් වූ කොටළු දෙනක ගෙනවුත් පාවා දෙමි’ යි කීහ. එ බස් අසා බලවත් සේ සතුටු ව ගොසින් බල බලා සිට කොටළු දෙන කෙරෙහි ආලය නැති ව, බසින් ඇසූ ‍කො‍ටළු දෙන කෙරෙහි ආල ය බලවත් ව ‘එ සේ වී නම් පටවා ලූ බර ත් හැර ගෙන මෙ තෙක් කල් යන අට විසි ගවුවට අනෙක් අට විසි ගවුව කුත් පිට ලා ලා ස පණස් ගවුවක් යෙමී’ කිවු ය.

වෙළඳාණෝ ද යහපතැ’ යි ගිවිස කැඳවා ගෙන සිය තැනට ගොසින් කීප දවසකින් කොටළුවාණන් කොටළු දෙනගේ ස්වරූප සඳහන් කරවූ කල්හි ‘ආදි එ සේ කියා ලා නො ගෙනෙන්නේ නැත. ගෙනවුත් පාවා දෙමි. බල එකෙක් ඇත. උන් ඇත ත් වැටුප් වියදම් තොප පමණකට දෙමි. උන් මට කරණ මෙහෙයක් නැති හෙයින. එ සේ දුන් දෙය තොප දෙන්නාට ඇති වෙයි. මඳ වෙයි. මම ඒ නො දනිමි. ඌ පසු ව තොපට බොහෝ දරුවනු ත් වදති. දරුවන් වුව ත් අඹුවන් වුව ත් උන් බොහෝ වුව යි අපගෙන් රැකෙන්නන් බොහෝ හෙයින් වැටුප් බොහෝ නො කෙරෙමි. සෑහේ නමුත් මඳ වේ නමුත් සුප්පාරක ජාතකයෙහි කරනවෑමියාට දා රජ්ජුරුවන් කවර තරම් දස් කමක් දැක ත් අටමස්සක් ම දෙන්නා සේ තොප කෙ තෙක් දෙනා වුව ත් තොප පමණකට දෙමි’යි කිවු ය. ඒ අසා කොටළුවාණෝ කොටළු දෙනුන්ට කළ ආලය වැටුපට කොළෝ ය. බුදුහු මේ ජාතක දෙශනාව නිම වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කෙලෙස් විසින් පවත්නා අකුසලින් දුරු ව භාවනා කුසල් පිහිටා තදඩ්ගාදී වශයෙන් සිත් සතන් පිරිසිදු කට යුතු. _______


14. චුන්ද නම් හුරු වැද්දාගේ වස්තුව

edit

තව ද කුසලින් දුරුවන්න වුන්ට අකුසල්හි ආදීනව දක්වනු සඳහා චුන්ද නම් හුරු වැද්දාගේ වස්තුව දක්වමු.

හේ කෙ සේ ද? යත් :-

වැදි තෙමේ පස් පණස් හවුරුද්දක් මුළුල්ලෙහි දැල් පන් ආදිය ඇති කොට ගෙන හුරන් මරා කා විකොට ජීවත් වෙයි. සාය අවධි යෙහි හුරු වෙළඳාම් හැ‍ඟෙන නියාව දැන වී සාල් හැර ගෙන

