චිත්‍රා/රබින්ද්‍රනාත් තාගෝර්

චිත්‍රා
රබින්ද්‍රනාත් තාගෝර්
83658චිත්‍රා — රබින්ද්‍රනාත් තාගෝර්


1861 වර්ෂ‍යේදි භාරතයේ වංග දෙහයේ තාගෝර් පරම්පරාවට අයත්ව‍ මෙලොව එළිය දුටු රබීන්ද්රයනාත් කුඩා කල සිටම කවියට ලොල් බවක් දැක්විය. ඉතා පිරිසුදු ජිවිතයක් ගත කළ දෙවනෙද්රලනාත් තා‍ගෝර් මොහුගේ පියාය.


රබීන්ද්රානනත් ඉපදී ‍නොබෝ දවසකින් සිය මෑණියන් දිවංගත වූයෙන් ඔහුගේ බාල කාලය වැඩිහරියක්ම ගෙවුනේ වැඩිමහල් ‍සො‍ෙහායුරු සොහොයුරියන් සමඟය. ධනවත් පවුලක උපන් තා‍ගෝර් දුප්පත්කම කුමක්දැයි නොදත්තේන් සිය නිවාසය අවට වාසය කළ දුප්පතුන්ගේ ජිවන තත්වය ඔහු මවිත කෙළේය.


කුඩා කල රබීන්ද්රුනාත් ශිල්ප ශාස්ත්රේ ඉගැන්විම ‍නොයෙක් ගුරුවරුන්ට බාර කළ නමුත් ඔහු ඔවුන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්ව‍ුයේ නැත. පාසැලකට යාම ඔහු කො‍ෙහත්ම ප්රි්ය නොකෙළේය. හැම විටම කල්පනා කෙළේ එයින් මිදි නිදහසේ සිතිවිල්ලේ යෙදිමටය. රබින්ද්ර.නාත් යමක් ලොවට දුන්නේ නම් එය ඔහුගෙන්ම බිහිවු දෙයක් මිස ගුරුවරුන්ගෙන් ලබා ගත් දෙයකැයි කිමට ඉඩක් නැත.


කවිය කෙරෙහි විශෙෂ ආශාවක් දැක්වූ ඔහු නොයෙක් අවස්ථාවන්හි කවි ලීවේය. මේවා තම ස‍හෝදරයකුවූ ජොතින්ද්ර නාත් විසින් පළ කරන ලද ‘භාරත’ නැමැති මාසික සඟරාවේ පළවිය. මොහුගේ රචනා පාඨකයන්ගේ සිත් ඇද ගැනිමට සමර්ථළවූයෙන් සඟරාවේ අලෙවියද වැඩි විය.

රබින්ද්රමනාත් තුළ අනාගත කවියකවි‍මේ ශක්තිය තිබෙන බව දුටු වැඩි මහල්ලෝ ඔහුට උසස් අධ්යාකපනයක් දීමට



කල්පනා කළහ. එහි ප්රාතිඵලයක් වශයෙන් සොළොස් වියෙහිදි එනම් 1877 සැප්තැම්බර් මස 10 වෙනිදා ඔහු එංගලන්තය කරා පිටත් කරන ලදි. එහි වර්ෂමයක් පමණ ගත කළ නමුත් උපාධියක් ලබා ගැනීමට අසමත් විය. එමනිසා 1878 නොවැම්බර් මස 4 වෙනිදා ඔහු පෙරළා පැමි‍ණියේය.


තා‍ගෝර් එංගලන්තයට යැවිමට පෙර මෙන්ම පෙරළා පැමිණිමෙන් පසුවත් වැඩිහිටියන්ගේ ආශාව වුයේ කෙසේ ‍‍ හෝ ඔහුට විදෙශිය උපාධියක් ලබාදිමය. එමනිසා නීතිය හැදැරිම පිණිස ඔහු නැවතත් එංගලන්තයට යවන ලදි.එයද ව්යාරර්ථ විය. ඔහු කඩිනමින් පෙරළා පැමිණියේය.