168 සඬර්මෙරත්නාවලි ය

පිටිසරට ගොසින් නැළි ය දෙ නැළි ය දී ලා ගම් හුරු පැටවුන් හැර ගෙන වී ගෙන ගිය ගැල් පුරා ගෙනවුත් ගේ පිටි පස්සෙහි හුරු ගාලක් ‍ගසා ලා ගාල ඇතුළත ම උන්ගේ අනුභවයට නිස්ස ත් ඇති කොට ඒ හැම කා වැඩුණු අවස්ථාවෙහි තෙමේ ත් පව් කොට වැඩුණේ, යම් යම් හුරකු මරා කනු කැමැත්තේ වී නම් ඒ හූරා තර කණුවෙක නො සැලෙනා ලෙස බැඳ සිටුවා ලා මස් බොල් වනු නිසා ත් පව් බොල්වනු නිසා ත් සිව් රැස් මුගුරකින් තළා, මස් බොල් වූ නියාව මුත් පව් බොල් වූ නියාව නො දැන තමාගේ චිත්ත ශුද්ධියක් නැත ත් උගේ ශරීර ශුද්ධි ය නිසා ත්, උගේ පුරා කෘත අකුශල කර්මකයෙන් භාගයක් වුව ත් සෝධන්ට අවිවියෙහි දී තමාගේ කට ත් දල්වන ලෙසට ‍උගේ කට ත් දල්වා, කට නො පියන ලෙසට දඩු කඩක් ගෙන්වා ලා ලෝ සාළුවෙන් තමා කට ලෝ දිව වත් කරණ ලෙසට ඌගේ කට ත් ය සෑන්දකින් තර ව කකියා ගිය හුණු පැන් වත්‍ කෙරෙ යි. ඒ වත් කළ හුණු පැන් කුස ඇතුළට වැද කකියමින් ‍කසළ ත් හැර ගෙන අධොමාර්ගෙයෙන් නික්මෙ යි. එ සේ නික්මෙන පැන් යම් තාක් මඳකු ත් කසළෙක් බඩ ඇතුළේ ඇත් නම් කැළඹී එයි. එහි කසල නැත් නම් ප්රකසන්න ව බාහ්ය වෙයි. එ ලෙසින් ම බඩ ‍ශුද්ධ වූ නියාව දැන සෙසු හුණු පැන් හූරාගේ පිට වත් කෙරෙ යි. එ කල කළු සම දවා ගෙන වැගිර යෙ යි. ඉක්බිත්තෙන් තණ සුළකින් ලොම් දවා පියා කැපෙන යකඩෙකීන් ඉස ගසා පිය යි. බොටුවෙන් වැගිරෙන ලේ වළඳක වත් කොට තබා ලා මස් කැටි ලෙහෙයේ ගල ගලා ගෙන අඹු දරුවන් පිරිවරා හිඳ කාලා ඉතිරි දෙය විකුණ යි.

මෙ ලෙසින් ජීවත් වන්නා වූ ඕ හට හවුරුදු පස් පණසෙක් පලා ගියේ ය. දෙව්රම් වෙහෙර පිටි පස්සෙහි හිඳ ගෙන මෙ තෙක් පව් කරණ මේ තෙමේ හැම දෙනා සිත් ගන්නා නිසා වුවත් එ වැනි පින් කෙතක් බල බලා මල් පිදීම් පාන් පිදිම් දන් දීම් ආදී වූ කිසි ත් පින් කමක් නො කෙළේ ය. පස් පණස් හවුරුද්දක් ගිය කලට මූට බලවත් රෝගයෙක් ඇති වී ය. නො මියෙන තෙක් ම ගති නිමිත්ත ව අවීවි නරකයෙහි ගිනි දැල් පෙනෙ යි. අවිචියෙහි ගිනිදැල් සාරසියයක් ගවු පමණ සිට බලන්නවුන් ගේ ත් ඇස් පිපිරෙන තරම. කුළු ගෙයක් සා වු ත් ගලක් ඒ ගින්නෙහි හෙළා ලු වොත් හුණු ඇසිල්ලෙහි ම නැති වෙයි. ගල් විරෙන කල ඊ උපන් සතුන් නො විරෙන්නේ හැයි ද? යත් - මවු කුස උපන් සතුන් මවු කුස ගින්නෙන් නො විරෙන්නා සේ කර්මන බලයෙන් නො විරෙති. ඒ ගිනි දැල් පෙනෙන්ට වන් දවස් පටන් හුරන්ට කළ සැටියට ම.



                              14. චුන්දන නම් හුරු වැද්දා ගේ වස්තුව                      169

“යෙන යෙන පකාරෙන යං යං පාපං කතං පුරා. තස්ස තස්සානුරූපං ව - ඵලං හොති අසාභියං”

යනු හෙයින් දණ එ ව ලා හුරු හඩ හඩමින් ඉදිරියේ දොර ට ත් පෑළ දොරට ත් බැරැඩු ගා ගෙන දිවෙයි. ගෙයි මිනිස්සු මූ තරයේ අල්වා ගෙන මොර ගා ලන්ට දැල්වූ කට පියති. හූරන් කට දඩු ගැන්වූ හෙයින් කට නො පිය හී හඩා ම ඇවිද්දී. මුගේ ගෙට දෙ කෙළවර ගෙවල් සතක් සතක් නියායෙන් ගෙවල් තුදාසෙක මිනිස්සු රැ එක නින්දක් නො ලැබෙති. මූ නිසා හුරන්ට වූ ගහට සේ ම මිනිස්සුන්ට ත් බොහෝ පීඩා වි ය. වියරු හුණු බල්ලකු මෙන් ඈත මෑත දිවන හෙයින් ගෙයි දොරවල් හයා බැඳ ලා පිටත රැක ගෙන සිටිති. චුන්දත සූකරිකයා ත් ඇතුළු ගෙයි හඩා ඇවිද්දි. ඒ සක් දවස් හුරු මස් පලා කන්ට අවසර යක් නො වී ය. මෙ සේ සත් දවසක් මුළුල්ලෙහි හඩා මුර ගා සත් වන දවස් මිය, දිගින් - පළලින් - උසින් සාර සියයක් ගවු පමණ දිග - පළල - උස ඇති ස තිස් ගවු විතර බොල ඇති ගිනි ගෙන දිළිසෙන හිත්ති සතරක් හා ය පොළොවක් හා වසා ලු ය කබලක් දැති අචීචියෙහි පස් පණස් හවුරුද්දෙන් නැතක් ආයු ඇති කල හෙයින් අන්තඃකල්පයට ආයු ඇති ව උපන.

වහන්දෑ ද ඌ බැරැඩු ලන සත් දවස් ඌගේ ගෙය කෙරෙන් සිඟා වඩනා කල ඌ හඩන හඩ අසා හූරන් මරණ කල බැරැඩු ‍ගාවන හඩ ය යි සිතා වෙහෙරට ගොසින් බුදුන්ට ස්වාමීනි, චුන්දා සූකරිකයා දොරවල් පියා ගෙන හූරන් මුර ගාව ගාවා මරන්නේ අදට සතිය ය. උගේ මඟුලක්ක ඇතැ යි සිතම්හ. මෙ තෙක් හුරන් මරණ ගමනේ එක දවසක වත් මූට මෙත් සිතක් හට ගත් නියාවක් වත් මරණ හූරන් නො මරණ නියාවක් වත් පෙනෙන්ට නැති හෙයින් නො දතුම්හ. මෙ සේ වූ තද එකකු නුදුටු විරූම් හ’ යි කී සේක.

‘හෙම්බා මහණෙනි, මේ සත් දවසක් හූරන් මරණ නියා නො‍ වෙ යි. තමා‍ සේ ම පව් කරන්නවුන් පව් නො කරන්ට තමාට පෙනෙන නරක ගින්න පාන්ට කරණ යත්නයක් සේ ඌ තමා ම මරණ භයින් ‍මොර ගානා නියා ය. අද මිය ගොසින් අවිවි නරකයෙහි උපන. එ සේ හෙයින් මහණෙනි, ගිහි වුව ත් ශාසනික වුව ත් යම් කෙණෙක් මොහු පරිද්දෙන් පවට ම නියම ව පව් කෙරෙත් නම් මියන අවස්ථාවෙහි ත් පිණක් ම කට නුහුණු යෙමි යි නො කළ පින් අරභයා ‍ශොක කෙරෙති. පර ලොව



170 සඬර්ම රත්නාවලි ය

බලවත් දුකට පැමිණ දුක් විඳිනාහු පර ලොව ත් ශොක කෙරෙති. එ සේ හෙයින් පව් කළවුන්ට දෙ ලොව ම ශොක ය. නො එක් ලෙසින් සලකා ත් කළ පිණක් ම‍ නො පෙනෙන හෙයින් ශොක කෙරෙති. කළා වූ නිකෘෂ්ට කට යුත්ත සලකා දැක පෙළෙන්ණෝ’ යි වදාළ සේක.

මේ දෙශනාව අසා බොහෝ දෙනා පාපයෙහි භය ඇති ව ඉන් දුරු ව කුසලහි පිහිටා සසර දුක් ගෙවා සතර මඟ සතර ඵලයට පැමිණියහ. එ සේ හෙයින් මේ දේශනාව ත් පස්වා දහස් මුළුල්ලෙහි බොහෝ දෙනාට ප්රියෝජනවත් වි ය. එ හෙයින් සත්පුරුෂයන් විසින් අකුශලින් දුරු ව කුසල්හි පිහිටා චිත්ත ශුඬිය කට යුතු.