නියම කවියකු ලෙස තාගෝරි කටයුතු කරන්නට පටන් ගත්තේ එතැන් සිටය. මේ කාලයේදි ඔහු කළ “සන්ධ්යාණ සංගිත” නැමැති ප්රගබන්ධයෙහි ඔහුගේ පැසුණු කවිත්වයෙහි පෙර නිමිති පැහැදිළිව පෙනෙන්නට තිබුණි.


1883 දෙසැම්බර් මස එනම් ඔහුගේ විසිතුන් වෙනි වියෙහිදි තා‍ගෝර් මෘනාලිනි දේවිය සමඟ විවාහ විය. සිය සාහිත්යි කටයුතුවලට විවාහට බාධාවක් නොවීය. වැඩි කාලයක් යන්නට පෙර ඔහු ‘සන්නාසි’ යන ග්රනන්ථය කෙළේය. ‘නිලිනි’ නැමැති නාටකය ඔහුගේ ඊළඟ කෘත්යථය විය.

ගන්ථකරණයෙහිම යෙදි සිටියදිම ඔහු වරින් වර විචාරාත්මක ලිපිද ලීවේය. මේවායින් මතුකළ අදහස් උදහස් කාගේත් මවිතයට හේතු විය. මේ ගණනෙහි වැටෙන ‘අලොචනා’ හා ‘සමලොචනා’ යන රචනා අදත් ප්රටකටය.

වංග ජාතිකයන් අතර තා‍ගෝර් යන නම වැඩියෙන්ම ප්රවචාරය වුයේ ඔහු ලියු ‘බිලිපූජාව’ නාට්යියෙනි. එකල සමාජ තත්වය, අධ්යා පනය හා ආගමික යන හැම ප්රයශ්නයක්ම අලලා ග්රවන්ථ සැපයිම නිසා ඔහු කාගේත් ගෞරවාදරයට භාජනය විය.


නැවත වරක් පිටරට යාමේ අවස්ථාව ලැබුණු මොහු අපරදිග සංගිත ක්ර ම කෙරෙහි දැනිමක්ද ලබාගත්තේය. ආපසු පැමිණි රබින්ද්රරනාත්ට සිය පවුලට අයත් වතු පිටි බලා ගන්නා ලෙස පියාගෙන් අණක් ලැබිණ. ඔහු එය බාර ගත්තේ අකැමැත්තෙන් නමුත් ඕනෑ කළ නිදහස එයින් ලැබුණේය. එපමණක්ද නොව, සමාන්ය ජනතාව සමඟ සම්බනධකම් පවත්වා ගැනිමටද එයින් ඉඩකඩ ලැබුනේය.

මේ කාලය වන විට ජොතිනද්රවනාත්ගේ “භාරත” සඟරාව පළකිරිම නතරවූයෙන් රබින්ද්ර නාත් ‘සන්ධ්යා ’ නමින් සඟරාවක් ආරම්භ කෙළේය. ඔහු ලියු ‘මාලනි’ නාට්යණය පළමුවෙනි වරට පළවූයේ මෙම සඟරාවෙහිය.


මෙතැන් සිට ඔහු නොකඩවා ග්රහන්ථකරණයෙහි යෙදුනේ බොහෝ නට්යෙ, කවි, ලිවිය. ඔහු ලියු ‘කතික’ යන පොතේ ශෛලිය කෙරෙහි වංග නපණ්ඩිතයෝ උරණ වූහ. බො‍හෝ පරීක්ෂණවලදි වියරණ රිති අනුව වාක්යූ නිවැරදි කරන ලෙස ශිෂ්යෂයන්ට ඉදිරිපත් කිරිම සඳහා පාඨ තෝරා ගන්නා ලද්දේ මෙම ග්රවන්ථයෙනි.