15. ධම්මික උපාසකයන්ගේ වස්තුව

edit

ඉක්බිති කුසල්හි හැසිරෙන්නවුන්ට එහි අනුසස් දක්වන් නමෝ මහ අවුවේ ගමන් ගොසින් විඩා වූවන් පිපාසා නිවා වත් කරණ පැනක් මෙන් දෙවදූත සූත්රාසදිය එළවා නරක දුක් බොහෝ කොට කියා ලන්ට නූ වූවත් එක් දෙශයකින් දක්වා ලූ දුක් අසා ලා බා ගියවුන් අස්වසන්ට ධම්මික උපාසකයන්ගේ වස්තුව දක්වා කුසල පිහිටවමු.

කෙ සේ ද? යත්:

සැවැත් නුවර දැහැමින් සෙමින් දවස් යවන උපාසකවරුන් පන් සියයක් ඇත. ඉන් එකි එකී දෙනාට පිරිවර ත් පන් සියය පන් සියය ඇත. ඒ නියායෙන් දෙ ලක්ෂ පනස් දහසක් විතර උපාසකවරු ය. උන් හැම දෙනාට ම මේ ධම්මික උපාසකයෝ ප්ර්ධානයෝ ය. පින් කිරීමට මුල්හ. උන්ගේ පුත්තු සත් දෙනෙකු ත් ඇත. දු සත් දෙනෙකු ත් ඇත. මූ තුදුස්දෙන ත් සඳුන් ගසින් බට අරළුවල ත් බඳු ම යහපත ඇත්තා සේ යහපත්හ. අදහසු ත් දෙ මවු පියන්ගේ අදහස් තරමට ය. එ සේ හෙයින් උපාසකයන් හා උපාසිකාවන්ගෙනු ත් දරු තුදුස ගෙනු ත් එක් කොට සොළොස් දෙනාගෙන් නිරන්තර ව ළා බත් සො‍ළසෙකු ත් ඇත. දඹ දිව ඇත්තවුන් ආදියෙන් සඳ දැක ත් බතක් දන් දෙන හෙයින් එ සේ වූ බත් සොළසෙකු ත් ඇත. මෙ සේ වූ සොළොස් දෙන ම රස බිම්හි ඇති වූ ගසෙක බොහෝ සේ පලදාත් රසවන්නා සේ යහපත්හ. ඉක් බිත්තෙන් ඒ උපාසකයන්ට


                               15. ධම්මික උපාසකයන් ගේ වස්තුව                      171

නිකැළල් ගසකට නරාවක් ඇතිවන්නා සේ රෝගයෙක් ඇති වී ය. රොග නැමැති පහන් වැටියේ ආයු තෙල ගෙවා පියා මරණ අඳුරට ආසන්න ව බණ අසනු කැමැති ව හෙවත් පිරිත් බණවනු නිසා බුදුන් කරා වහන්දෑ අට නමක් හෝ සොළොස් නමක් හෝ එවන්ට කියා යවු හ. බුදුහු ත් යවා වදාළ සේක. ගිය වහන්දෑ දැ උපාසකයන් වැද හොත් හැඳ වට කොට වැඩ හුන් සේක.

මියන වේලෙහි සිත පහදවන්ට වට කොට සිටුවා ලූ රත් නෙළුම් මල් කලප් සේ වැඩ හුන් වහන්දෑ දැක ස්වාමීනි. මෙ වක් පටන් දැකුම් පමණකු ත් බැරි වේ ද? දක්නා දෑතුරෙහි අසන්ට එක් සූත්රප බණක් පිරුවා වදාළ මැනැ වැ’යි කිවු ය. කවර සුත්රු බණෙක් දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, සියලු ම බුදුවරුන් වහන්සේට ආවෙණික වූ සිහිවටන් සූත්රි ය වී නම් යහපතැ’යි කිවු ය. වහන්දැ දැ උගේ රුචින් මහ සීවටන් සුත්රූ ය. පිරිවමන්ට පටන් ගත් සේක. එ වෙලාවට ස දෙව් ලොවින් සියලු රථාලඩ්කාරයෙන් සැරහුණා වූ ඇඹුල පෙති හා සමාන සුදු අසුන් දහස දහස යෙදු ස සීයක් ස සීයක් ගවු විතර දිග ඇති රථ සයෙක් අවුත් අහස සිටියේ ය. ඒ ඒ රථයෙහි සිටි දෙවියෝ ද ‘නිදුකාණෙනි, මැටි වළඳක් බිඳ රන් වළඳක් ලබන්නා සේ අප අපගේ දිව්යස ලොක වල සම්පත් විඳිනට අප අප ගෙනා රථවල අපන මැනැවැ’යි වෙන වෙන ම කිවු ය. උපාසකයෝ අසා ගෙන වැද හොත්තෝ බණට බාධා වෙයි යන අදහසින් දෙවි‍යන්ට ‘තව ඉවසුව මැනැ ව’යි. ‘තව ඉවසුව මැනැව යි කිවු ය.

වහන්දෑ තමන් වහන්සේට කීව යි සිතා පිරිත් තබා පී සේක. උපාසකයන්ගේ දූ දරුවෝ ද ‘අපගේ පියාණන් වහනසේ අප ‍හැමට ත් වඩා බණට ඉතා ප්රිූය සේක. වහන්දෑ ගෙන්වා ගෙන තමන් වහන්සේ ම පිරිතට පටන්ගන්වා ලා තමන් වහන්සේ ම නවතන සේක. මරණට නො බන කෙණෙක් නම් නැතැ’ යි හැඩු ය. වහන්දෑ ත් පිරිතට අවස නැත්තේ වේ දැ’ යි විහාරයට වැඩ පී සේක. උපාසකයෝ ද මඳක් කල් යවා පියා සිහි නුවණ ලදින් කුමකට හඩාදැ යි විවාළහ. පියාණන් වහන්ස. නුඹ වහන්සේ වහන්දෑ ගෙන්වා ලා පිරිත් බණවමින් සිට ලා අමාවක් බොමින් සිට පෙරළා ගෙන ගිය අමා නවතන්නා සේ බණන පිරිත් නැවතූ සේක. ඒ දැක මුන් වහන්සේ පවා මෙ සේ මරණයට බන කල නො බන කෙණෙක් නැතැ යි හැඩුම්හ’ යි කිවු ය. ‘වහන්දෑ කොයි දැ’ යි උපාසකයන් විචාළ කල්හි වැඩ පී සේකැ’යි



172 සඬර්ම රත්නාවලි ය

කිවු ය. ඒ අසා ‘වහන්දෑ වැඩ පියන්ට මා කීවා නැත. වැඩ පූයේ හැයිදැ’ යි විචාළෝ ය. ‘තව ඉවසුව මැනැවැ’යි කියා ලූ බස අපි ත් ඇසුව. ඒ කාට කී නියා දැ’ යි විචාළෝ ය.

“දෙවතාවෝ ස දෙව් ලොවින් එ ම දෙව්ලෝ ළං කොට ගෙනා වා සේ රථ සයක් සරහා ගෙනවුත් අහස රඳවා ලා තම තමන් ගේ දෙව් ලොවට යන්ට හඩ ගාති. බණ අසා පියන තෙක් තව ඉවසා පියව යි කීයේ මා උන්ට ය’යි කිවු ය. ‘ගෙනා රථ ඇත් නම් නුඹ වහන්සේට ම පෙනී ගිය නියා ද, අපට නො පෙනෙන්නේ ය’යි කිවු ය. ඒ අසා ගති නිමිත්ත වශයෙන් පෙනුණු රථ සෙසු ලෙසකින් උන් හැමට දක්වා ලන්ට බැරි හෙයින් උප දෙසකින් දක්වනු නිසා ‘මා අත පාරවා පුදන්ට ගෙතු මල් දම් ඇද්දැ’යි විචාරා ඇතැ’යි කී කල්හි ස දෙව් ලොවින් කවර දෙව් ලොව සිත්කලු දැ’යි විචාළෝ ය.

‘පියාණන් වහන්ස, තුසී පුර ය නම් පැරුම් පුරා නිම වූ සියලු බෝසතුනු ත් උන්ගේ දෙ මවු පියනු ත් වසන තැන ය. ඒ දෙව් ලොව යහපත. මෙතේ බොස්තුන්ගේ බණ ත් ඇසිය හැක්කැ ’ යි කිවු ය. ‘එ සේ වි නම් තිලින් මල් දමක් හැර ගෙන ඒ රථයේ එලෙන්ට කියා ලා දමව’යි විධාන කොළෝ ය. ඔහු ත් එ ලෙස ම කියා ලා දැමූහ. මල් දම ගොසින් රථ හිස එලී ගෙන රථ ශොභාව වමාරන කලක් මෙන් එලෙන්නේ ය. බොහෝ දෙනා රථ නො දක්නා පමණ මුත් එලෙන මල් දම දකිති.