තත්වය මෙසේ වුවත් රබින්ද්රසනාත් කළ සාහිත්යප සේවයට ගෞරව වශයෙන් උපාධියක් පිරිනැමිය යුතුයයි මේ කාලයේ ‍යෝජනාවක් මතුවිය. ඊට විරුඬව නැගි සිටි පුවත් පත් ඔහු වංග භාෂාව වරදවා ලියන්නකු වශයෙන් පෙන්නා දෙන ලදි. තාගෝර්ට විශ්ව විද්යා්ලයෙන් සාහිත්යල පිළිබඳ උපාධියක් පිරිනැමීමට යෝජනා කළ අවස්ථාවේ ඔහු වංග භාෂාවෙහි විශාරදයෙකු නොවන නිසා සෙනෙට් සභාව ඊට විරුඬ වුවාය.


1901 තාගෝර් ජිවිතයෙහි වැදගත් අවුරුද්දක් විය. ඔහුගේ සිතේ සිහිනයක් මෙන් පැවැති ‘ශාන්තිනිකෙතනය’ පිහිටුවන ලද්දේ මෙම වර්ෂැයේදිය. එදා ශිෂ්යයයන් පස් දෙනෙකුගෙන් පටන් ගත් මෙම විද්යාෂපිඨය අද මහා විශ්ව විද්යාාලයක් බපවට පත්වි අත්තේ රවින්ද්ර‍නාත් තාගෝර්ගේ දැඩි උත්සාහයේ ප්රවතිඵලයක් වශයෙනි.


තා‍ගෝර් කවියටම සිමා නොවිය. දෙශපාලන කටයුතු කෙරෙහිද සිත යොමු කෙළේය. වංග දෙශය දෙකට බෙදිමට යෝජනා කළ අවස්ථාවේ දි ඉට විරුද්ධව තා‍ාගෝර් නැගි සිටියේය.


1912 වර්ෂ.යේදි තා‍ගෝර් නැවතත් එංගලන්තය බලා ගියේය. තමා විසින් ලියන ලද ග්රරන්ථ කිපයක්ම එහිදි ඉංග්රිඑසියට නගා පළ කෙළේය. ඒවා කියවූ අපරදිග ජනයා ඔහු තුළ ඇති නිර්මාණ ශක්තිය දැක මවිතවූහ. එයින් ඔහුගේ කීර්තිය බටහිර ලොකය පුරා පැතිර ගියේය.

පෙරළා පැමිණ තාගෝර්ට 1913 දි සාහිත්යඇ පිළිබඳව නොබෙල් ත්යාාගයක් හිමිවිය. ඔහු විසින් රචනා කරන ලද ‘ගිතාංජලි’ නම් භක්ති ගිත ග්රාන්ථය වෙනුවෙන් කෙළ මේ ගෞරවය නිසා ඇස් ඇරුණු කල්කටා විශ්ව විද්යා ලයද ඔහුට මහාචාය්ය්ෞරව ගෞරව උපාධි පිරිනැමිය.


ඉංග්රියසි යට පෙරළන ලද ‘ගිතාංජලි’ ග්රයන්ථයේ පිටපත් දහස් ගණනින් අලෙවි විය. එය නොයෙක් භාෂාවලට පරිවර්තනය කිරිමද සිදු විය.


දෙශාටනයෙහි ආශා ඇති තාගෝර් ජපානය, ප්රංකසය, ඇමෙරිකාව, ස්විඩනය, ඩෙන්මාකය, රුසියාව, ජර්මනිය, මලයාව, චිනය, ආදි රට රටවල සංචාරය කෙළේය.


ශාන්තිනිකෙතනය මහා විද්යාආලයක් බවට දියුණුවිමත් සමඟ ‘ගුරු දෙව’ යන නාමය හිමිවූ තා‍ගෝර් මහා කවියාට 1940 වර්‍ෂයේදි ලංඩනයේ ඔක්ස්පොඩ් විශ්ව විද්යාබලය මගින් සාහිත්ය9 පිළිබඳ මහා උපාධිය පිරිනමන ලදි. මද කාලයක් අසනිප ගතියෙන් විසූ ගුරු දෙවයෝ පෙර අපර අපර දෙදිග රසිකයින් සං‍වේගයට පත් කරමින් 1941 අගෝස්තු 7 වෙනිදා සදහටම නිහඬ වූහ.