උපාසකයෝ ‘තෙල එලෙන මල් දම් තුසී පුරෙන් ආ රථ හිස එලෙයි. මම මෙයින් සැව තුසී පුර යෙමි. ගිය තෙන හානි ඇත්නම් වේ ද තොප හැම මුසුප්පු වුව මනා. මුසුප්පු ත් නො ව මා ළඟ උපදනට පතා මා කළ ලෙසින් ම් පින් කරව’ යි කියා ලා මිය ගොසින් ඒ රථයෙහි උපන්හ. උපන් ඇසිල්ලෙහි සැට ගැළක් පමණ ආභරණින් සැදුණු තුන් ගවු පමණ උස ඇති දිව අත් බැවු පහළ වි ය. දහසක් පමණ දෙවඟනො ත් පිරි වැරුහ. උසින් සියයක් ගවු පමණ වූ රුවන් විමනකු ත් පහළ විය. සක් දෙවිඳු ලෙසින් ධම්මික නම් දෙවි පුත් තෙමේ කුසල් නමැති වඩුවා විසින් මනහර කොට ‍කරණ ලද රුවන් විමනට ගොසින් වන.

බුදුහු දෙ වෙහෙරට ගිය වහන්දැ අතින් පිරිත් බැණ අවුදැ යි විචාරා ‘එ සේ ය ස්වාමීනි, මහ සීවටන් සුත පිරිවන්ට පටන් ගතුම්හ.


                                    16. දෙවදත්ත වස්තුව                               173

පිරිවා නො නිමන තෙක් ම නැවතුව හැම දෙනා හඩන්ට පටන් ගත් හෙයින් අප හඩක් හා බණක් හා දෙකක් හැයි දැ යි පලා ‍ආම්හ’ යි කී සේක. ‘හෙම්බා මහණෙනි, උන් තොප හා කථා කෙළේ නැත. දෙවියෝ ස දෙව් ලොවින්රථ සයක් ගෙනවුත් තමන්ගේ රථවලට නැ‍ඟෙන්ට කි වු ය. අසා ගෙන වැද හොත් බණට බාධා වේදෝ හෝ යි යන අදහසින් මඳක් ඉවසව යි දෙවියන් හා කථා කොළෝ ය’යි වදාළ කල්හි ‘ස්වාමීනි, ඌ ‍දැන් කොයි උපන්නු දැ’යි විචාළ සේක.

“තුසී පුරයෙහි උපන්හ’ යි වදාරා ‘මහණෙනි, යම් කෙණෙක් පින්කම නො පමා වූ නම් පින් කරන්නා ත් සතුටු සිතින් හෙයින් මෙ‍ ලොව පින් කරණ අවස්ථාවෙහිත් සතුටු වෙති. පරලොව දී කුශලානුභාවයෙන් අනන්ත වූ සම්පත් ලදින් සම්පත් දැක ත් සතුටු වෙති. එ‍ හෙයින් පින් කරන්නාහු මොලෝ පරලෝ දෙක ම කළා වූ පින් සළකා ත් පින් කම් මහිමයෙන් ලත් සම්පත් බලා ත් ධම්මික නම් දෙව් පුතු පරිද්දෙන් සතුටු වෙති’ යි පිරිත් බැණ ආයාස ගත් වහන්දෑට සදහම් නමැති පාන වර්ග් දී1 නිවන් රස අනුභව කරවා කෙලෙස් විඩි සන්හිඳ වූ සේක.

මේ දෙශනාව ද කල්ප වෘක්ෂන - කල්ප ලතා - භද්රර ඝටාදියක් මෙන් බොහෝ දෙනාට ප්ර්යෝජන වත් වි ය. එසේ හෙයින් කුසල්හි හැසිරෙන්නවුන් විසින් වී බත් කැමති වූවන් සම බොරළුවක් ලදින් අමු තෝරා හැර වී ම භාර ගන්නා සේ අකුසල් තෝරා හැර කුසල් ම හැර ගෙන කුසල් ‍නමැති බිජුවට තුනුරුවන් කෙත වපුට ලොවි සැප ත් නමැති ධාන්යු හා ලොව්තුරා සැප ත් නමැති ධන රැස් කට යුතු.